Monday, May 6, 2024

ආණමඩුව කන්නංගර ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ල තවමත් භාවිතයට ගෙන නෑ – දෙමාපියන් චෝදනා කරයි

Must read

01(21)

ආණමඩුව කන්නංගර ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ දරු දැරියන් වෙනුවෙන් ඉදි කර ඇති තෙමහල් ගොඩනැගිල්ලක් කිසිදු ප්‍රයෝජනයක් ගත නොහැකි නිසා එය අතහැර දමා ඇතැයි එම විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතිය සදහන් කරයි.

පසුගිය රජය සමයේ රුපියල් ලක්ෂ 483 ක මුදලක් වැය කර මෙම තෙමහල් ගොඩනැගිල්ල ඉදි කර ඇත.

දරු දැරියන් 3000 ක් පමණ මෙම පාසලේ අධ්‍යාපනය ලබන පාසලේ පවතින ගොඩනැගිලි හිගයට පිළියමක් ලෙස ප්‍රදේශවාසීන් විසින් කරන ලද ඉල්ලීමක් අනුව වසර 1 ½ කට පමණ පෙර මෙම ගොඩනැගිල්ල ලබා දී ඇත.මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමේදී සිදුවී ඇති දෝෂ රැසක් හේතුවෙන් එය භාවිතයට ගත නොහැකි බව ආණමඩුව කන්නංගර ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ ලේකම් නිමල් අබේසිංහ මහතා සදහන් කරයි.වැසි කාලයේදී ජලය පිටතට ගලා නොගොස් ඇතුළත රැස්වී තිබීම,වැහි පීළි මතින් නිසි පරිදි ජලය බැස නොයාම,බිත්ති ඉරි තලා තිබීම,වැනි අඩුපාඩු රැසක් ගොඩනැගිල්ල තුළ පවතින බවද පාසල් සංවර්ධන සමිතියේ ලේකම්වරයා සදහන් කරයි.මෙම තත්ත්වය නිසා දරුවන්ට මෙම ගොඩනැගිල්ල තුළ අධ්‍යාපනය ලබා දීමට නොහැකි වී ඇති බවද හෙතෙම අවධාරණය කර සිටී.
02(19)
ජුඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article