Breaking News

කමල් ගුණසිංහ සමුගනී.

kamal_gunasinghe_passaway

කුරුණෑගල හිටපු නාගරික මන්ත්‍රී කමල් ගුණසිංහ මහතා මීට ටික වේලාවකට පෙර කුරුණෑගල ශික්ෂණ රෝහලේදී අභාවප්‍රාප්ත විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මැතිවරණවලට ඉදිරිපත් වූ කමල් ගුණසිංහ මහතා කුරුණෑගල මහ නගර සභාවේ ජ්‍යෙෂ්ඨතම නාගරික මන්ත්‍රිවරයෙකුද වෙයි. මලියදේව විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙකු වූ ඒ මහතා වැහැර ප්‍රදේශයේ පදිංචිව සිටියේය.

හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මීට දින කිහිපයකට පෙර කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුලත් කෙරුණු ගුණසිංහ මහතා එහි දැඩි සත්කාර ඒකකයේ දින කිහිපයක් ප්‍රතිකාර ලබමින් සිටියදී අද රාත්‍රියේදී අභාවප්‍රාප්ත විය. තවත් විස්තර බලාපොරොත්තුවන්න.

2017 අ‍ප්‍රේල් මස 20 වැනිදා කුරුණෑගලදී පැවැති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවකදී කමල් ගුණසිංහ මහතා අදහස් දක්වන අයුරු දැක්වෙන වයඹ ටුඩේ පුස්තකාල ඡායාරූප කිහිපයක් පහත දැක්වෙයි.

kamal_gunasinghe_passaway_1 kamal_gunasinghe_passaway_2

About ajantha

Check Also

nwp _new _seson

නව සැසිවාරය ඇරඹුණු දිනයේදීවත් වයඹ මන්ත‍්‍රීවරු සභාවට ඇවිත් නෑ.

හයවැනි වයඹ පළාත් සභාවේ දෙවැනි සැසිවාරය ඊයේ (16 දා) උත්සවශ‍්‍රීයෙන් ආරම්භ කෙරුණු නමුත් වයඹ පළාත් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *