Friday, April 26, 2024

තිරසර ලංකා – ජාතික මංගල්‍යය වාර්තාගත ජන සහභාගිත්වයක් තිරසර සංවර්ධන ඉලක්ක සමඟ එක්වේ

Must read

01-44-1024x530ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන වස විස නැති රටක් තුන් අවුරුදු  සැලැස්මට සහ එක්සත් ජාතීන් විසින් තිරසර සංවර්ධනය සඳහා ප්‍රකාශයට පත් කර ඇති තිරසර සංවර්ධන ඉලක්කවලට සමගාමීව සංවිධානය කළ ‘‘තිරසර ලංකා – ජාතික මංගල්‍යය’’ මාර්තු 31 වැනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන් ප්‍රමුඛ මැති ඇමැතිවරුන් විසින් සමාරම්භ කරන ලදී. අද (03* එහි සිව්වැනි දිනයයි.
ප්‍රදර්ශනයේ දින 05 එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්කවලට වෙන් කර ඇති අතර ඒ එක් එක් දිනය සඳහා වෙන්වූ තේමාවන් ද විවිධ වෙයි. මේ අනුව පළමු දිනය ‘‘යහපත් දිවියක්’’ යන තේමාව යටතේ නම් කර තිබූ අතර වස විස නැති ආහාර, නිරෝගී ජනතාවක් සහ සකසුරුවම් පුරවැසියෙක් යන එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක ඊට ඇතුළත් විය. දෙවැනි දිනය ‘‘තිරසර ජීවනෝපායක්’’ යටතේ පැවැත්විය. දුප්පත්කම අවසන් කිරීම, හරිත රැකියා සහ තිරසර කර්මාන්ත යන ඉලක්ක සඳහා එදින ප්‍රමුඛත්වය ලබා දෙන ලදී. තෙවැනි දිනය ‘‘සොබාදහමට ඉඩක්’’ ලෙස නම් කර තිබිණි. පිරිසිදු වතුර, දේශගුණය රැකෙන මඟක්, ජීවීන්ටත් සාධාරණ ඉඩක්, වස විස නැති මහ මුහුදක් යන කරුණු ඊට ඇතුළත් විය. තිරසර ලංකා ජාතික මංගල්‍යය ප්‍රදර්ශනයේ වාර්තාගත ජන සහභාගිත්වය මෙදින (03 ඉරිදා) සිදුවූ අතර මේ දක්වා ලක්‍ෂ හතරකට වැඩි ජනතාවක් ප්‍රදර්ශන භූමියට පැමිණ ඇත.
සිව්වැනි දිනය එනම් අද දින ‘‘හොඳ අත්තිවාරමක්’’ ලෙස නම් කර ඇත. මෙදින දැනුවත් සමාජයක් හරිත බලශක්තිය, ගැහැනු පිරිමි භේදයක් නැහැ. එක්ව පෙරට ලෙසද පස්වැනි දිනයේ තේමාව වන ‘‘යහපත් සමාජයක්’’ යටතේ සමාජ විෂමතාව තුනී කිරීම, තිරසර පුරවර, සාධාරණ සමාජයක් යන කරුණු සාකච්ඡාවට බඳුන් කෙරේ.
2015 වසරේ සැප්තැම්බර් මාසයේ පැවැති එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධනය පිළිබඳ මහ සමුළුවේදී ප්‍රකාශයට පත්කෙරුණු තිරසර සංවර්ධන ඉලක්ක වන (17) දුප්පත්කම, ගොවිතැන,සෞඛ්‍ය, අධ්‍යාපනය, කාන්තාවන්ට සැලකීම, ජලය, බලශක්තිය, රැකියා, කර්මාන්ත, ඇති නැති පරතරය, ජනාවාස, පරිභෝජනය, දේශගුණික විපර්යාසය, සාගර, ජෛව විවිධත්වය, සාමය සහ පොදු වැඩපිළිවෙළක් සැකසීම යන ක්‍ෂේත්‍ර ආවරණය වන පරිදි තිරසර ලංකා ජාතික මංගල්‍යය පැවැත්වේ. එක් එක් අදාළ අමාත්‍යංශ සහ විවිධ ආයතන විසින් ඉහත සඳහන් එම ඉලක්ක සඳහා වන සිය ක්‍රියාවලිය විදහා දැක්වෙන ආකාරයට ප්‍රදර්ශන කුටි සකසා ඇත.
සෑම දිනකම පෙරවරු. 10.00 සිට රාත්‍රී 10.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා භූමියේදී පැවැත්වෙන අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශනයට සමගාමීව 31 දින සිට 04 වැනිදා දක්වා දින පහේ තේමාවලට අදාළව විශේෂ සම්මන්ත්‍රණ, සාකච්ඡා දේශන ඇතුළු සැමරුම් වැඩසටහන් රැසක් සිදුකෙරේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article