Friday, April 26, 2024

පිටි අනන තැන රෙදි වනන්න එපා කීවැයි හෝටල් අරක්කැමියෙකුට පෙට‍්‍රල් ගසා ගිනි තියලා !

Must read

 

royal_hotel

හෝටල් සේවකයෙකු විසින් පෙට‍්‍රල් ගසා ගිනි තැබීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ හෝටල් අරක්කැමියෙකු කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටී.

මෙලෙස පිලිස්සුම් තුවාල ලබා ඇත්තේ කුරුණෑගල, කොළඹ පාරේ, කදුරුගස්හන්දියේ පිහිටි රෝයල් හෝටලයේ සේවයේ යෙදී සිටි මොහොමඩ් අසාම් නැමැති 39 හැවිරිදි පුද්ගලයෙකි. අදාල හෝටලයේ පිටි ඇනීමට යොදාගන්නා ස්ථානය ආසන්නයේ සැකකාර හෝටල් සේවකයා විසින් ඔහුගේ තෙත රෙදි වැනීම පුරුද්දක් කරගෙන සිට ඇති බවත්, එසේ නොකරන ලෙසට අරක්කැමියා විසින් ඔහුට අවවාද කළ අවස්ථාවක දෙදෙනා අතර බහින්බස්වීමක් ඇති වී තිබෙන බවත් මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. එහිදී කෝපයට පත් සැකකාර හෝටල් සේවකයා අරක්කැමියාට පහරදීමට දින කිහිපයක් තිස්සේ සැලසුම් කර ඇති බවත් පොලිසිය කියයි. ඒ අනුව පසුගිය 29 වැනිදා පස්වරුවේ අදාල හෝටලයේ ඉහළ මාලයේ පිහිටි පිටි අනන ස්ථානයේදී සිය සුපුරුදු රාජකාරියේ යෙදී සිටි අරක්කැමියා පිටුපසින් ගොස් ඇති හෝටල් සේවකයා, භාජනයකට පුරවාගෙන පැමිණි පෙට‍්‍රල් පිටි අනමින් සිටි පුද්ගලයා ඇගට විසිකර ගිනි කූරක්ද දල්වා පලාගොස් ඇති බවත් හෙළිවී තිබේ. අනපේක්ෂිත ගින්නෙන් බේරීම සදහා අසල තිබූ කාඩ්බෝඩ් කැබැල්ලක් සිරුරේ දවටාගත් අරක්කැමියා හෝටලයේ ඉහළ මාලයේ සිට බිමට පැන තිබේ. ගින්නට පිළිස්සීම සහ ඉහළ තට්ටුවේ සිට බිමට පැනීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ අරක්කැමියා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර හෙතෙම අසාධ්‍ය තත්වයෙන් එහිදී ප‍්‍රතිකාර ලබමින් සිටී.

ගිනි තැබීමෙන් පසුව සැකකරු ප‍්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු පුත්තලම, ආලංකුඩා ප‍්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙක් බව පොලිසිය කියයි. කුරුණෑගල මූලස්ථාන පොලිසිය සිද්ධිය පිළිබද වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article