Friday, April 26, 2024

ගැසට් කරලාවත් නැති ගුරු විභාගයක අයැදුම්පත‍්‍ වයඹ පළාත පුරා විකිණෙයි.

Must read

guru_gazzet_1

වයඹ පළාත් සභාව යටතේ පවතින පාසල්වල ගුරු සේවයට උපාධිධාරීන් බදවාගැනීම සදහා සකස්කළ බව කියන ගැටලු සහගත අයදුම්පත‍්‍රයක් මේ දිනවල වයඹ පළාත පුරා අලෙවිවෙමින් තිබේ.

‘ ‘ වයඹ පළාතේ පළාත් සභා පාසල්වල පවතින ශ‍්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ 1 (අ) ශ්‍රේණියේ පුරප්පාඩු සදහා දිස්ත‍්‍රික් පදනම මත උපාධිධාරීන් බදවාගැනීම – 2017 ’’ යන හිසින් සකස්කළ මෙම අයදුම්පත‍්‍ර වයඹ පළාතේ පොත්හල්, සන්නිවේදන මධ්‍යස්ථාන සහ පුවත්පත් අලෙවිසල් වැනි ස්ථානවලින් මහජනතාව වෙත අලෙවිකරමින් තිබේ. පිටු තුනකින් යුත් සහ ලියුම් කවරයකින් යුත් මෙම අයදුම්පත මහජනතාව වෙත අලෙවිකෙරෙන්නේ රුපියල් 40 ක් වැනි ඉහළ මිලකටය. වයඹ පළාත් රාජ්‍ය සේවා කොමිසමේ ලේකම් පද්මිණි කාරියවසම් මහත්මියගේ විසින් 2017.05.17 දාතමින් නිකුත් කළ ගැසට් නිවේදනයක බව කියන ඡායාපිටපතක්ද අදාල අයදුම්පත‍්‍රය සහිත ලියුම් කවරය තුළ බහා ඇති නමුත් එහි විශේෂත්වය වන්නේ මේ දක්වා එවැනි නිවේදනයක් රජයේ ගැසට් පත‍්‍රයට ඇතුළත් වී නොතිබීමයි. වයඹ පළාත තුළ පදිංචි රැකියා විරහිත උපාධිධාරිහු විශාල පිරිසක් මේ වනවිට මෙම ගැටලු සහගත අයදුම්පත‍්‍රය මිලදීගෙන ඇති බවත්, එය පිරවීමෙන් පසුව රාජ්‍ය සේවා කොමිසම වෙත යවා ඇති බවත් වයඹ ටුඩේ වෙත වාර්තා වෙයි.

මේ පිළිබදව වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍ය රාජපක්ෂ මහතාගෙන් කළ විමසීමකදී හෙතෙම පැවසුවේ තමාටද මේ සම්බන්ධයෙන් පැමිණිලි ගණනාවක් ලැබී ඇති බවත්, මෙය බරපතල ගැටලුවක් බවට පත් වී ඇති බවත්ය. වයඹ පළාතේ පාසල් සදහා ගුරුවරුන් බදවාගැනීමට අයදුම්පත් කැදවමින් වයඹ අධ්‍යාපන අමාත්‍යංශය විසින් සකස් කළ ගැසට් නිවේදනයක් රජයේ මුද්‍රණාලය වෙත මේවනවිට භාර දී ඇති නමුත් එය පළවීමට නියමිතව ඇත්තේ ජූනි මස 02 වැනිදා නිකුත්වීමට නියමිත රජයේ ගැසට් පත‍්‍රයේ බවද පැවැසීය. අදාල ගැසට් නිවේදනය වෙළදපොලේ අලෙවිවන බවට ලැබුණු තොරතුරු අනුව කළ සොයාබැලීමකදී , රජයේ මුද්‍රණාලයේ සේවයේ යෙදී සිටින එක්තරා පිරිසක් විසින් මෙවැනි ගැසට් නිවේදන නිකුත්වීමට පෙර ඒවා අයදුම්පත් මුද්‍රණය කිරීමේ ව්‍යාපාර පවත්වාගෙන යන අය වෙත අලෙවිකිරීමේ ජාවාරමක යෙදී සිටින බව අනාවරණය වූ බවද පැවසීය. මෙම ගැසට් නිවේදනයද මුද්‍රණයවීමට පෙර වෙනත් පාර්ශ්ව අතට පත්වන්නට ඇත්තේ ඒ අයුරින් බව ඇමැතිවරයා පැවසීය. එබැවින් අදාල ගැසට් නිවේදනය වෙනත් පාර්ශ්ව අතට පත්වීම සම්බන්ධයෙන් සොයා බලා ඒ පිළිබදව නීත්‍යානුකූලව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය. එමෙන්ම ගුරුවරුන් බදවාගැනීමේ තරග විභාගය සදහා උපකාරක පන්ති පවත්වන ඇතැමුන් විසින් වයඹ පළාත් රාජ්‍ය නිලධාරින් අදාල උපකාරක පන්තිවල දේශණ මෙහෙයවන බවට ප‍්‍රචාරය කිරීම වැරැදි ක‍්‍රියාවක් බවත්, එමගින් මෙම තරග විභාගය පිළිබදව මහජනතාවගේ විශ්වාසය බිදවැටෙන බවත් පැවසීය.

UPDATE

වයඹ පළාතේ පළාත් සභා පාසල් සදහා  උපාධිධාරීන් බදවාගැනීමට අදාල ගැසට් නිවේදනය මේ වනවිට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ පළකර  තිබේ. එබැවින් අදාල තරග විභාගය සදහා අයදුම්කිරීම පිළිබද ගැටලුවක් නැති බව වයඹ පළාත් රාජ්‍ය සේවා කොමිසම්කි සභාවකියයි. එසේ නමුත් අප මෙම ප්‍රවෘත්තිය හරහා අනාවරණය කළ ප්‍රධාන මාතෘකාව වූ අදාල ගැසට් නිවේදනය මුද්‍රණය වීමට පෙර තෙවැනි පාර්ශ්වයක් අතට පත්වී ඇති බවට පැහැදිලි සාක්ෂි අප සතුව පවතී. එහි හොදම උදාහරණය වන්නේ මෙම ගැසට් නිවේදනය නිකුත් වූ බව කියන පසුගිය සිකුරාදා දිනයේදීත් කුරුණෑගල නගරයේදී අදාල අයදුම්පත් අලෙවි වී තිබීමයි.

අයදුම්පත‍්‍රය සමග අමුණා ඇති ගැසට් නිවේදනය.guru_gazzet_3

එහි සදහන් වී ඇති වයඹ පළාත් රාජ්‍ය සේවා කොමිසමේ ලේකම්වරියගේ නම සහ දාතමguru_gazzet_4

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article