Saturday, May 18, 2024

අනාගත පරපුර වෙනුවෙන් ජනමාධ්‍ය පෝෂණය කළ යුතුයි

Must read

indexඅනාගත පරපුර වෙනුවෙන් ජනමාධ්‍ය පෝෂණය කළ යුතු බවත් ප්‍රාදේශීය මාධ්‍යකරුවන් ශක්තිමත් කිරීමට පියවර ගැනීම වැදගත් බවත් කර්මාන්ත හා වානිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසයි.

මන්ත්‍රීවරයා අද (23) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ,කර්මාන්ත හා වානිජ කටයුතු,දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීමේ සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය මෙන් ම ජනමාධ්‍ය කැබිනට් නොවන අමත්‍යාංශය යන අමාත්‍යාංශවල ව්‍යශීර්ෂ විවාදයට එක්වෙමිනි

ප්‍රාදේශීය මාධ්‍යකරුවන් විශාල කාර්යභාරයක් සිදු කරනවා. ඔවුන් ශක්තිමත් කරන්න සහන ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කළා. ඔවුන් වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් ආරක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කළ යුතුයි.  පාර්ලිමේන්තු වාර්තාකරුවන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනවා. විදේශීය ටෙලිනාට්‍ය බද්ද දේශීය ටෙලි නිර්මාණකරුවන් වෙනුවෙන් යොදවන්න. බද්ද ඵලදායි ලෙස  යොදවන්නට වුවමනයි.මාධ්‍යවේදීන්ට වෘත්තීය මට්ටමින් ඉහළට යන්න පහසුකම් සලසා දීම වැදගත්.

මාධ්‍යයට සෘජුව තර්ජනය කිරීම ,වෙලඳ දැන්විම් නැවැත්වීම ශිෂ්ට සම්පන්න ක්‍රියාවක් නොවේ. අසාධරණ ලෙස  මාධ්‍ය අයතනවලට ගැටළු ඇති වී තිබෙනවා.ජනමාධ්‍ය සහන වැඩසටහන්වලට අවතීරණ වෙලා. ජනතාවදී  ව්‍යාපාරවලට යොමු වෙලා. සමාජජාල වෙබ් අඩවි ප්‍රසාරණය වෙන්න වෙන්න සම්ප්‍රදායික මාධ්‍ය වෙත  සිනමාශාලාවලට අත් වූ ඉරණම වෙන්න පුළුවන්. රාජ්‍ය මාධ්‍ය ආයතන වඩා නූතනත්වය කරා ගමන් කිරීම ආරම්භ කර තිබෙනවා යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article