Wednesday, May 8, 2024

වයඹ පළාත් පාලන ආයතන වැඩිකිරීමේ යෝජනාවක් !

Must read

 

nwp_new_ps_3

වයඹ පළාත තුළ නව පළාත් පාලන ආයතන කිහිපයක් පිහිටුවීමට සහ පවතින පළාත් පාලන ආයතන කිහිපයක තත්වය උසස් කිරීමට යෝජනා වී තිබේ.

ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් කුරුණෑගල මහ නගර සභාවේ සීමාව පුලුල් කිරීමටත්, කුලියාපිටිය නගර සභාව මහ නගර සභාවක් ලෙස උසස් කිරීමටත්, පොල්ගහවෙල ප්‍රාදේශීය සභාව නගර සභාවක් ලෙස උසස් කිරීමටත්, කුරුණෑගල ප්‍රාදේශීය සභාව වෙන්කර මල්ලවපිටිය නමින් නව ප්‍රාදේශීය සභාවක් ඇති කිරීමටත්, වාරියපොල ප්‍රාදේශීය සභාව වෙන්කර බමුණාකොටුව නමින් නව ප්‍රාදේශීය සභාවක් ඇති කිරීමටත්, ගල්ගමුව ප්‍රාදේශීය සභාව වෙන්කර ඇහැටුවැව නමින් නව ප්‍රාදේශීය සභාවක් ඇති කිරීමට සහ පඩුවස්නුවර ප්‍රාදේශීය සභාව වෙන්කර පඩුවස්නුවර නැගෙනහිර නමින් නව ප්‍රාදේශීය සභාවක් ඇති කිරීමටත් යෝජනා වී තිබේ.

එමෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයට අයත් පුත්තලම සහ හලාවත නගර සභාවන් මහ නගර සභා ලෙස උසස් කිරීමටත්, නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාව වෙන්කර මහවැව නමින් නව ප්‍රාදේශීය සභාවක් ඇති කිරීමටත්, ආණමඩුව ප්‍රාදේශීය සභාව සහ ආරච්චිකට්ටුව බෙදා පල්ලම සහ මහකුඹුක්කඩවල නමින් නව ප්‍රාදේශීය සභා දෙකක් ඇති කිරීමටත්, වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව දෙකට බෙදා වෙන්නප්පුව සහ දංකොටුව නමින් නව ප්‍රාදේශීය සභා දෙකක් ඇති කිරීමටත් මේ යටතේ යෝජනා වී තිබේ.

අදාල යෝජනා පිළිබදව අධ්‍යනය කර ඒ පිළිබදව නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස වයඹ ප්‍රධාන ලේකම්වරයා පී. බී. එම්. සිරිසේන මහතා විසින් කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික් දෙක සදහා සාමාජිකයින් පස්දෙනෙකු බැගින් යුත් කමිටු දෙකක් පත්කර තිබේ. මෙම කමිටු විසින් කරුණු කිහිපයක් යටතේ අදාල යෝජනාවන් පිළිබදව මහජන අදහස් විමසීමට තීරණය කර ඇති අතර, යෝජිත නව පළාත් පාලන ආයතන පිහිටුවීමේ සහ පවතින පළාත් පාලන ආයතනවල තත්වය උසස් කිරීමේ යෝග්‍යතාවය, ඒවායේ බල ප්‍රදේශය, සිටිය යුතු සභික සංඛ්‍යාව, ආදායම් තත්වයන් සහ නව බදු යෝජනා ඇතුලු කරුණු පිළිබදව සිය අදහස් දැක්වීමට මහජනතාවට සහ ප්‍රාදේශීය සංවිධානවලට දැන් අවස්ථාව ලබා දී තිබේ. එවැනි යෝජනා කමිටුව වෙත ලිඛිතව ඉදිරිපත් කළ හැකි අතර ඉහත සදහන් පලාත් පාලන ආයතනවලදී රැස්වෙන කමිටුව ඉදිරියේදී වාචික යෝජනා ඉදිරිපත් කිරීමටද මහජනතාවට සහ ප්‍රාදේශීය සංවිධානවලට අවස්ථාව ලබා දී තිබේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article