Saturday, May 18, 2024

අවි සමග යුද හමුදා නිලධාරීන් දෙදෙනෙක් කුරුණෑගලදී අත්අඩංගුවට

Must read

handcuffපසුගිය අගෝස්තු 31 වන දා රාත්‍රී 11.40ට පමණ කුරුණෑගල පොලිස් වසමේ ගෝවා කොටුව හංදිය අසල දී‍ලකුරුණෑගල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් යතුරුපැදියකින් ගමන් ගත් සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතිබව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. අත්අඩංගුවට ගෙන ඇත්තේ  යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදීය.

එහිදී යතුරුපැදිකරු හැඳ සිටි ජැකට්ටුවට ආවරණය කර ගෙන රැගෙන යමින් තිබූ ටී.56 ගිනි අවියක්, සජීව පතරොම් 10ක් සහිත මැගසීනයක් සමඟ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට පත්ව ඇත.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 46 ක් වු කුලතුංග මුදියන්සේලාගේ තුෂාර චන්දමාල් නැමති දාහිගමුවල කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි බුත්තල යුද හමුදා කඳවුරේ සේවය කරන යුද හමුදා සිවිල් සේවකයෙක් වන අතර
අනෙක් පුද්ගලයා හංවැල්ලල කුඩාගල්ගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 ක් වු කරුණාධිපති දේවලාගේ චමින්ද සිරිජයලත් යන පුද්ගලයෙකි.  පසුපැදිකරු වන මෙම පුද්ගලයා නිට්ටඹුවල වතුපිටිවල විජයබා පාබල රෙජිමේන්කුවේ යුද හමුදා සිවිල් සේවකයෙකිග

මෙම අත්අඩංගුවට පත් සැකකරුවන්ගේ නිවෙස් ඊයේ:01- දහවල් කුරුණෑගල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුහුණුව ලත් නිල සුනඛයෙකු යොදවා විශේෂ පරීක්ෂාවකට ලක් කර ඇත.

එහිදී යතුරුපැදිකරුගේ නිවසේ තිබී තවත් ටී-56 ගිනි අවියක්ල ටී – 56 ගිනි අවි පිරිසිදු කිරීමේ කට්ටලයක්ල ඉතාලියේ නිෂ්පාදිත වායු රයිපලයක්, අවි සඳහා භාවිතා කරන දුර දක්නයක්, බෝර 12 පතරොම් තුවක්කු සඳහා භාවිතා කරන හිස් පතරොම් කොපු 6 ක්, යුද හමුදා නිලධාරින් භාවිතා කරන පැක් 2ක්, හනස් කට්ටල 1 ක්ල බෙල්ට් ඕඩර් 2ක්ල පුචස් 2ක්ල අවි පටි 4ක්ල වතුර බෝතල් 2ක්ල හෙල්මට් 1ල කළු ඉන පටි 1ක්ල කැප් තොප්පි 1ක්, මෙස් ටින් 1ක්, ඔයිල් බෝතල් 1ක්‍ල පිස්තෝල අවි මැගසින් දැමීම සඳහා භාවිතා කරන හොස්ටර් 01ක්ල නිල මුද්‍රා 1ක් හා උපකරණ දැමීම සඳහා භාවිතා කරන කොළ පැහැති බෑග් 2ක් සොයා ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් ඊයේ කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව වැඩිදුර පරීක්ෂණ සඳහා පැය 48 ක් රැඳවුම් නියෝග ලබා ගෙන ඇතග අද:02- නැවත කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


තොරතුරු- දිනමිණ

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article