Friday, April 26, 2024

මගීන්ටත්, ජනතාවටත් වද දෙන උඩහොරොම්බුව – කුරුණෑගල පුද්ගලික බස් රථය ගැන පියවරක් ගන්න.

Must read

udahorombuwa_bus

ඝෝෂාකාරී නලා නාද කරමින් සහ අඩ නිරුවත් දර්ශණ සහිත වීඩියෝ තැටි ප‍්‍රදර්ශණය කරමින් මගීන්ට මෙන්ම ප‍්‍රදේශයේ ජනතාවටත් පීඩාකාරී අයුරින් ධාවනයේ යෙදෙන උඩහොරොම්බුව සහ කුරුණෑගල අතර ධාවනය වන පුද්ගලික බස් රථයක් සම්බන්ධයෙන් විධිමත් පියවරක් ගන්නැයි රිදීගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගම්මාන හතක වෙසෙන ජනතාව වයඹ ප‍්‍රවාහන අමාත්‍යවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

උඩහොරොම්බුව සිට කටුපිලගොල්ල හන්දිය දක්වා කිලෝමීටර් හතක පමණ දුර ධාවනය කිරීමේදී මෙම බස් රයේ රියදුරු විසින් අධික ශබ්දය සහිත ඝෝෂාකාරී නලාවක් නිරන්තරයෙන් හැඩවීම හේතුවෙන් ළදරුවන්, රෝගීන් ඇතුලු දහස් ගණනක ජනතාවක් මහත් පීඩාවට පත්ව සිටින බව වයඹ ප‍්‍රවාහන අමාත්‍ය ගුණදාස දෙහිගම මහතා වෙත යොමුකර ඇති එම ලිපියෙන් දැක්වෙයි. NW NA 8583 දරණ මෙම බස් රථයෙහි රූපවාහිනී දෙකක් සවිකර ඇති අතර ඒවායින් කාන්තා අඩ නිරුවත් දර්ශණ සහිත ඝෝෂාකාරී විඞීයෝපට ගමනාන්තය දක්වාම ප‍්‍රදර්ශණය කෙරන බවත්, මේ හේතුවෙන් එම බස් රථයේ ගමන්ගන්නා මගීහු මහත් අපහසුතාවයට පත්ව සිටින බවද එම ලිපියේ සදහන්ය. එබැවින් මගී ජනතාවට මෙන්ම ප‍්‍රදේශවාසී ජනතාවටත් මහත් හිරිහැරයක් බවට පත් වී ඇති, ශබ්ද දූෂණයට පවා උඩගෙඩි දෙන මෙම බස් රථය සම්බන්ධයෙන් විධිමත් පියවරක් ගන්නා ලෙස උඩහොරොම්බුව, කහහේන, පල්ලේයාය, ගිනිහිරිය, කොරොස්ස ඇතුලු පීඩාවට පත් ගම්මාන හතක ජනතාව වයඹ ප‍්‍රවාහන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිති.

(ප්‍රවෘත්තිය සදහා යොදාගෙන ඇති බස් රථයේ ඡායාරූපය චෝදනාවට ලක්වන බස් රථයේ සැබෑ ඡායාරූපයක් නොවන අතර ප්‍රවෘත්තිය අර්ථවත් කිරීමේ අරමුණින් යොදාගෙන ඇති අන්තර්ජාල ඡායාරූපයක් පමණක් බව කරුණාවෙන් සලකන්න )

UPDATE  – 2017.08.11  7 am

අද උදෑසන අප වෙබ් අඩවිය ඇමැතූ මෙම බස් රථයේ හිමිකරු බව කියන අයෙකු විසින් ඉහත ප්‍රවෘත්තිය පිළිබදව කළ කරුණු දැක්වීමක් අප වෙබ් අඩවියේ පළකල අතර ඔහු විසින් ඊට පැය කිහිපයකට පමණ පසුව කළ ඉල්ලීමක් අනුව අදාල ප්‍රකාශය ඉවත්කළ බව කරුණාවෙන් සලකන්න.  (UPDATE – 2017. 08.11 – 11.10 am)

සංස්කාරක සටහන

අදාල ප්‍රවෘත්තියට අප පාදක කරගත්තේ පීඩාවට පත් ගම්වාසීන් පිරිසක් විසින් වයඹ ප්‍රවාහන අමාත්‍යවරයා වෙත යවන ලද ලිපියක පිටපතකි. ලිපියක් ලැබූ පමණින් යම් පාර්ශ්වයකයට අැගිල්ල දිගු කිරීමට හදිසි නොවූ  අප අදාල බස් රථයෙන් සිදුවන මහජන පීඩාවන් පිළිබදව සාධාරණ සොයාබැලීමක් කළෙමු. එහිදී අදාල ලිපියේ සදහන් කරුණු සත්‍ය බවට ප්‍රදේශවාසීන්  විසින් ලබා දුන් තොරතුරු හරහා අප තහවුරු කරගත් අතර අදාල බස් රථයෙන් හොද සේවාවක් ලැබෙන බවද ඇතැමෙකු කීහ. නමුත් බස් රථය පිළිබදව අදහස් දැක්වූ වැඩි පිරිසක් එහි ධාවනය පිළිබදව  චෝදනාත්මකව කතා කිරීමත්,  ඊට අදාල රාජ්‍ය ආයතනවලින් ලබාගත් තොරතුරුත් පදනම් කරගෙන ඉහත ප්‍රවෘත්තිය පළකිරීමට කටයුතු කළෙමු. අදාල බස ් රථය පිළිබදව කිසිදු ඊර්ෂ්‍යාවක් හෝ වෛරයක් අපට නැති අතර අප බලාපොරොත්තු වන්නේ එම බස් රථයෙන් සිදුවන බව කියන මහජන පීඩාවන් නැති කර එහි ගමන්කරන මගී ජනතාවටත් ,ප්‍රදේශවාසි ජනතාවටත් නිදහසේ සිටිය හැකි පරිසරයක් ගොඩනැගීම පමණි. 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article