Sunday, May 5, 2024

දැදුරු ඔයේ නීති විරෝධී වැලි ගොඩදැමීම් , අනවසර ඉදිකිරීම් ජයටම ?

Must read

viber image 2019-03-27 , 17.41.23
දැදුරු ඔයේ මෝය දෙසට ඇති වම් ඉවුරේ ගොඩගසා ඇති වැලි කන්ද සහ වැලිගොව්වා යන්ත්‍රය

(5.57pm)දැදුරු ඔය ආශ්‍රීතව වැලි ගොඩදැමීම් මෙන්ම අනවසර   ඉදිකිරීම් කීපයක් මේ වනවිට සිදුකෙරෙමින් පවතියි. මින් ප්‍රධාන එකක් වන්නේ අනවසරයෙන් වැලිගොඩදැමීමේ ව්‍යාපාරයයි. මේ වනවිට දැදුරු මේ වනවිට දැදුරුඔය මුහුදට වැටෙන ස්ථාානය වන මෝය කට ලග වැලි පිරීම වැලැක්වීම සදහා වැලි කොට්ටා මගින් දිය කඩනයක් සෑදෙමින්  පවතියි. මෙම මෝය කටේ වැලි ඉවත්කිරීමට අමතරව ඊට කිලෝමීටර් 6 කට  පමණ ආසන්නයේ  දැදුරු ඔයෙන් වැලි හාරන යන්ත්‍රයක් හා ගොඩදැමූ වැලි දක්නට ලැඛේ. මෙය  නීති විරෝධී ක්‍රීයාවක් බව  ප්‍රදේශවාසීන් සැක පහළ කර ඇති අතර මේ සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ නිලධාරීන් ද දැනුවත් කර තිඛේ.මේ අතර ගං ඉවුරේම ඉදිකළ නවීන පන්නයේ ආපන ශාලාවක්ද ගං ඉවුරු දෙක යා කරමින් පොල් වත්තක හිමිකරුවෙකු විසින් පාලමක්  ඉදිකිරීමට ආරම්භකර ඇති ආකාරය ද දිස්වේ.දැදුරු ඔය සහ වෙරළ පරිසරය ආරක්ෂාකිරීම වෙනුවෙන් ක්‍රියාකාරීවන වයඹ හඩ පරිසරය සුරැකීමේ සංවිධානය විසින් දැදුරු ඔයේ අනවසර ඉදිකිරිම් මෙන්ම වැලි ගොඩදැමීම් සම්බන්ධ නිරීක්ෂණ චාරිකාවක නියැලුන අතර එහි සාමාජිකයින් විසින් මෙම ව්‍යසනය සම්බන්ධයෙන් අදහස් දැක්වීමක්ද සිදුකරන ලදී.

viber image 2019-03-27 , 17.38.08
                                                                 ඔය මැදින් ඉදිවෙන අනවසර පාලම

viber image 2019-03-27 , 17.41.24
හලාවත මෝය

viber image 2019-03-27 , 17.36.25
                                                                        viber image 2019-03-27 , 17.41.24

රළ කඩනය

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article