Friday, April 26, 2024

පාසල් සේවයේ යෙදුණු වයස 65 ත‍්‍රිරෝද රථ රියැදුරා වයස 9 සිසුවිය දහඅට මාසයක්ම කෙලසලා.

Must read

Neglected lonely child

තම ත‍්‍රිරෝද රථයෙන් පාසලට ඇරලවන 9 හැවිරිදි පාසල් දැරියක් වසර එක හමාරකට වැඩි කාලයක් තිස්සේ අපයෝජනයට ලක්කළ බව කියන 65 හැවිරිදි ත‍්‍රිරෝද රථ රියදුරෙකු මාවතගම පොලිසිය විසින් පෙරේදා ( 15 දා) අත්අඩංගුවට ගනු ලැබීය.

මෙලෙස අත්අඩංගුවට ගැණුනේ මාවතගම, කහපත්වල, මලන්දෙණිය ප‍්‍රදේශයේ පදිංචි නුවරපක්ෂගේ විජේසිංහ නැමැති ත‍්‍රිරෝද රථ රියදුරෙකි.

වින්දිත දැරියගේ පියා මීට වසර කිහිපයකට පෙර මියගොස් ඇති අතර දැරිය ඇගේ මව භාරයේ හැදී වැඩෙමින් පසුවෙයි. ප‍්‍රදේශයේ පාසලක 3 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරිය පාසලට රැගෙන යාම සහ පාසල නිම වී නිවසට රැගෙන ඒම ඇගේ මව විසින් සැකකාර ත‍්‍රිරෝදරථ රියදුරුට භාර දී තිබේ. දැරියගේ නිවසේ සිට පාසල දක්වා කිලෝමීටර එක හමාරකට ආසන්න දුරක් ඇති අතර ඒ අතරතුර පිහිටි ස්ථාන 15 කදී සැකකරු විසින් සිය ත‍්‍රිරෝද රථය තුළදී මෙම දැරිය කෙලෙසා ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. දැරිය කෙලෙසීමෙන් පසුව ඇය අතට ටොපි, චොකලට්, මුදල් වැනි දෑ ලබාදීමෙන් හෝ ඇයව මරාදමන බවට තර්ජනය කිරීමෙන් මෙම සිදුවීම් අනාවරණය නොවීමට සැකකරු විසින් කටයුතු කර ඇති බවද පොලිසිය කියයි. මේ අයුරින් වසර එක හමාරකට වැඩි කාලයක් තිස්සේ සහ විසි පහකට වැඩි අවස්ථාවන් ගණනකදී සැකකරු විසින් දැරිය බරපතල ලෙස අපයෝජනයට ලක්කර ඇති බවද හෙළි වී තිබේ. දැරිය අපයෝජනය කිරීම සදහා සැකකරු විසින් ඒ සෑම අවස්ථාවකදීම භාවිතා කර ඇත්තේ වැසි ආවරණය යොදා අවාරණය කරගත් ඔහුගේ ත‍්‍රිරෝද රථය බවද පොලිසිය කියයි.

වින්දිත දැරිය විසින් සැකකරුගේ ත‍්‍රිරෝද රථයෙන් පාසල් යාමට නොහැකි බව සහ තම රහස් ප‍්‍රදේශයන්හි ඇති වේදනාවන් පිළිබදව අවස්ථා කිහිපයකදී ඇයගේ මවට පවසා ඇති නමුත්, ඇගේ මව විසින් ඒ පිළිබදව සැලකිල්ලක් නොදක්වා දිගින් දිගටම දැරිය සැකකරුගේ ත‍්‍රිරෝද රථයෙන් පාසල් යැවීමට කටයුතු කර තිබේ. සැකකාර ත‍්‍රිරෝද රථ රියදුරුගෙන් තමන්ට සිදුවන හිරිහැර පිළිබදව දැරිය විසින් ඇයගේ පන්ති භාර ගුරුවරියට දැනුම් දී ඇති අතර ඇය විසින් ඒ බව පොලිසියට දැනුම්දීමත් සමග පොලිසිය ඒ පිළිබද පරීක්ෂණ ආරම්භ කර තිබේ. දැරියගෙන් ලබාගත් තොරතුරුවලට අනුව ඕ වෛද්‍ය පරීක්ෂණයකටද යොමුකර ඇති අතර එහිදී දැරිය බරපතල ලෙස අපයෝජනයට ලක් වී ඇති බව තහවුරු වී තිබේ.

සැකකරු අසභ්‍ය චිත‍්‍රපට නැරඹීමට තදින් ඇබ්බැහි වී සිටින අයෙකු බවත්, අසභ්‍ය චිත‍්‍රපටවලින් පිරී තිබූ ඔහුගේ ජංගම දුරකථනය සහ තවත් මතකපත් (මෙමරි චිප් ) තොගයක්ද ඔහු භාරයේ තිබියදී අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි. සැකකරු විසින් දැරිය කෙලසීමට පෙර සිය ජංගම දුරකථනයේ ඇති අසභ්‍ය දර්ශණ පෙන්වමින් දැරිය ඒ සදහා පොළඹවාගැනීමට කටයුතු කර ඇති බවද ඔහුගේ ප‍්‍රකාශ ඔස්සේ පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබේ. දැරිය අපයෝජනය කිරීම සදහා සැකකරු විසින් යොදාගත් බව කියන ඔහුට අයත් ත‍්‍රිරෝද රථයද මේ වන විට පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරු සිව් දරු පියෙකු වන අතර ඔහුගේ දරුවන් සියලු දෙනාම මේ විට විවාහ වී සිටින බවත්, සැකකරු සහ ඔහුගේ බිරිය තනිව නිවසේ වාසය කරන බවත් පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරු පිලැස්ස වැඩබලන මහේස්ත‍්‍රාත් මැකී මාරසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට නියෝග කළේය.

මාවතගම පොලිසියේ ස්ථානාධිපති, ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සදසිරි මහතාගේ උපදෙස් මත, එහි ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි, පොලිස් පරීක්ෂිකා දැල්කදුර මහත්මියගේ සහ අපරාධ අංශයේ ස්ථානාධිපති ජයකොඩි මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් දිසානායක (5651 ) , කාන්තා පොලිස් කොස්තාපල් නිර්මලා (1283) සහ පොලිස් කොස්තාපල් සිරිමෙවන් (22806 ) යන නිලධාරිහු විසින් සැකකරු අත්අඩංගුවට ගත්හ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article