Sunday, May 19, 2024

සනත් නිශාන්තගේ සොයුරා 24 දක්වා රිමාන්ඩ්

Must read

1600782991436_1600782968839_ජගත් සමන්ත(7.49pm)රැම්සා තෙත් බිමක් වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති ආනවිලුන්දාව කුරුළු අභය  තුළ ඉස්සන් ගොවිපලක් පවත්වා ගෙන යාම පිණිස අක්කරයක බිමක් ඩෝසර් යන්ත්‍රයක් යොදවා බිම් සකස් කරවු බවට චෝදනා ලබා සිටි ආරච්චිකට්ටුව ප්‍රාෙද්ශීය සභා මන්ත්‍රි කුරු ගමගේ ජගත් සමන්ත පෙරේරා මහතා නිතිඥයෙකු මාර්ගයෙන් අද ( 22 දා ) දහවල් හලාවත දිසා අධිකරණය වෙත බාරවි ඇතිි අතර ඔහු මේ මස 24වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට නියම විය.
පසුගිය පස 25 වන දින කුරුළු අභය භුමිය ඩෝසර් කර තිබු අතර ආරච්චිකට්ටුව පොලිසියට ලැබුණ පැමිණිල්ලක් අනුව එම ඩෝසර් කිරිමේ යෙදු ඩෝසර් යන්ත්‍රයේ ක්‍රියාකරු හා ඉස්සන් ව්‍යාපාරිකයෙකු පසුව ආරච්චිකට්ටුුව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන හලාවත අධිකරණ්‍ය හමුවට ඉදිරිපත් කළ පසු රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ අතර පසුගිය 18 වන දින එවකට හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා විසින් එම සැකකරුවන් දෙදෛනා රුපියල් ලක්ෂ සියය බැගින් පුද්ගලික ඇප දෙකක් මත මුදා හැර තිබුනි. එහිදි මෙම ඩෝසර් සිද්දියට සම්බන්ධ අය සිටිනම් ඔවුන් අත් අඩංගුවට ගැනීම පිණිස අධිකරණය හමුවට කරුණු ඉදිරිපත් කර වරෙනන්තු නියෝගයක් ලබා ගන්නා ලෙසත් විනිිසුරු වරයා ආරච්චිකට්ටුව පොලිසියට නියෝග කර තිබුණි.
මේ අතර නිතිඥ තරංග දිසානායක මහතා මගින් අද ( 22 දා ) අධිකරණ්‍යට ජගත් සමන්ත පෙරේරා බාර වු අතර ඔහුට ඇප නියම කරණ ලෙස නිතිඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඔවුන්ගේ ඉල්ලිම සලකා බලා තීරණයක් දීම පිනිස සැකකරු මේ මස 24 වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට වත්මන් විනිසුරු අනුර ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියෝග කළේය.

 

ඔගස්ටින් ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article