Monday, May 6, 2024

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර බතික් කර්මාන්තය පිළිබඳ සොයාබලයි

Must read

DSC_2264

බතික් කර්මාන්තය නැවත නගා සිටුවීමට නම් පවතින ගැටළු හදුනා ගෙන ඊට පිළියම් යෙදීම කඩිනමින් කළ යුතුව ඇතැයි බතික්,අත් යන්ත්‍ර,හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය. මාරවිල ප්‍රදේශයේ බතික් කර්මාන්ත කරුවන් හමුවී ඔවුන්ගේ ගැටළු හදුනා ගැනීම සදහා පැවති සාකච්ඡාවකදී රාජ්‍ය ඇමතිවරයා මේ බව කියා සිටියේය.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර මහතා මෙසේද පැවසීය.

අපේ රටට ජාතික කොඩිය ගෙන එන්නේ චීනයෙන්.එමෙන්ම වෙසක් සැරසිළි ගෙන එන්නේ පිට රටවල් වලින්.ඒ නිසා ඉදිරි නිදහස් දිනය සහ වෙසක් දිනයේදී මෙරට බතික් ආශ්‍රිතව නිර්මාණය කරන ලද ජාතික කොඩියක් සහ වෙසක් සැරසිළි හදුන්වා දීමට අදහස් කරනවා.එමෙන්ම එළඹෙන නත්තල් දිනයේදී දේව මෙහෙයන් සදහා සහභාගි වන බැතිමතුන් බතික් ඇදුම් වළින් සැරසී දේව මෙහෙයන් සදහා සහභාගි වන ලෙස ඉල්ලා සිටීමට අදහස් කරනවා. එමෙන්ම අපේ රටේ ගුවන් සේවය බතික් කර්මාන්තය ආශ්‍රිතව සැරසීමට හැකියාව ලැබුනොත් මුළු ලෝකයටම අපේ රටේ බතික් ගැන කියා දෙන්න අපිට හැකියාව ලැබෙනවා.

 

DSC_2212


ජූඩ් සමන්ත

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article