Friday, April 26, 2024

මල්පිටියේ වාහන අංගනයක මුරකරුවෙකු කණුවක බැද මරා දමලා.

Must read

malpitiya_murderකුරුණෑගල, මල්පිටිය ප‍්‍රදේශයේ පිහිටි වාහන අමතර කොටස් අලෙවිකරන අංගනයක සේවයේ යෙදී සිටි මුරකරුවෙකු ඊයේ (12 දා ) රාත‍්‍රියේදී නාදුනන පිරිසක් විසින් ඝාතනය කර ඇතැයි පොතුහැර පොලිසිය කියයි.

මෙලෙස ඝාතනය කර ඇත්තේ කුරුණෑගල, තෝරයාය, ප‍්‍රදේශයේ පදිංචි ටී. ඩී. සද්ධාතිස්ස නැමැති 66 හැවිරිදි පුද්ගලයෙකි. මෙම පුද්ගලයා මාස අටක පමණ කාලයක් තිස්සේ මෙම වාහන අමතර කොටස් අංගනයේ සේවයේ යෙදී ඇති බව පොලිසිය කියයි.

වාහන අංගනයේ වැටෙහි එක් ස්ථානයකින් අංගනයට ඇතුලු වී ඇති නාදුනන පිරිස විසින් මුරකරු අල්ලාගෙන ඔහුගේ නාසය, මුහුණ පවා තද වන අයුරින් වාහන අංගනයේ පිහිටි යකඩ කණුවකට තබා තදින් බැද ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. පැමිණි පිරිස වාහන අංගනයේ කාර්යාලයට ඇතුලු වී එහි තිබූ ආරක්ෂිත කැමරා දත්ත සටහන් වන ඩී වී ආර් යන්ත‍්‍රයද පැහැරගෙන ගොස් ඇති බවත්, බැකෝ යන්ත‍්‍රයක අමතර කොටස් කිහිපයක්ද සොරාගෙන ගොස් ඇති බවත් පොලිසිය කියයි.

අද උදෑසන වාහන අංගනය ව්‍යාපාරික කටයුතු සදහා විවෘත කිරීමට පැමිණි එහි කළමණාකරු විසින් මුරකරු යකඩ කණුවක බැද මියගොස් සිටින අයුරු දැකීමෙන් අනතුරුව ඒ බව පොලිසියට දැනුම් දී තිබේ. ඒ අනුව එහි පැමිණි පොතුහැර පොලිසියේ නිලධාරිහු පරීක්ෂණ ආරම්භ කළ අතර අද ( 13 දා) දහවල් අපරාධය සිදු වූ ස්ථානයට පැමිණි පොල්ගහවෙල වැඩබලන මහේස්ත‍්‍රාත් පද්මසිරි හේරත් මහතා සිද්ධිය පිළිබද ස්ථානීය පරීක්ෂණය පැවැත්වීය. පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සදහා මෘතදේහය කුරුණෑගල අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යවන ලෙසට වැඩබලන මහේස්ත‍්‍රාත්වරයා එහිදී නියම කළේය. පුද්ගලික ආරවුලක් මත හෝ සොරකම් කිරීමේ චේතනාවෙන් මෙම පුද්ගලයා ඝාතනය කර ඇති බවට සැකකෙරන අතර පොතුහැර පොලිසිය ඒ පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ඝාතනය සිදු වූ වාහන අංගනයmalpitiya_murder_1 malpitiya_murder_2 malpitiya_murder_3
ඝාතනය කළ පුද්ගලයාගේ මළ සිරුර malpitiya_murder_4
 මහේස්ත‍්‍රාත් පරීක්ෂණය පැවැත් වූ අයුරුmalpitiya_murder_5
ඝාතකයින් පිළිබද හෝඩුවාවක් ලබාගැනීමට පොලිස් සුනඛයින් යොදවා තිබූ අයුරුmalpitiya_murder_6
ඇගිලි සළකුණු පරීක්ෂා කරමින්.malpitiya_murder_7

බැකෝ යන්ත්‍රයකින් ගලවා තිබූ  කොටස්malpitiya_murder_8malpitiya_murder_9

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article