Monday, May 6, 2024

ගල්විල පාරිසරික උද්‍යානය තුළත් ඇති දැවැන්ත පාරිසරික විනාශයක්

Must read

30

කරුවලගස්වැව – ගල්විල පාරිසරික උද්‍යානය තුළ සිදුවී ඇති දැවැන්ත පාරිසරික විනාශයක් සම්බන්ධයෙන් වගකිව යුතු අංශ වල අවදානය වහා යොමු විය යුතුව ඇතැයි කරුවලගස්වැව – 17 කණුව,ලුම්බිණි විහාරයේ විහාරාධිපති පුජ්‍ය මානෑවේ පංඤ්ඤාරාම ස්වාමීන් වහන්සේ සදහන් කරයි.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ගල්විල පාරිසරික උද්‍යානය හෙක්ටයාර් 21 ක පමණ විශාලත්වයකින් යුක්තය.තබ්බෝව අභය භූමිය සහ නවගත්තේගම ප්‍රදේශයේ ඇති රක්ෂිත වනාන්තර මෙම පාරිසරික උදයානයට අයත් වේ.

2017 වර්ෂයේදී විශේෂ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරන ලද ගල්විල පාරිසරික උද්‍යානය පසුගිය ජූලි මස 17 වැනිදා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් විවෘත කරන ලදි.

පුරා විද්‍යා වටිනාකමක් ඇති ගල් ලෙන් මෙන්ම පැරණි ගස් වර්ග රැසක්ද මෙම උද්‍යානය තුළ දැක ගැනීමට හැකියාව ඇත.එමෙන් විවිධ වන සතුන්ම මෙම උද්‍යානය තුළ සැරිසරන බව පරිසරවේදීන් මෙන්ම සත්ත්ව ගවේෂකයින්ට විසින් හදුනා ගෙන ඇත.ඊට අමතරව වසර ගනනක් පැරණි පළු,වීර,කරුවල වැනි දුර්ලභ ශාඛ වර්ග රැසක්ද දැක ගැනිමට ඇත.

වනාන්තරය තුළ ජීවත් වන වන අලින් ඇතුළු සතුන්ට අවශ්‍ය ජලය රැස් කිරීමට යැයි පවසා වැලි සහ පස් ජාවාරමක්ද වනෝද්‍යානය තුළ සිදු වන බවක් දක්නට ඇත.ගොවි සංවිදාන වල අවසරය ඇතිව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයෙන් ලබා දී ඇති අවසර පත්‍ර අනුව සිදු කරණු ලබන්නේ දැවැන්ත ජාවාරමක් මිස සංවර්ධනයක් නම් නොවන බව සත්‍යයකි.වන සතුන්ට අවශ්‍ය ජලය රැස් කිරීම සදහා වැව් සකස් කරනවා වෙනුවට ඔවුන් උද්‍යානය තුළ තැන තැන වළවල් හාරමින් සොයා ඇත්තේ වැලි සහ පස් බව අප විසින් කරන ලද නිරීක්ෂණයේදී අනාවරණය විය.

එමෙන්ම වන උද්‍යානය තුළ දැවැන්ත වන සංහාරයක්ද සිදුවී ඇති බවක් දක්නට ඇත.සංචාරකයින්ට ගමන් කිරීමට යැයි පවසමින් මාර්ගයක් ඉදිකරන මුවාවෙන් එම දැන සංහාරය සිදු කර ඇත.සත්‍ය ලෙසම වන උද්‍යානයක් තුළ අධිවේගී මාර්ග තරම් විශාල මාර්ග පහසුකම් අවශ්‍ය නොවන නමුත් එවැනි තත්ත්වයක් මෙහිදී දැක ගත හැකි විය.

මාර්ගය ඉදිකිරීම වෙනුවට කිසියම් පිරිසක් විසින් සිදු කර ඇත්තේ වසර ගනනාවක් පැරණි දැවැන්ත ගස් කපාගෙන රැගෙන යාම බවට අනුමාන කළ හැක.

ගල්විල පාරිසරික වන උද්‍යානය ඉදිකිරීමේ ග්‍රාමීය කමිටුවේ හිටපු උපදේශකවරයෙකු මෙන්ම 17 කණුව ලුම්බිණි විහාරයේ විහාරාධිපති පුජ්‍ය මානෑවේ පඤ්ඤාරාම ස්වාමින් වහන්සේ මෙසේද පැවසීය.

“ගල්විල පාරිසරික උද්‍යානය හදන්න පටන් ගන්න කොට මමත් එහි උපදේශකයෙකු ලෙස කටයුතු කලා.මෙම උද්‍යානයේ කටයුතු සිදු කරන විට ඇතැම් දේවල් වලට එරෙහිව මම කථා කලා.එහි ප්‍රතිඵලය වුනේ මාව එම තනතුරෙන් ඉවත් කරපු එකයි.ඊට පස්සේ තමයි මේ මහා විනාශය කරන්න පටන් අරගෙන තියෙන්නේ.

11(4) - Copy 05(8) 34(1) 32
 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article