Sunday, May 19, 2024

අවුරුදු 04ක දැරිය දූෂණය කළ අමනයෙකුව උඩප්පුව පොලීසියෙන් අත්අඩංගුවට

Must read

 

(13.33 am) වයස අවුරුදු 04 ක් වන තම දියණිය දුෂණය කළ  බව කියන සැක34348645492_9d37644308_bකරුවෙකුව උඩප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ සින්නපාඩුව – තෙත්තන්තිව් පදිංචිකරුවෙකු වන 34 හැවිරිදි අයෙකුවය. සැකකරු ධීවර කාර්මිකයෙකු බවට හදුනා ගෙන ඇත.පසුගිය 20 වැනිදා ඔහු මත් පැන් පානය කර නිවසට පැමිණ ඇත.දියණිය අසල්වැසි නිවසක රදවා බිරිද කිසියම් කටයුත්තක් සදහා බැහැරට ගොස් තිබී ඇත.අසල්වැසි නිවසේ සිටි දියණිය තමන්ගේ නිවසට කැදවා ගත් සැකකරු මෙම අපරාධය සිදු කර ඇති බව පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇත.

නිවසට පැමිණ ඇති බිරිද සිද්ධිය දැන ගැනීමෙන් අනතුරුව මේ බව පොලීසියට පැමිණිළි කිරීමට කටයුතු කර ඇත. අතවරයට පත්ව ඇති දැරිවිය ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත. සැකකරු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. උඩප්පුව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.


ජුඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article