Friday, April 26, 2024

සුදු ඉරෙන් පාර මාරුවෙමින් සිටි අයෙකු ලොරියට යට වී මියයයි.

Must read

accident_malkaduwawa

කුරුණෑගල – මීගමුව මාර්ගයේ, මල්කඩුවාව ප‍්‍රදේශයේ පිහිටි කහ ඉරක් මතින් පාර මාරුවෙමින් පුද්ගලයෙකු ලොරියකට යටවීමෙන් ඊයේ  (17 දා) රාත‍්‍රියේ එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්විය.

ඊයේ රාත‍්‍රි 9.30 ට පමණ සිදු වූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වූයේ මල්කඩුවාව, බණ්ඩාරනායකපුර ප‍්‍රදේශයේ පදිංචි ජයමිණි සුරංග පද්මසිරි නැමැති 43 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි. කුරුණෑගල සිට නාරම්මල දෙසට ධාවනය වී ඇති ලොරි රථය, අනතුර සිදු වූ කහ ඉර ආසන්නයේදී තවත් වාහනයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී කහ ඉර මතින් ගමන් කරමින් සිටි පුද්ගලයා ඊට යට වී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. අනතුරින් බරපතල තුවාල ලැබූ පුද්ගලයා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඒ වනවිටත් ඔහු ජිවිතක්ෂයට පත්ව සිටි බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් ලොරි රථ රියදුරු කුරුණෑගල අතිරේක මහෙස්ත‍්‍රාත් සුමුදු පේ‍්‍රමචන්ද්‍ර මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව අනිද්දා (19 දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කළේය. මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ හිදගොල්ල, ගලපිටමුල්ල ප‍්‍රදේශයේ පදිංචි ලොරිරථ රියදුරෙකි. කුරුණෑගල මූලස්ථාන පොලිසිය අනතුර පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article