Friday, April 26, 2024

කුරුණෑගල ස්ටේෂමට දුම්රිය වේදිකාවක් සහ දුම්රිය මාර්ගයක් අලුතින් එක්වෙයි.

Must read

station_open

උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය හුවමාරුවීම්වලදී ගතවන කාලය අවම කිරීමේ අරමුණින් කුරුණෑගල දුම්රිය ස්ථානයේ ඉදිකෙරුණු තෙවැනි දුම්රිය වේදිකාව පර්යන්තය සහ නව දුම්රිය මාර්ගය ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ අතින් පෙරේදා (21 දා ) විවෘත කෙරිණි.

කුරුණෑගල දුම්රිය ස්ථානය සංවර්ධන කිරීමේ වැඩසටහනේ දෙවැනි අදියර යටතේ ඉදිකෙරුණු මෙම දුම්රිය වේදිකාවත් සමග කුරුණෑගල දුම්රිය ස්ථානය දුම්රිය වේදිකා තුනක මෙහෙයුම් සිදුකෙරෙන දුම්රිය ස්ථානයක් බවට පත්වෙයි. රුපියල් මිලියන 55 ක වියදමින් ඉදිකෙරුණු දිගින් මීටර් 700 ක් පමණ වන මෙම නව දුම්රිය මාර්ගය සහ වේදිකා පර්යන්තය හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය හුවමාරුවීම සදහා ගතවන කාලය සැලකිය යුතු වේලාවකින් අඩුවනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

අැමැතිවරු සහ දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරිහු රැගෙන කොළඹ කොටුවේ සිට ධාවනය වූ රේල් කාර් රථයක් පළමු දුම්රිය ලෙස කුරුණෑගල දුම්රිය ස්ථානයේ නව වේදිකා පර්යන්තයට ළගාවිය.  මෙම අවස්ථාවට ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, දුම්රිය සාමාන්‍යාධිකාරි එස්. එම්. අබේවික්‍රම සහ දුම්රිය ගමනාගමන අධිකාරි විජය සමරසිංහ යන මහත්වරුන්ද එක් වී සිටියහ.

එම අවස්ථාවේදී වයඹ ටුඩේ කැමරා ඇසෙහි සටහන් වූ විශේෂ අවස්ථා කිහිපයක් පහත දැක්වෙයි.

station_open_1

station_open_2

station_open_3

station_open_4

station_open_5

station_open_6

station_open_13

station_open_8

station_open_9

station_open_10

station_open_11

station_open_12

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article