Friday, April 26, 2024

පියා සමග ඇති කෝන්තරයක් පිරිමහන්න නොදරුවෙකුගේ මුහුණට උණුවතුර වත්කර, හීටරයකින් පුච්චලා.

Must read

burned_boy

පියා සමග ඇති කරගත් කෝන්තරයක් පිරිමැසීම සදහා බව කියමින්, සිත් පිත් නැති නරුමයින් තිදෙනෙකු විසින් මුහුණට උණුවතුර වත්කර, ගිල්වුම් තාපකයක් ( විදුලි හීටරයක්) යොදාගනිමින් පිලිස්සීම නිසා හිසට සහ බරපතල තුවාල සිදු වූ දරුවෙකු කුරුණෑගල, ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයෙහි ප‍්‍රතිකාර ලබමින් සිටී.

මෙලෙස තුවාල ලබා සිටින්නේ බරන්දන, කොටකන්ද, හොප්වෙල් වත්තේ පදිංචි මොහොමදු වසීම් නැමැති 14 හැවිරිදි දරුවෙකි. තුවාල ලබා සිටින දරුවාගේ පියා වන මොහොමඩ් ෆාරුක් මහතා (44 ) තම දරුවාට සිදු වූ විපත පිළිබදව වයඹ ටුඩේ වෙත මෙලෙස විස්තර කළේය.

‘‘හොප්වෙල් වත්තේ තියෙන ගෙදරක කුලියට තමයි අපි පදිංචි වෙලා හිටියේ. මේ සිද්ධිය වුණේ පසුගිය ජූනි මාසේ 16 වැනිදා. එදා පුතාට අසනීපයි කියලා ඉස්කෝලේ යන්නේ නැතිව ගෙදර නැවැතුණා. ගෙදර අනිත් අය වැඩට යන හින්දා පුතා විතරයි තනියම ගෙදර හිටියේ. එහෙම ඉද්දී උදේ නවය හමාරට විතර තුන් දෙනෙක් ගෙට ඇවිත් තියෙනවා. උඹේ තාත්තට පාඩමක් උගන්වන්න උඹව මරන්න තමයි අපි ආවේ කියලා මේ තුන්දෙනා පුතාව අල්ලගෙන බිම දාගෙන පාගා පාගා ගහලා තියෙනවා. පස්සේ ඒ අය ගෙදර තිබුණු හීටරේ ගහලා ඒකෙන් වතුර එකක් රත් කරලා ඒ පැහෙන වතුර එක පුතාගේ මූණට හලලා. ඊට පස්සේ හීටරේ කරන්ට් එකට ගහගෙන රත්කරලා පුතාගේ කණ පුච්චලා. එහෙම කණ පුච්චනකොට පුතාට සිහිය නැතිවෙලා. පස්සේ එයා මැරුණා කියලා අර හිතපු අර තුන්දෙනා පුතාව ගේ ඇතුලේ දාලා පැනලා ගිහිල්ලා. ටික වේලාවක් යද්දී අපේ ගෙදර අයිතිකාරයාට ගේ ඇතුලෙන් කෙදිරිගාන සද්දයක් ඇහිලා තියෙනවා. එයා ගෙට ඔලුව දාලා බැලුවාම පුතා වැටිලා ඉන්නවා දැකලා පුතාව ඉස්පිරිතාලෙට අරගෙන ගිහින් තියෙනවා. දැනට මාසයක විතර කාලයක් පුතා ඉන්නේ කුරුණෑගල අයිසීයූ එකේ. පුතාගේ මූණ සම්පූර්ණයෙන්ම පිච්චිලා විරූප වෙලා තියෙන්නේ. එයාගේ එක කණක් සම්පූර්ණයෙන්ම නැතිවෙලා. වම් ඇහැත් සම්පූර්ණයෙන්ම පිච්චිලා කලු ඉංගිරියාව විතරයි ඉතිරිවෙලා තියෙන්නේ. උගුර සම්පූර්ණයෙන්ම පිච්චිලා නිසා මොනවත් කන්න බොන්න බෑ. නහයෙන් දාපු බටයකින් දියර ආහාර විතරයි දෙන්නේ. ’’ යැයි පැවැසීය.

මෙම අපරාධයට සම්බන්ධ බව කියන එක් සැකකරුවෙකු මාවතගම පොලිසිය විසින් මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින අතර ප‍්‍රදේශයෙන් පලා ගොස් සිටින අනෙක් සැකකරුවන් සොයා මෙහෙයුම් ක‍්‍රියාත්මක කර තිබේ. මෙම දරුවාගේ පියා සමග ඇති කරගත් පුද්ගලික කෝන්තරයක් හේතුවෙන් දරුවාට මෙවැනි අපරාධයක් සිදුකර ඇතැයි පොලිසිය සැකකරයි. අත්අඩංගුවට ගත් සැකකරු මිනීමැරීමට තැත්කිරීමේ චෝදනාව යටතේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද පරීක්ෂණ මෙහෙයවන මාවතගම පොලිසිය කියයි.

කුරුණෑගල, ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයෙහි ප‍්‍රතිකාර ලබන මොහොමදු වසීම් දරුවා

burned_boy_2

මොහොමදු වසීම් දරුවා විපතට පත්වීමට පෙර සහ එම දරුවාගේ අද තත්වය

burned_boy_3 burned_boy_4 burned_boy_5

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article