Friday, April 26, 2024

කිරි කළේට ගොම හැළියක්ම දමාගත් බන්ධනාගාර මහත්තුරු !

Must read

පොසොන් පුන් පොහොය නිමිත්තෙන් කුරුණෑගල බන්ධනාගාර සිර මැදිරියේ කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කර ඇති කඩල දන්සැලක් අද පස්වරුවේ කුරුණෑගල බන්ධනාගාර සිර මැදිරිය අසලදී පැවැත්වීමට නියමිතව තිබේ.

වැරදිකරුවන් සුමගට යොමුකිරීමේ සුවිසල් කාර්යභාරයක් පැවරී ඇති බන්ධනාගාර නිලධාරීන් විසින් මෙවැනි පින්කමක් සංවිධානය කිරීම අගය කළ යුතු නමුත් අදාල දන්සැල ගැන පූර්ව ප්‍රචාරයක් දෙන්නට ගොස් ඒ සමාන අකටයුත්තක් හෙවත් කිරි කළේට ගොම හැළියක්ම එකතු කර ඇති බවද කුරුණෑගල නගරවාසීහු කියති.

මන්ද අදාළ කඩල දන්සැල ගැන කියැවෙන ඩිජිටල් බැනරයක් ඇණගසා එල්ලීම සදහා බන්ධනාගාර නිලධාරීන් විසින් යොදාගෙන පන්සිය පනස් ජාතක පොත් වහන්සේ කුරුණෑගලට වැඩම කළ ආකාරය දැක්වෙන ඓතිහාසික බිතු සිතුවම නිර්මාණය කර ඇති බිත්තිය වීමයි.

කුරුණෑගල නගරයේ අනන්‍යතාවය පෙන්නුම් කරන මෙන්ම ලාංකිය බිතු සිතුවම් කලාවේ සුවිශේෂි ස්ථානයක් සනිටුහන් කරන මෙම චිත්‍රය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා වයඹ ප්‍රධාන අමාත්‍ය ධූරය හොබවමින් සිටි කාලයේ නිර්මාණය වූවකි. පසුකාලීනව ඒ පිළිබදව පළාත් සභාවේ හෝ වගකිවයුතු ආයතනයක අවධානය යොමුනොවීමෙන් අද වන විට එම බිතු සිතුවම අභාවයට යමින් ඇති බවද සත්‍යයකි. කුරුණෑගල බන්ධනාගාර සිර මැදිරි භුමියටය අයත් බව කියන මෙම බිතු සිතුවම සහිත බිත්තියද ඉදිරි මාර්ග නවීකරණ කටයුතුවලට සමගාමීව කඩා ඉවත්කරන බවද කියැවෙමින් තිබේ.

කෙසේවෙතත් ඒ කිසිදු කාරණාවකින් මෙම බිතු සිතුවම මත ඇණගසා බැනර් එල්ලීමට තරම් සාධාරණීකරණය කළ හැකි නොවේ. මන්ද අද වන විට මෙය විනාශමුඛයට ඇද වැටී ඇතත් එය දශක ගණනක් තිස්සේ කුරුණෑගලට පමණක් නොව වයඹ පළාතටම අභිමානයක් ගෙනදෙමින් නගරය එළිය කළ නිර්මාණයකි. අනෙක් අතට වයඹ පළාතේ කලාකරුවන් විසින් සිය දහදිය මහන්සිය සහ කාලය කැපකරමින් මාස ගණනාවක් තිස්සේ සීරුවට ගොඩ නැගු නිර්මාණයක්ද වන බැවිනි. අද වන විට බන්ධනාගාර නිලධාරීන් විසින් ඇණ ගසා විනාශ කරමින් ඉන්නේ ඉතිහාසයක් සහිත සිතුවමක් වීම කණගාටුවට කරුණකි.prison_1 prison_2 prison_4 prison_3

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article