Sunday, May 19, 2024

අනෙකාට එරෙහිවීම පරමාදර්ශයක් වූ රටක සත්ව ප්‍රජාව රැකගැනීමේ අභියෝගය

Must read

98607596_2884754318307663_5065281221114724352_n
මනුස්සකම කියා නොදි අනිකාට එරෙහිවිමට කියා දුන් සමාජයක සත්ව , ශාක ප්‍රජවට හා මානවයාට අත්වන්නේ ඛෙදනීය ඉරණමක් බවට පරිසරවේදී  රවින්ද්‍ර කාරියවසම්  විසින් දිවියෙන් සමුගත් දුර්ලභ ඝනයේ “කළු කොටියා” පිළිබදව සිය මුහුණු පොතේ සටහනක් තබා ඇත. පසුගියදා ලක්ෂපාන, වලමලේවත්ත ප්‍රදේශයේ දී තුවාල ලබා සිටියදී සොයාගැනුණු දුර්ලභ ගණයේ “කළු කොටියා” ගේ සමුගැනීම සොබාදහමට,වනජීවීන්ට ආදරේ කරන ලංකාවේ පරිසරවේදීන් කම්පාවන අවස්ථාවක් බව ඔවුන් තබා ඇති ශෝක සටහන් වලින් හැගී යයි.

මෙම කළු කොටියා ශ්‍රී පාද රක්ෂිතයේ සැරිසරමින් සිටියදී  මිනිසුන් විසින් ඇටවූ මන්දකට හසුවූ  තිබුණේ පසුගිය 26 වනදායි.  දඩයම්කරුවන් පිරිසක් විසින් අටවා තිබූ උගුලකට හසු වීමෙන් තුවාල ලබා සිටි මෙම දුර්ලභ ගණයේ කළු කොටියා පශු වෛද්‍යවරුන් විසින් නිර්වින්දනය කර මුදාගෙන ප්‍රතිකාර සදහා ඇත්අතුරු සෙවණ පශු වෛද්‍ය රෝහල වෙත රැගෙන ගොස් තිබුණි. කිසියම් හේතුවක් නිසා මෙම සත්වයා අද  (29) උදෑසන මියගොස් තිබේ.
මෙම කලු කොටියා ලංකාවේ සිටින දුර්ලභ ගනයේ කොටියෙකු වන ( පැන්තර පාදුස් ) වර්ගයෙකුට අයත් සත්වයෙකු බව නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා ලංකාදීප පුවත්පතට  පවසා තිබුණි.
මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩ්මෝර් තේ වත්තේ දඹේතැන්න කොටසේ එළවළු වගා භූමියක වල් ඌරන් දඩයම් කිරීමට අටවා තිබූ උගුලකට කඳුකර කොටියෙකු හසු වී තිබුණේ පසුගිය 17 වැනිදා රාත්‍රියේදීය.  මෙම සතාවද බේරාගන්නා විට කොටි දෙනගේ ශරීරයට දරුණ තුවාල ඇතිව තිබූ අතර ඇයව ජීවත්කරවීමට  වනජීවී නිලධාරීන්ට නොහැකි විය.
Nallatanniya-Leop-5-1
වර්තමානය තුළ  ලංකාවේ අලි ඇතුන්, කොටින් ඇතුළු දුර්ලභ ගනයේ සත්වයින්ගේ ජීවිත අවධානම වර්ධනය වී තිබේ. මෙම අවධානම ගෘහස්ත ආශ්‍රිතව මෙන්ම නාගරිකව ජීවත් වෙන සත්වයින්ටද අදාළය. සමාජය තුළ සත්වයින් ආරක්ෂාකිරීම පිලිබදව තිබිය යුතු චර්යාවන් ගිලිහී යමින්  ඔවුන් මෙම පරිසරයේ කොටස්කරුවන්  පිළිගැනීමට අසමත් වෙමින් තිබේ.  රක්ෂිත තුළ ජීවත්වන ආවේනික වනසතුන්ගේ ජීවත්වීමේ අයිතිය සුරැකිමට වනජිවී දෙපාර්තමේන්තුවට මෙන්ම ලංකාවේ රජය අපොහොසත් ඇති බව සනාථ වී ඇත.  සත්ව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබදව ලංකාවේ පවතින නීති තව තවත් දැඩි විය යුතු අතර ඒ සදහා නව පනත්    ගෙන ආ යුතු බව දිනෙන් දින සත්වයින්ට සිදුවන හිංසා වලින්  මතුවන  කාරණයකි. අනෙක් පසට සමාජයක් ලෙස මනුෂ්‍ය ඝාතන,සත්ව ඝාතන දිනෙන් දින වර්ධනය වෙමින් සමාජයක් ලෙස අප ගමන්කරමින් සිටින්නේ අපගමනයක්  වෙතය.  මේ සදහා විශාල පරිවර්තනයක් අද ලාංකීය සමාජය තුළ සිදුවීය යුතුය. පරිසරවේදීන් , සත්වප්‍රේමීන් ඒ වෙනුවෙන් සිදුකරමින් සිටින කාර්්‍ය අගය කළ යුතු අතර  සමාජය තුළ සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ අතරට මෙම සත්ව අයිතිවාසිකම් පිලිබද අරගලයද තව තවත් පණගැන්වෙමින් ඉදිරියට ආ යුතුය.101133059_2884754224974339_5320250172230336512_n 101003716_2884754434974318_4932228816526376960_n 101310915_2884754384974323_4366564718651899904_n  101013106_667514213794925_4519270361010798592_o

සබැඳි තොරතුරු

ශ්‍රී පාද රක්ෂිතයේ සැරිසැරූ දුර්ලභ කළු කොටියා මන්දකට හසුවෙයි

දඩයක්කරුවන්ගේ වර මන්දට බිලිවූ නල්ලතන්නියේ කොටි දෙන

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article