පසුගිය 07 වනදා රාත්‍රී කාලයේ 07 දෙනෙකුගෙන් පමණ යුත් වන අලි ඇතුන් රංචුවක් බිංගිරිය පොලිස් වසමේ බිංගිරිය දේවගිරි රජමහ විහාරස්ථාන ප්‍රදේශයේ සිට පැමිණ මාදම්පේ පොලිස් වසමේ පනිරෙන්ඩාව රක්ෂිත කැලෑ ප්‍රදේශයට ගමන් කරමින් ඒ ආශ්‍රිත කැලෑබද ප්‍රෙද්ශ වල සැරිසරන ලදී. මේ ආකාරයට සෑම වසරකම මෙම අලි රංචුව පැමිණෙන බව අප පළකළ තිබූ ප්‍රවෘත්තියට ප්‍රතචාර දක්විමින් බොහා් අය අදහස් දක්වා තිබුණි. මේ ආකාරයට අලි ඇතුන් මෙම ප්‍රෙද්ශයට පැමිණිමේ හේතුව විවිධාකාර විය හැකිබවත් පෙනී යයි. ඒ සම්බන්ධව ලියවුණ තවත් ලිපියක් පහත පළවේ.
පනිරෙන්ඩාව රක්ෂිත කැලෑවේ අලි ඇතුන් රැඳී නොසිටින බැවින් දිවා කාලයේදී රක්ෂිතයේ රැඳී සිට රාත්‍රී කාලයට ගම්මාන වෙත ගමන් කිරීමේ හැකියාව පවතී. මොවුන් විසින් ප්‍රදේශයේ,කුඹුරු,පොල් සහ කෙසෙල් වගාවන් කිහිපයකටද හානි සිදුකර ඇත. මේ සම්බන්ධයෙන් මාදම්පෙ,දුම්මලසූරිය හා බිංගිරිය යන පොලිස්ථාන හා ප්‍රදේශයේ වනජීවි නිලධාරීන් දැනුවත්වී ඇත.
පසුගියදා හලාවත මාදම්පේ ප්‍රදේශයට අලි රංචුවක් පැමිණ තිබුණි. ප්‍රදේශවාසීන්ගේ බවබෝගවලටද හානිකර තිබුණි . එම අලිරංචුවේ සිටි සියල්ලන්ම විවිධ වයස්වල තරුණ පිරිමි සතුන්ය . වර්තමානයේ එම ප්‍රදේශයේ අලි ඇතුන් ජිවත් නොවේ . ජනතාවගේද ඒ පිලිබඳ පෙරසුදානමක් සහ ආරක්ෂාවීමේ ක්‍රමවේදයක් නොතිබුණි. වාසනාවට මෙතෙක් කාහටවත් ජිවිත හානි නොවුනි.
අප හොඳින් වීඩියෝව දෙස බැලුවිට අපැහැදිලිවුවත් එතනසිටි කුඩා ඇතා “මිත්ථ” ඇතාබවට හැඩහුරු කමින් බොහෝදුරට අනුමානකලහැක. එය තහවුරු කරගතහැකි තවත් කාරණයක්වන්නේ 2024 වර්ෂයේ හලාවත මුන්නේෂ්වරම් වැවට පැමිණ දින කිහිපයක් ගතකල කුඩා අලි කණ්ඩායමේ “මිත්ථ” ඇතා ජීවත්වෙන ප්‍රදේශයේ වෙසෙන තවත් තරුණ ඇතුන් දෙදෙනෙකුද සිටීමයි. එම ඇතුන් “මිත්ථ” ඇතා සමග සුහදව එක රංචුවේ සිටිනු කිහිපවිටක් අප දැක ඇත. අනිත් අලින්ද බොහෝදුරට එම ප්‍රදේශයේම වෙසෙන සතුන් වියහැක.
“මිත්ථ” ඇතා සාමාන්යෙන් ජීවත්වන්නේ කරුවලගස්වැව ප්‍රදේශයේය. ඔහු ඇතුළු රංචුව ආසන්න වශයෙන් කිලෝ මීටර හැත්තෑ වකට වඩා වැඩිදුරක් ගෙවා මේ ගමන පැමිණඇත. ඔවුන් මෙසේ කාලයකට එන්නේ කුමක් නිසාදැයි නිෂ්චිතව කිවනොහැක. ආහාර සහ ජලය සොයා පැමිණීමට ඇති ඉඩකඩ බොහොම අඩුය. නමුත් එකදෙයක් අපට කිවහැක මේ අපගේ මෙන්ම ඔවුන්ගේත් නිජභූමිය බවයි. අප ඔවුන්ගෙන් ආරක්ෂාවියයුතු මෙන්ම ඔවුන්ටද ගරුකළ යුතුය. ප්‍රකෝප කිරීම් හා හිරිහැර නොකළයුතුය. වනජීවී නිලධාරීන්හට සිය කාර්‍යය නිසිලෙස කිරීමට සහය දියයුතුය. එමෙන්ම එම කාලයතුල තමන්ගේ සහ අන්අයගේ ජිවිත ආරක්ෂාකරගැනීමට බුද්ධිමත්ව කටයුතු කලයුතුය. අලි ඇතුන් මෙසේ සමහර කාලවලදී ධීර්ඝ සංචාරයේ යෙදෙනු දැකියහැක. කලකට ඉහත අලිරංචුවක් අඹේපුස්ස දක්වාද පැමිණියේය.
අනාගතයේදීත් මිත්ථලාට ථුලත්තනලාට මුන්නේෂ්වරම් වඳින්න ඇවිත් හිමින්ම ආපසු යන්නට ලැබුනොත් ඉතාමත් අගනේය.
- සාරංග දේව ද අල්විස්
උපුටා ගැනීම – - පසුගියදා හලාවත මාදම්පේ ප්‍රදේශයට… – Saranga Deva de Alwis | Facebook









