spot_img
spot_img
Friday, October 16, 2026
spot_img
spot_img

ඇල්බට් ඇෆ් ක්‍රීඩාංගනයේ නව ආපන ශාලාවේ ආහාර වල මිළ සාධාරණ විය යුතුයි

Must read

වෙන්නප්පුව ඇල්බට් ඇෆ් ක්‍රීඩාංගනයේ අලුතින් ඉදිකර ඇති ආපන ශාලාව ටෙන්ඩරය සම්බන්ධයෙන් පසුගිය 13 වනදා පැවති මහ සභා වාරයේදී ප්‍රා.සභා මන්ත්‍රී ශාන්ත පෙරේරා විසින් අවධාරණය කරන ලදී. ඒ මහතා මතුකර සිටියේ මෙම ටෙන්ඩරය සදහා වෙන්නප්පුව නගරයේ සිටින ඉහළ පෙළේ බේකරි හිමියන් හා ව්‍යාපාරිකයන් ඉදිරිපත්වී ඇති බැවින් ඔවුන් විසින් මෙම ටෙන්ඩරය ලබාගතහොත් ආහාර වල මිළ පිලිබදව පාලනයක් ඇතිවේද යන්නයි. ඇල්බට් ඇෆ් ක්‍රීඩාංගනයට පැමිණෙන්නේ වෙන්නප්පුව නගරයේ දරුවන් පමණක් නොවන බවත් දුෂ්කර පළාත්වල, දරුවන්ද මෙම ක්‍රීඩාංගනයට පැමිණෙන බවත් එබැවින් දුප්පත් දරුවන්ට ආහාර මිළදී ගතහැකි වන පරිදි පාලන මිලක් තිබිය යුතු බව අවධාරණය කරන ලදී. මෙහිදී මෙම යෝජනවාට පොදුවේ ආණ්ඩු පක්ෂයේද,විපක්ෂයේද එකගතාවයක් දැක්වූ අතර ප්‍රා.සභාව මගින් පාලන මිළක් නියම කරන බවද සභාපතිවරයා ප්‍රකාශ කරන ලදී.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article