Friday, April 26, 2024

දොස්තරලා වැඩවරපු රෝහල් බිමට රණවිරුවෝ වැඩට එති.

Must read

army_thk

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මෙහෙයවීමෙන් ඊයේ (22 දා) දියත් කළ වැඩවර්ජනයට සහය පළකරමින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරුන්ද සිය සේවාවලින් ඉවත්වූහ.

ප‍්‍රතිකාර ලබාගැනීමට කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත පැමිණි රෝගීහු දහස් ගණනක් වෛද්‍ය වැඩවර්ජනය හේතුවෙන් හිස් අතින් ආපසු හැරී යද්දී රෝහලට කිසිදු සම්බන්ධයක් නැති තවත් එක්තරා පිරිසක් ඒ පිළිබද හාංකවිසියක් හෝ නොතකමින් රෝගීන් වෙනුවෙන් සෙත සැලසීමේ යෙදී සිටියහ. ඒ හමුදා සාමාජිකයින් පිරිසකි.

කුරුණෑගල සහ ඒ අවට ප‍්‍රදේශවල මේ දිනවල පවතින ඩෙංගු අධිවසංගත තත්වය හේතුවෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය වාට්ටු සියල්ලම මේ වනවිට රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබේ. එක ඇදක රෝගීන් දෙතුන් දෙනා මෙන්ම ඇදන් යට පවා රෝගීන් විශාල ප්‍රමාණයක් සිටින අයුරු මේ දිනවල දැකගත හැකි සුලබ දසුනකි. වෛද්‍ය වර්ජනය ක්‍රියාත්මක වූ ඊයේ දිනයේදී හමුදා සාමාජිකයින් පිරිසක් එක්ව සිය දහදිය මුගුරු හෙළමින් කුරුණෑගල ශික්ෂණ රෝහල් භුමියේ තාවකාලික වාට්ටුවක් ඉදිකළ අයුරු වයඹ ටුඩේ කැමරා‍වේ මෙලෙස සටහන් විය.

army 01 army 02

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article