මිත්‍රත්වයේ සළකුණු……

අප ඇවිදින පොළව මතම ඇවිදින ඔවුන් අපේ දෙනෙත් මානයට වඩා පහතින් සිටියි.
අපට වඩා නිහඬවත්.
විටෙක අපට වඩා රළුව මෙන්ම අපට වඩා සංවේදීවත් ජීවත්වෙයි.
බොහෝ විට අඳුරු මුල්ලක සිටින පාරේ කැවිලි කා, දඩාවතේ යන සුනඛයෙකු අපේ ඇස් මානයෙන් ප‍්‍රතික්ෂේප වෙයි. ඔවුන් ගැන මතකයක් අපට නැත. ප‍්‍රාර්ථනාවන් ද නොමැත.
එබැවින් ඔවුන් අපට ආදරය කරන සැටි, ගරු කරන සැටි අපගේ නිරීක්ෂණයෙන් දුරස්වේ. සතුන්ට ආදරය කිරීම ඔවුන්ට ගෞරව කිරීම, මිනිස් කාරණාවක් වන්නේ ඒ සමාජය කෙතරම් සංවේදී ද යන කරුණට සාපේක්ෂව ය.


පහත පළවන්නේ ‍වෛද්‍ය  නෙලුම් විජේසිංහ සමග කළ කතා බහකි.

සුනඛයෙක් කියලා කියන්නේ කවුද?

කකුල් හතර පොළොවේ තියලා ඇවිදින මනුස්සයෙක් කිව්වොත් නිවැරදියි.
ඔවුන්ට දැනෙන හැඟීම්,දැනීම් මනුස්සයෙක් හා සමානයි. ජීව විද්‍යාත්මකව ගත්තොත්,
බල්ලෙක්ව කෙලින් හිටෙව්වොත් අපේ බොඩි ෆන්ෂන් එකේ තිබෙන සෑම ක‍්‍රියාකාරිත්වයක්ම, ඔවුන්ටත් ඒ විදහටම තිබෙනවා. බෙහෙත් පවා සමානයි. සමහර අවස්ථා තිබෙනවා ඔවුන් තුළ ඇති රසායනික තත්ත්වයන් හි වෙනස්කම් අනුව, දෙන බෙහෙත් වල වෙනස් වීම් ඇති වෙනවා. ඔවුන් කන දේවල් ඇඟට දිරවලා, ඒකෙන් ඇතිවන ශක්තිය මත කරන ක‍්‍රියාකාරකමකට පෙළඹෙන හැටි අපි වගේම තමයි, නමුත් සිතීමේ ස්වභාවය,ශක්තිය, ආකාරය අපට වඩා වෙනස්. ඒ ක‍්‍රියාවලිය මිනිසාගේ වගේමයි. නමුත් ඒ සිතීමේ ශක්තිය පුද්ගලයින්ට වඩා වෙනස්. මනුස්සයෙක්ගේ සිතීමේ ශක්තිය ගොඩාක් දියුණුයි. නමුත් සුනඛයින්ට ඒ ප‍්‍රමාණයටම සිතන්නට බැහැ. ඔවුන්ට කතා කරන්ඩ බැහැ. ඒ අයට තිබෙන්නේ වෙනත් භාෂාවක්, ඒ භාෂාවේ දී වුණත් එයාලා වෙන වෙන හැඟීම් වලදී ශබ්ද පාවිච්චි කරනවා. අපි කතා කරන්නේ අපිට අකුරු, වචන තිබෙන හින්දනේ. එයාලට ඒවා නැති වුණාට ඔවුන්ගේ ලෝකයට අදාළව වචන අකුරු තිබෙනවා. ඒ වලින් ඔවුන් කතා කරන දෙය අපට තෙරේන්නේ නැහැ. අපි සමහර විට ඒ අතින් නොදැනුවත්. නමුත් අපි කතා කරන දේ ඒ ගොල්ලන්ට තේරෙනවා. ඔවුන් ඉපදෙනකොට ඉංග‍්‍රීසිවත් සිංහලවත් නෙමෙයි. නමුත් අපි ඉංග‍්‍රීසියෙන් කතා කලත් සිංහලෙන් කතා කළත් ඔවුන්ට තේරෙනවා. අපට වැඩිය තේරුම් ගැනීමේ ශක්තිය ඒ ගොල්ලන්ට තිබෙනවා. නමුත් මනුස්සයින්ට බැහැ එයාලගේ භාෂාව තේරුම් ගන්ඩ. අපේ අවශ්‍යත්වයන් වන, ආදරය, කරුණාව හැඟීම් වේදනාව වගේ දේවල් එයාලටත් දැනෙනවා.
ඒගොල්ලන්ට ඇහෙන දෙයින් පෙනෙන දෙයින් තමයි අපේ දේවල් තේරුම් ගන්නේ. හුඟාක් වෙලාවට අපි දෙයක් දීමට අත පාවිච්චි කරනවා, වචන පාවිච්චි කරනවා. ඒවා ඒ විදහට ඔවුන් තේරුම් ගන්නවා. අපි ඔවුන්ට කන්ඩ කතා කරන ක‍්‍රමයක්,එහි රටාවක් තියෙනවා නම් ඔවුන් ඒ ශබ්දය අනුක‍්‍රමනය කරලා ඒක වටහා ගන්නවා.
සුනඛයින් හා මිනිස් ඇසුර විවිධ හේතූන් මත පවතිනවා.

මිනිසුන් හා සුනඛයින් අතර ඇත්තේ උපයෝගීතා සම්බන්ධයක් ද ? ඔබ මොකක් ද හිතන්නේ?

ගොඩාක් වෙලාවට බල්ලෙක් ගෙදරට හදන්න  ඕනා කියන හැඟීම එන්නේ ආරක්ෂාව මූලික කරගෙන. ඡුැඑ කියන එක එන්නේ පස්සේයි. ආරක්ෂකයෙකුට පඩි දෙනවට වැඩිය තමන් ආදරෙන් හදන බල්ලා විශ්වාසයි. සුනඛයින් තමන්ට කන්ඩ බොන්ඩ දෙන කෙනාට ගොඩාක් එකතුයි. එතකොට එයා තමන්ව හදන කෙනාව ආරක්ෂා කරන්ඩ බලනවා. ගොඩාක් වෙලාවට ලොකු බල්ලෙක් හදපුවාම කෙනෙක් ලේසියෙන් එන්නේ නැහැ. සමහර විට ඒ බල්ලා හපාකන්නේ නැති වෙන්ඩ පුලූවන්, නමුත් දැක්කහම බයයි. බල්ලෙක් හදන දෙවන කාරණය තමයි, පොඩි අයගේ අවශ්‍යතාවය. එයාලට තේරුමක් නැහැ මෙයා අපිව ආරක්ෂා කරනව ද නැද්ද කියලා. පාරේ හෝ කොතැනක හෝ බලු පැටවුන්ව දැක්කහම එයාලට ආසා හිතෙනවා, ඒක හරියට පණ ඇති සෙල්ලම් බඩුවක් ලංකර ගන්නවා වගේ දෙයක්. සමහර අවස්ථා වල අම්මලා තාත්තලා ආසා නැති වෙන්ඩ පුලූවන්. පොඩි අය ඉල්ලන නිසා පපී කෙනෙක් ගේන්ඩ වෙන අවස්ථා තියෙනවා.
අනිත් කාරණය තමයි තමන්ගේ තනියට පාලූවට මිත‍්‍රයෙක් වගේ තියාගන්ඩ බල්ලෙක් හදන එක. මිනිස් ඇසුරකට වඩා කන්ඩ බොන්ඩ දීලා බල්ලෙක් ඇතිකරගන්න එක සමහර වෙලාවට මනුස්සයාට වඩා හොඳයි කියලා හිතන වෙලාවල් තිබෙන්ඩ පුලූවන්.
ඊළඟ කාරණය තමයි ‘අනුකම්පාව’. පාරේ ඉන්න බල්ලෝ දුක්විඳිනවා. ඒ අයට කරුණාව දක්වන නිසා බල්ලාව ගෙදරට ගේනවා.
අනිත් ප‍්‍රධාන අරමුණ තමයි සුනඛයින් වෙළදාම සඳහා ඇතිකිරීම.

මිනිසුන් බල්ලන්ට ආදරය කරුණාව දැක්වීමේ දී විශේෂ තා තිබෙනවා ද ?

කාන්තාවන් සහ පුංචි දරුවන් තමයි ඔවුන්ට වැඩියෙන් කිට්ටු වෙන්නේ. පිරිමි අය බොහෝ විට ඒක ඩියුටි එකක් හැටියට තමයි කරන්නේ,නමුත් ආදරේ කරන අය ඉන්නවා. ඒ වගේම පවුලක නම් දරුවන් තමයි, ගොඩාක් එකතු වෙන්නේ, එයාලා පවුලෙන් වෙන් වෙනකම් වුවත්, ඔවුන් ගෙදර සිටින සුනඛයින්ට ගොඩාක් ආදරය දක්වනවා.
මිනිස් ඇසුරෙහි සිටින සුනඛයින් විවිධ ක‍්‍රියාකාරකම් වලට දක්ෂතා පෙන්වනවා. මිනිසුන්ගේ වැඩ වලට සහය දක්වනවා. එයින් ඇ`ගවෙන්නේ සුනඛයින්ට සිතීමේ හැකියාවක් තිබෙනවා කියලද ? ඔවුන්ට මිනිසුන්ගේ වගේ හැඟීම් දැනෙනවා ද ?
ඒක උපකල්පනය කරන්න තියෙන හොඳම දේ සුනඛයින් තමන්ව බලා ගන්න කෙනාට වැඩියෙන් ආදරේ කරන එක. ගෙදරක තමන්ට කන්ඩ දෙන කෙනාව හපා කන අවස්ථා හරිම අඩුයි. යම් හේතුවක් නිසා ගෙදර ඉන්න අයව තරහට හැපුවත් තමන්ට වැඩියෙන් ආදරේ කරන කෙනාව බරපතල විදිහට හපා කන්නේ නෑ. ඒ ගොල්ලො මනස පාවිච්චි කරන විදිහ තමයි ඒ. උදාහරණයක් විදිහට ගෙදරක මළ ගෙයක් වුණොත් සුනඛයින් කෑම ඉල්ලලා අ`ඩන්නේ නෑ. කෑමට එන්නෙත් නෑ. ගෙදර කොහේ හරි තැනකට වෙලා ඉන්නවා. සමහර අය කියනවා තමන්ගේ ස්වාමියා නැති වුණහම සුනඛයින් දේහය අසලට වී ඉන්නවා කියලා. ඒ වගේම සුනඛයින්ගේ ඇස් වලින් කªලූ එනවා. ඒ කියන්නේ මිනිසුන්ගේ ජීවිතේ සංවේදී අවස්ථා ඒ ගොල්ලන්ට දැනෙනවා. අපිට තරහෙන් ඉන්න වෙලාවකදීත් ඒ ගොල්ලන්ට එක හොඳට තේරෙනවා. ඒ වගේම අපි එයාලව සුරතල් කරන්ඩ අඩ ගැහුවොත්, ඒ වෙලාවට කොහොම ද ? එයාලා හීන් සද්දයක් පිටකරනවා, ඇගට ළංවෙනවා. එහෙම නැත්නම් අපි වැඩිය ගණන් ගත්තේ නැත්නම් එයාලා ඈත් වෙලා ඉන්නවා. ඒක සුනඛයින්ගෙන් සුනඛයින්ට වෙනස්. නමුත් එයාලා අපේ හැඟීම් වලට ප‍්‍රතිචාර දක්වනවා. තවත් උදාහරණයක් තමයි, ගෙදරට තවත් බල්ලෙක් අලූතෙන් හරි පිටින් හරි ආවාත් එයාලගේ හැසිරීම. තමන්ගේ ස්වාමියාට අලූත් කෙනා ලංවෙනවාට කැමති නෑ. එතකොට තරහා වෙනවා. නැත්නම් කෑම නොකා ඉන්නවා. ඒගොල්ලෝ එහෙම කරනවා.

සුනඛයින්ට ඇදුම් ඇන්දවීම, ඔවුන්ගේ නැට්ට කැපීම, බූල් කපා හැඩ කිරීම වගේ දේවල් කරන්නේ ඔවුන්ගේ ස්වභාවිකත්වය වෙනස් කර මිනිසුන්ට සමාන කිරීමේ අවශ්‍යතාවයකින් ද?

ඒ හැම දෙයක්ම සුනඛයින්ට කරදරයක් තමා. ඒ වගේ දේවල් මෙහෙට පුරුදු වුණේ
පිටරටින්. ඇඳුම් ඇන්දවීම වගේ දේවල් දැන් පිටරටත් අඩුවේගෙන එනවා.
නැට්ට කපන එක පටන් ගත්තේ ඔවුන්ව ාදට ියදඅි වලට ගෙනියන්ඩ ලස්සන කරන්ඩ. දැන් ඒකත් අඩුයි, නමුත් ලංකාවේ අය ඒක ඉගෙන ගන්නේ ටික ටික. දැන් බූල් වගේ දේවල් කපන එක පිරිසිදුකම සඳහා නම් ප‍්‍රශ්නයක් නැහැ. නමුත් ඒක අනවශ්‍ය විදිහට කපනකොට සතාට හිරිහැරයක්.
දැන් සුනඛයින්ගේ නහය කිට්ටුව තිබෙනවා මයිල් කොටසක් දික්වෙලා, ඒකේ තියෙනවා ස්මෙල් එකක්. එයාලා එක්ක වැඩිපුර ගැවසෙන, ආදරේ කරන කෙනාව හඳුනගැනීමට ඒ කොටස අවශ්‍යයයි. සමහරුන් ලස්සනට කියලා ඒකත් කපලා දානවා, එතකොට එයාලට හඳුනාගැනීම සඳහා තිබෙන සංවේදීකම අඩුවෙනවා. දැන්නම් සත්තුන්ගේ පැත්තෙන් මිනිස්සු හිතන්ඩ පටන් අරගෙන තිබෙනවා.

ඒ නිසා එවැනි දේ අඩුවේගෙන එනවා. අපේ ලංකාවේ දී බහුලව සිදුවන දේ තමයි නැට්ට කපන එක. මොකද සුනඛයින් අළෙවිය සඳහා හදන නිසා. දැන් ‘රොට් වයලරි’ කෙනෙක් නම් එයාගේ නැට්ට කැපුවේ නැත්නම් රු 10000 කටවත් දෙන්ඩ බෑ. එහෙම අයට අපිට මොකුත් කියන්ඩ බෑ. හේතුව එයා ඒ පැටියව ගන්නේ හුඟක් වියදම් කරලා, ඊට පස්සේ ඒ පැටවුන්ව විකුණන්ඩ නම් ඒ විදිහට ලස්සන කරන්ඩ  ඕනා. ඒ නිසා නැට්ට කපනවා. අපි පුළුවන් තරම් කියලා දෙනවා. මේක කරන්ඩ එපා, දැන් පිටරටවලත් මේක නවත්වලා තියෙන්නේ කියලා. නමුත් තාම ඒක නැවතිලා නෑ.

අප ඔවුන්ව නිරීක්ෂණය කළ යුතු ද?
දවසකට දෙහෙකට සැරයක්වත් කන් දෙක ඇතුළ බලන්ඩ  ඕනා. නාවලා ඉවර වෙලා බලන්ඩ ඒනා. සුමානයකට සැරයක්වත් නාවන්ඩ  ඕනා, ඒ නාවන වෙලාවට සමේ මොනවා හරි තියෙනවා ද කියලා බලන්ඩ  ඕනා. සමේ මොනවාහරි ගැලවීගෙන යනවාද නැත්නම් කිනිතුල්ලෝ ඉන්නව ද කියලා බලන්ඩ  ඕනා. අනිත් ප‍්‍රධාන දේ තමයි එයාලගේ අසූචි නිරීක්ෂණය කරන එක. සමහර වෙලාවට එයාලට ඩයරියා තිබෙන්ඩ පුලූවන්.
නමුත් අපි දන්නේ නෑ. ඇගේ වතුර ටික මළපහ සමඟ දියට ගියොත් හොඳටම දුර්වල වෙනවා. නමුත් බල්ලෙක් නිසා ඒක පෙන්නන්නේ නෑ. එක දවසක් බඩ බුරුලට ගියා කියලා වැටෙන්නේ නෑ. මිනිස්සුන්ට වඩා ඇගේ හය්යෙන් ටික දවසක් ඉන්නවා. එයාලගේ දරා ගැනීමේ හැකියාව ගොඩාක් වැඩියි. එයාලම ඒයාලව හොද කරගන්ඩ බලනවා. මොකද ඔවුන් කැලේ සත්තු. තණකොල කාලා සමහර ලෙඩ හොඳ කර ගන්නවා. එයාලට ස්වභාවික දැනීමක් තිබෙනවා.
නමුත් අපි බල්ලන්ව ගෙදරට ගෙනත් හදන නිසා ඒ ගොල්ලන්ට ඒ දේවල් ස්වභාවිකව
හොයා ගන්ඩ විදිහක් නෑ. අනිත් එක අපේ ගෙවල් වල තියෙන්නේ මල් පැල, නැත්තම්
සිමෙන්ති දාලා තියෙන්නේ.
පණු බේත් වුණත් වේලාවට දෙන්ඩ  ඕනා. මොකද පණුවෙක් ඉන්නව ද කියන එක අපිට බලන්ඩ බැහැනේ. ඒ නිසා වෙලාවට දෙන එක හොඳයි. පණු බෙහෙත් වුණත්

ඒ අය කැලෑවේ ඉන්නවා නම් වෙලාවට කාලා ඒකට ප‍්‍රතිකාර කර ගන්නවා. අනිත් එක තමා පිරිසිදු කෑම වේල ලැබෙන එක. ගොඩාක් වෙලාවට අපේ ඔෆිස් යන අය කරන්නේ උදේ 6.00 කිරි එක දාලා යනවා, කනවා ද නැද්ද කියලා බලන්ඩ වෙලා නෑ. සමහර වෙලාවට කිරි එක නරක් වෙනවා දවල් වෙද්දී. ඒ වගේම තමයි අවශ්‍ය එන්නත් වෙලාවට ලබාදීම. ඒකත් අපට වගේම සුනඛයින්ටත් අත්‍යවශ්‍යයයි.

www.meepura.com

About meepurawayamba

Check Also

නානසාර

චණ්ඩි සාදුලාගේ සංහිඳියා නාඩගම

  බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර ඇතුළු ‘චණ්ඩි සාදුලා’ පිරිසක් පසුගිය ...