Friday, April 26, 2024

කහල්ල පල්ලෙකැලෙන් මුව මස් ගිලින්න බැරිවෙයි !

Must read

deer_meatකහල්ල පල්ලෙකැලේ රක්ෂිතය තුළ ගැවසෙන මුවන් ඇතුලු වනසතුන් දඩයම් කිරීමේ යෙදුණු දඩයක්කරුවන් දෙදෙනෙකු, සතුන් මැරීමට යොදගන්නා තුවක්කුවක් සහ මුව මස් තොගයක්ද සමග ගල්කිරියාගම වනජීවී නිලධාරීන් විසින් අද (07 දා) අත්අඩංගුවට ගත්හ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පලාගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ වලදෙණියාව හා හෙට්ටියාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් ළග තිබී ෂොට් ගන් වර්ගයේ තුවක්කුවක්, මුව මස් කිලෝ දෙකක්, පතොරම් 4 ක් හා හිස් පතොරම් කොපු 01 ක් සොයා ගත් බව සත්ව නියාමක ඩබ්.එම්.බී.කේ. වනසිංහ මහතා පැවසීය.

වනජීවී නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත කළ මෙම වැටලීමකදී මෙම මස් හා අවිආයුධ තොගය සොයා ගැනීමට හැකිවූ බවත්, වැඩුණු මුවෙකු මරා ලබාගත් මස්වලින් කොටසක් සැකකරුවන් විසින් මුදලට විකුණා ඇති බවත්, සැකකරුවන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් ගිනි අවිය බලපත් නොමැති එකක් බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටින අතර ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ වන සත්ව නියාමක ඩී. රාමසිංහ, සත්ව නියාමක ඩබ්.එම්.බී.කේ. වනසිංහ, සිවිල් ආරක්ෂක නිලධාරීන් වන ශාලිත වික්‍රමසිංහ, සම්පත් වීරසූරිය, ජානක දිසානායක, කළුආරච්චි සහ ස්වේච්ඡා මාර්ගෝපදේශකවරුවන් වන ප්‍රියදර්ශන, සදරුවන් හා රියදුරු නිශාන් ජිනේද්‍ර යන මහත්වරුන් විසින් වැටලීම සිදුකළහ.

ගල්ගමුව ක්‍රිෂාන් ආරෝෂණdeer_meat_2 deer_meat_1

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article