Saturday, May 18, 2024

ආඩිගම හා අවට ගම්මාන වල ජනතාවගේ ගැටළු වලට විසඳුම් ඉල්ලා විරෝධතාවක්

Must read

399A0009399A0022

(1.09 PM) තම ගම්මාන වලට නිරන්තර කඩා වදින වන අලින් පලවා හැරීමට ස්ථීර වැඩ පිළිවෙළක් යොදන ලෙස ඉල්මින් මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන 06 ජනතාව 23 වැනිදා දහවල් විරෝධතාවයක නිරත විය.

ආඩිගම – කීරියන්කල්ලිය මාර්ගයේ ගල්කුලිය ප්‍රදේශයේදී මෙම විරෝධතාවය පැවැත්වුණි.විරෝධතාවය හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට පැය කීපයක් බාධා ඇති විය.එම මාර්ගයේ ගමන් කළ ඇතැම් වාහන විකල්ප මාර්ග ඔස්සේ ගමන් කිරීමට සුදානම් වුවත් විරෝධතාකරුවන් එයටද අවස්ථාවක් ලබා නොදීමට කටයුතු කරන ලදි. ගල්කුලිය,මොහොරිය,දේවාලහන්දිය,පූනපිටිය,එගොඩගම ඇතුළු අවට ගම්මාන වල ජනතාව මෙම විරෝධතාවයට එක්ව සිටියේය. පසුගිය කාලය තුළ මෙම ගම්මාන වල පදිංචිකරුවන් 08 දෙනෙකු වන අලින් විසින් පහර දී ඝාතනය කර ඇති බවත්,ගම් වැදී සිටින වන අලින් වගා බිම් රැසක් පාළු කර ඇති බවද විරෝධතාවයට එක්ව සිටි පිරිස කියා සිටියේය. ප්‍රදේශයේ විහාරස්ථාන වල වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලාද විරෝධතායට එක්ව සිටියේය.

එම ස්ථානයට පැමිණි වන ජීවී නිලධාරීන්ට විරෝධතාකරුවන් ගෙන් දැඩි විරෝධයක් එල්ල කරන ලදි.වන ජීවී නිලධාරීන්ගේ නොසැලකිල්ල මෙම තත්ත්වයට හේතුව බව ඔවුන් කියා සිටියේය. මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන වලට කඩා වැදී ඇති වන අලින් පලවා හැරීමට පසුගිය කාලය තුළ අවස්ථා දෙකකදී කටයුතු කරන ලදි.නමුත් ඒ සියල්ල අතර මග ඇණ හිටියේය. මුලින්ම වන අලින් කීප දෙනෙකු පමණක් මෙම ප්‍රදේශය තුළ සැරි සැරුවත් මේ වන විට වන අලින් 60 ක් පමණ සිටින බවද ඔවුන් කියා සිටී.

399A9996

ජූඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article