Tuesday, May 7, 2024

අරුන්දික අමාත්‍යධූරයේ වැඩ අරඹයි

Must read

03 (4)

රජයට ලැබී තිබෙන තුනෙන් දෙකක බලය පාවිච්චි කර දුප්පත් කම නැති කිරීමට අවශ්‍ය වන ප්‍රතිපත්ති තීන්දු තීරණ පාර්ලිමේන්තුව තුළ ගත යුතුව ඇතැයි පොල්,කිතුල්,තල් හා රබර් වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය.

තම අමාත්‍ය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් හලාවත වැවිලි සමාගමේ පැවති උත්සවයකදී ඇමතිවරයා මේ බව කියා සිටියේය.

තව දුරටත් කථා කළ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා මෙසේද පැවසීය.  මේ වෙන කොට අපේ රටේ ජනතාව විවිධ දුක් කරදර වලට මුහුණ දීලා තියනවා.
ඇතැම් පවුල් වල අයට තුන් වේල කන්න විධියක් නැහැ. නිවසේ කොටසක් හදා ගෙන  ඉන්නවා ඉතුරු ටික හදා ගන්න විධියක් නැතිව.ඇතැම් අය ඉන්නවා නිවස තියනවා වැසිකිලිය නැහැ.ඒ ගැන අපි ලැජ්ජා විය යුතුයි.මේ ආණ්ඩුව කළ යුතු පළමු වැනි දේ තමයි මිනිස්සුන්ට කන්න දෙන එක.ඒක කරන්න බැරි නම් අපි දේශපාලනය කරලා වැඩක් නැහැ.

රට මොන තරම් සංවර්ධනය කළත් වැඩක් වෙන්නේ නැහැ මිනිස්සුන්ට කන්න දෙන්න හැකියාවක් නැත්නම්.ඒ බව තේරුම් ගත්තු නායකයෙක් අද අපිට බිහි වෙලා ඉන්නවා.අපිට විදේශ මුදල් අවශ්‍ය වෙලා තියෙනවා ඒ දෙවල් කරන්න. අපේ රටේ මුදල් පිට රටවල් වලට ගලා ගෙන යාම නවත්වන්න ඕනේ.පරිප්පු වගේ දේවල් වලට ආදේශක ඇති කළ යුතු වනවා.අපනයනය කෘෂි කර්මාන්තය වැඩි කරලා විදේශ විනිමය අපේ රටට ගෙන ආවොත් පමණයි දුප්පත් කම නැති කිරීමට හැකියාව ලැබෙන්නේ.

මේ වෙන කොට ජනාධිපතිතුමාගේ පාලන කාලයෙන් මාස 08 ක්ම ගෙවිලා අවසන්.දැන් අපිට තුනෙන් දෙකක බලයක් ලැබිලා තියනවා.මේ බලය පාවිච්චි කරලා දුප්පත් කම නැති කිරීමට අවශ්‍ය කරන අණ පනත් ගෙන ආ යුතු බව මගේ අදහසයි.දුප්පත් කම නැති කිරීමට අවශ්‍ය කරන ප්‍රතිපත්ති ගෙනවිත් ඒවා පාර්ලිමේන්තුව තුළ සම්මත කිරීම කළ යුතුයි.

මම විශ්වාස කරන ආකාරයට මේ මැතිවරණ ක්‍රමයත් වෙනස් විය යුතුයි.සල්ලි තියන අයට පමණක් මැතිවරණයට මුහුණ දෙන්න හැකි මේ ක්‍රමය වෙනස් කළ යුතුයි.එහෙම කරලා අපි කියන තැනට මේ රට ගෙනියන්න හැකි වෙන්න ඕනා.ඒ සදහා දේශපාලන අධිකාරියේ,නිලධාරීන්ගේ මෙන්ම ජනතාවගේත් සහාය රජයට ලැබිය යුතු වෙනවා

වයඹ පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය අතුල විජේසිංහ,හිටපු පළාත් අමාත්‍ය පියසිරි රාමනායක,හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන ඉන්ද්‍රාණි දසනායක,ආනන්ද සරත් කුමාර,හලාවත වැවිලි සමාගමේ සභාපති ජූඩ් රූකාන්ත යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.


ජූඩ් සමන්ත

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article