Sunday, May 19, 2024

වෙරළ පවිත්‍රතා දිනය වෙනුවෙන් හලාවත ශ්‍රමදාන ව්‍යාපාරයක්

Must read

DSC_1236 DSC_1235 DSC_1233  අන්තර් ජාතික වෙරළ පවිත්‍රතා දිනය සහ ජාතික සමුද්‍රිය සම්පත් සුරැකීමේ සතිය සමරමින් ඊයේ  ( 21 දා ) පෙරවරු කාලයේ දි හලාවත වෙරළ පවිත්‍ර කිරිමේ ශ්‍රමදානය ව්‍යාපාරයක් දියත් කෙරුණි. මෙම ශ්‍රමදාන ව්‍යාපාරය සංවිධානය කර තිබුණේ සමුද්‍රිය ආරක්ෂණ අධිකාරියේ හලාවත ප්‍රාදේශීය කාර්යාලයයි. හලාවත නගර සභාව පුත්තලම රතු කුරුස සංවිධානය පොලිසිය පළාත් පාලන ආයතන වලින් එවු පිරිස් ද ඊට එක්ව සිටියහ. මෙම ශ්‍රමදාන ව්‍යාපාරයට සම්බන්ධ වු පිරිස හලාවත පොලිස් ස්ථානය අසල සිට අඹකදවිල දක්වා සැතපුම් තුනක පමණ වෙරළ තීරයේ රැදි තිබු කැළි කසල ඉවත් කර වෙරළ පවිත්‍ර කළහ.

ඔගස්ටින් ප්‍රනාන්දු.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article