Friday, April 26, 2024

වාරියපොල සමූප ඡන්දෙට මහින්දත් ?

Must read

co_op_election_wariyapola_1ලබන 26 වැනිදා පැවැත්වීමට නියමිත වාරියපොල විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණය සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක්ද තරග කරන බව ඇගවෙන අයුරින් මුද්‍රණය කළ අත්පත්‍රිකා සහ පෝස්ටර් වාරියපොළ සමූපකාර බල ප්‍රදේශය පුරා බෙදාහැරෙමින් ඇති බව ජනතාව කියති.

පහත දැක්වෙන්නේ මිනුවන්ගැටේ, එබවලපිටිය සමූපකාර ප‍්‍රාදේශිකය සදහා තරග වදින අපේක්ෂක පිරිසක් විසින් මුද්‍රණය කර එලෙස බෙදාහරිමින් සිටින අත්පත්‍රිකා කිහිපයකි.

මහින්ද රාජපක්ෂ මහතා විසින් ඔහුගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සදහා යොදාගත් ඡායාරූප, වර්ණ සහ හැඩතල සහිතව මුද්‍රණය වී ඇති ඉන් එක් පත්‍රිකාවක දැක්වෙන්නේ “සමූපකාර නිලවරණය, මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කණ්ඩායම “ යනුවෙනි. තවත් අත්පත්‍රිකාවක දැක්වෙන්නේ “ මහින්ද සමග යළි පිබිදෙන වාරියපොල සමූපකාර කණ්ඩායම දිනවමු “ යනුවෙනි.

ඉහත ප්‍රකාශයන් සලකා බැලුවහොත් වාරියපොළ සමූපකාරයට තරග කරන්නේ “මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කණ්ඩායම“නම් හිටපු ජනාධිපතිවරයා අනිවාර්යෙන්ම එහි නායකයා මෙන්ම සාමාජිකයෙකුද විය යුතුය. අනෙක් අතට මහින්ද සමග වාරියපොල සමූපකාරය යළි පුබුදුවන්නට නම් මහින්ද රාජපක්ෂ මහතා වාරියපොළ සමූපකාරයේ මුල් පුටුවකටද පත් විය යුතුය. එබැවින් මහින්ද රාජපක්ෂ මහතා ලබන 26 වැනිදා පැවැත්වීමට නියමිත වාරියපොල විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණය සදහා තරග කරනු ඇතිදැයි සාධාරණ සැකයක් මතුවන බව වාරියපොළ ජනතාව දැන් කියති.

පසුසටහන

මහින්ද රාජපක්‍ෂ යනු දශකයට අධික කාලයක් තිස්සේ මෙරට රාජ්‍ය නායකත්වය හෙබවූ අයෙකි. අඩුපාඩුකම් සහ වැරදි ගණනාවක් පවතින නමුත් ඔහුගේ පාලනය සමයේදීත් රට උදෙසා යම් මෙහෙවරක් සිදු වූ බව අවිවාදිතය. නමුත් එවැනි නායකත්වයක් සහිත අතීතයකින් හෙබි මහින්ද තම ගෝල බාලයින්ට ගමේ සමූපකාර ඡන්දයට පවා තමන් අලෙවිකරගැනීමට ඉඩදී මුනිවත රකින්නේ ඇයිදැයි ඇත්තේ ගැටලුවකි.

පොල්පිතිගම බණ්ඩාර තල්පත්වැවco_op_election_wariyapola_2 co_op_election_wariyapola_3

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article