Friday, April 26, 2024

වැලි ලොරියක් සහ ත්‍රීරෝද රථයක් ගැටී අවුරුදු එක හමාරක බිළිදියක ඇතුලු එකම පවුලේ තිදෙනෙකු මරුට.

Must read

boyagane_accident_5වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් කුරුණෑගල, බෝයගනේ ප්‍රදේශයේදී අද  (10 දා) අලුයම සිදු වූ අනතුරකින් එම ත්‍රිරෝද රථයෙහි ගමන් කරමින් සිටි වයස අවුරුදු එක හමාරක බිළිදියක ඇතුලු එකම පවුලේ තිදෙනෙකු එම ස්ථාන‍යේදීම ජීවිතක්ෂයට පත් වූ අතර බරපතල තුවාල ලැබූ තවත් කාන්තාවක් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුලත් කරනු ලැබීය.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ දඹුල්ල, ඉනාමළුව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි. මෙම පිරිස රැගත් ත්‍රිරෝද රථය කොළඹ දෙස සිට දඹුල්ල දෙසට ධාවනය වී ඇති බවත්, වැලි ලොරිය කුරුණෑගල දෙස සිට කොළඹ දෙසට ධාවනය වී ඇති බවත් පොලිසිය කියයි. අද අලුයම 1 ට පමණ බෝයගනේ තෙල් මෝල ඉදිරිපිටදී මෙම වාහන දෙක මුහුණට මුහුණලා ගැටී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. අනතුරින් ත්‍රිරෝද රථය පැද වූ පියා සහ එහි පසුපස අසුනේ ගමන් කරමින් සිටි බිළිදිය සහ ඇගේ මිත්තණිය මියගිය අතර එම අසුනේම ගමන් කරමින් සිටි බිළිදියගේ මව බරපතල තත්වයෙන් රෝහල් ගතකරනු ලැබීය.

 

අනතුරට ලක් වූ ත්‍රිරෝද රථයboyagane_accident_1 boyagane_accident_2
අනතුරට ලක් වූ වැලි ලොරියboyagane_accident_3
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන දිවිගලවාගත් කාන්තාවboyagane_accident_4

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article