Saturday, May 18, 2024

වෙන්නප්පුවේ මුස්ලිම් කඩ විවෘත කරන්න බෑ ?

Must read

wennappuwaවෙන්නප්පුව නගරයේ මුස්ලිම් කඩ 10 ක් සහ ලිමෝලක් විවෘත කිරිමට ඉඩ ලබානොදිමේ තත්වයක් මතුව ඇතැයි වාර්ථාවේ .
මේ හේතුවෙන් එකි ව්‍යාපාරිකයන් මෙන්ම එ්වායේ සේවය කරනු ලබන අයද මහත් අපහසුතාවකට පත්ව තිබේ.එපමණක් නොව වසර ගණනාවක් තිස්සේ පැවැති මේ කඩවලින් බඩු මිළදි ගත් පාරිහෝගිකයන්ද දැඩි අපහසුතාවයකට පත්ව සිටිති.
දැනට දින 13 තිස්සේ මේ ව්‍යාපාරික ස්ථාන වසාතැබිමට මේ ව්‍යාපාරිකයන්ට සිදුව තිබේ.
මේ පිටුපස ක්‍රියාත්මක වෙළද ත්‍රස්තවාදයට නායකත්වය දෙන්නේ කව්ද යන්න පිළිබදව වෙන්නප්පුව නගරයේ දැන් ප්‍රසිද්ධ රහසකි..
පසුගිය ඔක්තෝබර් කුමන්ත්‍රණය සමයේදි මේ ඇතැම් දේශපාලකයන්ගේ හැසිරිම ගැන අමුතුවෙන් මෙහිලා සටහන් කළ යුතු නොවේ.
මේ පිළිබදව පසුගිය කාලය තුල මුහුණු පොතේ පවා සටහන් ව තිබුණි.
සිවිල් නිතිය අතට ගෙන කටයුතු කිරිමට සුදානම් ඇතැම් කොටස් වෙත දේශපාලන නායකයත්වය දෙමින් සිටින්නේ පොහොට්ටු දේශපාලකයෙකු යැයිද කියැවේ.
පසුගිය යුද සමයේ මෙවන් වෙළද ත්‍රස්තවාදයක් පැවැති නගරයක් ලෙස අප අසා තිබුනේ  කිරිබත්ගොඩ පමණි.
මුස්ලිම් අන්තවාදි ත්‍රස්ත කණ්ඩායම් වල ප්‍රහාරයෙන් මිගමුව තුල නැතිවු ජිවිත ගණන 104 කි. එහෙත් මිගමුවේ ජනතාව ලොවටම අාදර්ශයක් දෙමින් මිගමුව තුල සාමයත් සංහිදියාවත් පවත්වාගෙන යද්දි වෙන්නප්පුවේ මේ වෙළද ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන්නේ කව්ද ? මෙහි ඇත්ත උවමනාව කුමක්ද ? සිවිල් නිතිය අතට ගෙන ක්‍රියාත්මක විමට මෙසේ ඉඩ දි ඇත්තේ කව්ද ?

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article