Friday, April 26, 2024

මිතුරාගේ නිරුවත් ඡායාරූප මුහුණුපොතට එක්කළ සා.පෙළ සිසුවෙකු ඇතුලු තිදෙනෙක් අත්අඩංගුවට.

Must read

facebook_arrest

17 හැවිරිදි පාසල් සිසුවෙකුගේ නිරුවත් ඡායාරූප මුහුණුපොත හරහා අන්තර්ජාලයට එක්කිරීමේ චෝදනාව මත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර සිටි මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුවෙකු සහ වයස අවුරුදු 18 ක ලාබල තරුණයින් දෙදෙනෙකු, එක් අයෙකුට රුපියල් පන්දහසක මුදල් ඇපයත් සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහරින ලෙසට (27 දා ) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට කුරුණෑගල අතිරේක මහේස්ත‍්‍රාත් චාමර වික්‍රමනායක මහතා ඊයේ (27දා ) නියම කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ කුරුණෑගල නගරයේ ප‍්‍රධාන පෙළේ මිශ‍්‍ර පාසලක ඉගෙනුම ලබමින් සිටින සිසුවෙකු ඇතුලු  වින්දිත සිසුවාගේ සමීපතම මිතුරන් පිරිසකි.

මෙවර අපොස සාමාන්‍යපෙළ විභාගය සදහා පෙනී සිටීමේ අපේක්ෂාවෙන් පසුවන සිසු පිරිසක්, පාඩම් කිරීම සදහා එක් මිතුරෙකුගේ නිවසට එකතු වූ අවස්ථාවක වින්දිත සිසුවාට කළ විහිඵවක් දුරදිගයාමෙන් මෙම තත්වය ඇති වී තිබෙන බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. දිය නෑමෙන් පසු නාන කාමරයේ එළියට පැමිණි වින්දිත සිසුවාගේ තුවාය කඩා, ඔහුව නිරුවත් කර ඇති අනෙක් සිසුන් තම ජංගම දුරකථනවලින් එම සිසුවාගේ නිරුවත් ඡායාරූප ලබාගෙන ඇති බව පොලිසිය කියයි. එලෙස ලබාගත් ඡායාරූප ඉන් දින කිහිපයකට පසුව, මෙම සිසු පිරිස විසින් මුහුණුපොත තුළ නිර්මාණය කරගෙන සිටින කණ්ඩායම් සංවාදයක් වෙත (ෆේස්බුක් චැට් ගෲප්) එහි සාමාජිකත්වය දරණ සිසුන් කිහිපදෙනෙකු විසින් මුදාහැර ඇති අතර, එම නිරුවත් ඡායාරූප පිළිබදව සෙසු සිසුන් විසින් විවිධ අදහස් දැක්වීම් (කමෙන්ට්ස් ) කරමින් සිටින බව වින්දිත සිසුවාගේ මව්පියන් වෙත අනාවරණය වී තිබේ.

වින්දිත සිසුවාගේ මව්පියන් විසින් ඒ සම්බන්ධයෙන් කළ පැමිණිල්ලක් පිළිබදව පරීක්ෂණ ආරම්භ කළ කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වින්දිත සිසුවාගේ නිරුවත් ඡායාරූප ලබාගැනීමට සහ එය අන්තර්ජාලයට මුදාහැරීමට පාසල් සිසුවෙකු සහ සහ පාසල් අධ්‍යාපනය මෑතකදී අවසන් කළ වයස අවුරුදු 18 ක තරුණයින් දෙදෙනෙකු සම්බන්ධ බවට අනාවරණය කරගෙන තිබේ. අදාල මුහුණුපොත් කණ්ඩායම් සංවාදයේ සාමාජිකත්වය දරන තවත් සිසුන් එකොළොස් දෙනෙකුගෙන් පමණ ප‍්‍රකාශ සටහන් කරගත් බවද පොලිසිය කියයි. ඒ අනුව පසුගිය 25 වැනිදා පොලිසිය විසින් එක් සිසුවෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසුව අතර අනෙක් සැකකාර තරුණයින් දෙදෙනා ඔවුන්ගේ මව්පියන් සමග කුරුණෑගල මූලස්ථාන පොලිසිය වෙත පැමිණ භාර වී තිබේ. කුරුණෑගල වැඩබලන මහේස්ත‍්‍රාත් ෆිලීෂියන් පෙරේරා මහතා වෙත එදින ඉදිරිපත් කිරීමෙන් පසුව ඊයේ ( 27) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් පිරිස ඊයේ දිනයේදී කුරුණෑගල මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත යළි ඉදිරිපත් කරනු ලැබීය.

කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය සහ කුරුණෑගල පොලිස් තොරතුරු තාක්ෂණ ඒකකය එක්ව වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article