Friday, April 26, 2024

මගුල් කාර් දෙකක් අඹන්පොළදී එකට හැප්පෙයි. මනාලයා ඇතුලු හතක් රෝහලේ !

Must read

විවාහ මංගල්‍යක් සදහා  පැමිණෙමින් සිටි  මනාල පිරිසක් රැගත් මෝටර් රථයක් සහ  ජීප් රථයක් මුහුණට මුහුණ ලා ගැටීමෙන්  අඹන්පොළ, කිරිමැටියාව හන්දිය ආසන්නයේදී සිදු වූ අනතුරකින් තුවාල ලැබූ මනාලයා ඇතුලු හත්දෙනෙකු අද ( 18 දා) අලුයම රෝහල්ගත කරනු ලැබූහ.

මෙලෙස අනතුරට පත්වූයේ ගල්ගමුව, හේරත්ගම ප්‍රදේශයේ සිට රිදීගම ප්‍රදේශයේ පැවැති විවාහ මංගල උත්සවයකට පැමිණෙමින් සිටි මනාල පිරිසක්  රැගත් මෝටර් රථයක් සහ  රාජාංගණය ප්‍රදේශයේ පැවැති විවාහ මංගල උත්සවයකට සහභාගිවීමට යමින් සිටි දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් රැගත් ජීප් රථයකි.

අද අලුයම 5.40 ට පමණ සිදු වූ බව කියන මෙම අනතුරින් තුවාල ලැබූ මනාලයා, දෙවැනි මනාලයා, මල් කුමාරවරුන්, රියදුරන් දෙදෙනා ඇතුලු හත්දෙනෙකු අඹන්පොළ ග්‍රාමීය රෝහලට ඇතුළත්කිරීමෙන් පසුව ඉන් පස්දෙනෙකුගේ තත්වය බරපතලවීම හේතුවෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබේ.

ජීප් රථයේ රියදුරුට නින්දයාම හේතුවෙන් අනතුර සිදු වී ඇති බවට ඒ පිළිබදව පරීක්ෂණ පවත්වන අඹන්පොල පොලිසිය සැකකරයි.

ගල්ගමුව වයඹ ටුඩේ වාර්තාකරු

Exif_JPEG_420

Exif_JPEG_420

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article