Saturday, May 18, 2024

අනුන්ගේ ක්‍රෙඩිට් කාඩ් වලින් ලක්ෂ ගණනින් භාණ්ඩ මිල දි ගත් 2 ක් කොටු කර ගනී..

Must read

DSC_9314 DSC_9312 අනුන්ගේ ක්‍රෙඩිට් කාඩ් පත් වල දත්ත උපක්‍රමිකව ලබා ගෙන ව්‍යාජ ලෙසින් සකස් කර ගත් ක්‍රෙඩිට් කාඩ් පතකට එම දත්ත ඇතුළත් කර සුපිරි වෙළද සැල් වලින් ලක්ෂ ගණනින් විවිධ භාණ්ඩ ලබා ගැනීමේ ජාවාරමක් පවත්වා ගෙන ගිය පරිගනක අපරාධ කරුවන් දෙදෙනෙකු ඊයේ  ( 2දා )අළුයම හලාවත දි අත් අඩංගුවට ගත් බව හලාවත පොලිසිය කියයි.
ඒ සමගම ව්‍යාජ ලෙසින් සකස් කර ගත්  රජයේ හා පෞද්ගලික බැංකු කාඩ් පත් හතරක්ද පරිගනක උපාංග හා මිලදී ගත් උපකරණ කිහිපයක්ද  අත් අඩංගුවට ගත හැකිවු බවත් කියයි.
ප්‍රධාන සැකකරු හලාවත කොරයා වත්තේ පදිංචි 45 වන වියේ පසුවන විවාහකයෙකු වන අතර අනෙකා හලාවත වටවන පදිංචි 22 වන වියේ පසුවන ඉන්ධන හලක පොම්පකරුවෙකු වන බවත් කියයි.
ඉන්ධන හලට ඉන්ධන ලබා ගැනීමට එන පුද්ගලයන් ඉන්ධන ලබා ගත් පසු  සිය බැංකු කාඩ් පත  එම පොම්බකරු වෙත ලබා දෙන අවස්ථාවේ දි ඔහු තමන් වෙත තබා ගෙන සිටින උපකරණයක් මගින් එහි දත්ත සොරා ගෙන ප්‍රධාන සැකකරුට ලබා දි පසුව ඔහු එම දත්ත පරිගනකයක් මගින් තමන් විසින් සකස් කර ගත් කාඩ් පතකට උපක්‍රමශීලිව ඇතුළත් කර ගෙන විවිධ සුපිරි වෙළද සැල් වලට ගොස් විවිධ භාණ්ඩ ලබා ගෙන පසුව එම භාණ්ඩ අඩු මිලකට විකුණා ඇති බවත් කාඩ් පතේ සැබැ හිමි කරු සිය කාඩ් පතින් වෙනත් ගණුදෙනුවක් කිරිමට ගිය අවස්තාවේ දි ඔහුගේ බැංකු ගිණුමේ මුදල් නොමැති බව හෙලිවීම නිසා මෙම වංචනීක ජාවාරම අනාවරණය කර ගෙන තිබුණි. මෙලෙස හිංසනයට පත් පුද්ගලයින් තිදෙනෙකු විසින් කරණ ලද පැමිනිළි අනුව පරික්ෂණ කර අත් අඩංගුවට ගැනීම සිදු කර ඇත.
පැමිණිල්ල ලත් පසු සිදු කළ පරික්ෂණ වල දි කාඩ්පත් හිමියන්ගේ මුදල් වංචනිකව ලබා ගත් බව බැංකු විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර පසුව අධිකරණ නියෝගයක් මත කාඩ් හිමියන්ගේ මාසික ගිණුම් තොරතුරු ලබා ගෙන සිදු කළ පරික්ෂණ අනුව මෙම පරිගනක වංචණීක ජාවාරම අනාවරණය කර ගත හැකිවු බවත් කියයි. 
හලාවත කොරයා වත්තෙක් පදිංචි ප්‍රධාන සැකකරු මෙයට කලින් දඹුල්ල ප්‍රදේශයේ හා වෙනත් ප්‍රදේශවල දිද විවිධ අපරාධයන් සිදු කර ඇප මත මුදා හල අයෙකු බවත් කියයි. 
පොම්පකරු බැංකු කාඩ් දත්ත ලබා දෙන අවස්ථාවේ දි ඔහුට එක් දත්තයක් සදහා රුපියල් 2000 ක මුදලක් ගෙවන බවත් හෙලි කර ගෙන ඇත. 
පරීක්ෂණ නිම කිරිම් වලින් පසු සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.
හලාවත පොලිස් අධිකාරි සුරම්ජිත් කුමාරපේලි සහකතාර පොලිස් අදිකාරි කිර්ති බන්ඩාර මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක වසන්ත හේරත් යන
 මහත්වරුන්ගේ උපදෙස් මත අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක කේ.කෙන්. ගාමිනි වික්‍රමසිංහ උප පොලිස් පරික්ෂක ආදාසුරිය සැරයන් වරුන්වන නිමල් 31666 සූරසිංහ 21365 රංජිත් 29227 කොස්තාපල්වරුන් වන අබේසිංහ 32086 දේශප්‍රිය 17879 වසන්ත 53275 සහ සම්පත්77218 යන මහත්වරුන් මෙම වැටලිමට එක්ව සිටියහ. අත් අඩංගුවට ගත් භාණ්ඩ ජායාරූප වල දැක්වේ.
  හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article