මුක්කුතොඩුවාව දිනෙන් දින ව්‍යාප්ත වන මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව සහ ප්‍රදේශය මත්ද්‍රව්‍යවලින් තොර කලාපයක් (Drug-free zone) ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්මමින් ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් මහා පරිමාණ විරෝධතා පාගමනක් සහ උද්ඝෝෂණයක් පවත්වන ලදී.


ප්‍රදේශයෙන් මත්ද්‍රව්‍ය උවදුර සම්පූර්ණයෙන්ම මුලිනුපුටා දැමීම සහ මුක්කුතොඩුවාව ප්‍රදේශය මත්ද්‍රව්‍යවලින් තොර ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලෙසත් ,
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, තරුණ පරම්පරාව මත් උවදුරෙන් ආරක්ෂා කිරීමට වගකිවයුතු අංශ වහාම මැදිහත් වන ලෙසත් විරෝධතාකරුවන් අවධාරණය කළහ.










