spot_img
spot_img
Thursday, November 26, 2026
spot_img
spot_img

ලැගුම්හලේදි ලක්ෂ 40ක් වටින රන් දම්වැල සොරාගත් තරුණිය අල්ලයි

Must read

සාදයකදී හමුවූ පුද්ගලයෙකු සමග ලැගුම් හලකට ගොස් එහිදී එම පුද්ගලයා සතුව තිබූ රුපියල් 40,75,000 ක් වටිනා රන් දම්වැලක් සහිත පෙන්ඩනයක් සොරකම් කළ තරුණියක්ව වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය විසින් අත්අඩංගුවට ලෙන ඇත්තේ වෙන්නප්පුව – බණ්ඩිරිප්පුව සහ මාරවිල – කොස්වාඩිය යන ප්‍රදේශ වල තාවකාලිකව පදිංචිව සිටි 26 හැවිරිදි තරුණියක්වය.

සිද්ධියට මුහුණ දී ඇති අය තම අඹු – දරුවන් සමග වසර කීපයක්ම ඉතාලියේ පදිංචිව සිටිමින් රැකියාවන් කරන අයෙකි.කෙටි විවේකයක් ගත කිරීම සදහා ඔහු මෑතකදී මෙරටට පැමිණ ඇත.ඔහු ඉකුත් 15 වෙනිදා වෙන්නප්පුවට ආසන්න නිකේතනයක පැවති සාදයකට සහභාගි වී ඇත.සැකකාරිය ඔහු හදුනා ගෙන ඇත්තේ එම සාදයේදීය.

දෙදෙනාගේ හිතවත්කම වර්ධනය වී පසුගිය දිනක ඔවුන් වෙන්නප්පුව ප්‍රදේශයේ ලැගුම් හලකට ගොස් ඇත.එහිදී තරුණිය පළමුව නාන කාමරයට ගොස් පිරිසිදු වී ඇත.අනතුරුව සිද්ධියට මුහුණ දුන් අය පිරිසිදු වීම සදහා නාන කාමරයට ගොස් ඇත.ඒ තමා පැළද සිටි පෙන්ඩනය සහිත රන් දම්වැල ඇද සිටි කමිස සාක්කුට දැමීමෙන් අනතුරුවය.

ක්ෂණිකව ක්‍රියාත්මක වී ඇති තරුණිය එම රන් දම්වැල සහ පෙන්ඩනය රැගෙන ලැගුම් හලෙන් පිටත්ව ගොස් ඇත.

නාන කාමරයේ පිටතට පැමිණ තමා සමග පැමිණි තරුණිය සම්බන්ධයෙන් සොයා බැළුවත් ඇය ඒ වන විටත් අතුරුදහන්වී ඇත.ඇමතුම් කීපයක් ගත්තත් ඒ වන විටත් ඇය තමන්ගේ දූරකතනය ක්‍රියා විරහිත කර තිබී ඇත.පසුව සිද්ධිය වෙන්නප්පුව පොලීසියට පැමිණිළි කිරීමට සිද්ධියට මුහුණ දුන් අය කටයුතු කර ඇත.

අතුරුදහන්වූ තරුණිය කටාන ප්‍රදේශයේ ලැගුම් හලක සැගවී සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.තමා සොරකම් කරන ලද පෙන්ඩනය සහිත රන් දම්වැල උගස් කර මුදල් ලබා ගත් බව ඇය පොලීසියට පවසා ඇත.

සැකකාර තරුණිය මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

වෙන්නප්පුව පොලීසිය වැඩිදුර විමර්ශණ කරගෙන යයි.

ජුඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article