Saturday, May 18, 2024

ආනමඩුව හා පල්ලම නිවාස දෙකකට බොරළු ඡාවාරම්කරුවන් වෙඩි තබයි

Must read

SHOOTING
SHOOTING

(11.40am)  පසුගිය  ( 26 දා ) අළුයම  ආනමඩුව හා ආඩිගම නගරයට ආසන්නයේ පිහිටි නිවසකට  වෙඩි තබා එහි  නිවැසියන් බිය ගන්වා පලා ගිය සැකකරුවන් පසුව පල්ලම නාගවිල ප්‍රදේශයේ නිවසකට ද  වෙඩි තබා නිවැසියන් බිය ගන්වා පලා ගිය සිදුවීමක් එම ප්‍රදේශයෙන් වාර්තා වේ. මේ සම්බන්ධයෙන්   පැමිණිළි ලැබී ඇති බව පොලිස් තොරතුරු වාර්තා කරයි. මෙම වෙඩිතැබීම දෙකම සිදුවී ඇත්තේ පතොරම් තුවක්කු වලින් බවද පොලීසිය පවසයි.  වෙඩි තැබිම නිසා කිසිවකුටත් කිසිදු තුවාලයක් සිදුව නැති අතර නිවාස වලට සුළු හානියක් වි ඇති බවත් මෙම වෙඩි තැබිම නිවැසියන් බිය ගැන්වීමේ අරමුණෙන් සිදුකර ඇති බව පැහැදිලිය.  මේ ආකාරයට එකම දිනයක යක පොලිස් වසම් දෙකක පිහිටි නිවාස දෙකකට වෙඩි තබා ඇත්තේ  ප්‍රෙද්ශයේ නීති විරෝධි බොරළු ජාවාරම්කරුවන් දෙපාර්ශවයක් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් වශයෙන් බව වාර්තා වේ.  වෙඩි තැබු   සැකකරුවන් අත් අඩංගුවට ගත නොහැකිවු බව පල්ලම හා ආනමඩුව පොලිසි කියති.

ආඩිගම ප්‍රදේශයේ නිති විරෝධිව බොරළු කැපීමේ ජාවාරම් වල නිරතව සිටි කල්ලි කිහිපයක් අතර කලක පටන් ගැටුමක් පවතින බවත් ඔවුන් එකම පක්ෂයකට සම්බන්ධ වුවන් වන අතර තමන් රිසි දේශපාලකයන්ගේ ආධාරයෙන් ඔවුන් මෙම ජාවාරම කර ගෙන යන බවට තොරතුරු තිබේ.
එකම පක්ෂයක වුවත් මනාප ලබා දිමේ දි ඇතිවි ඇති විරසකයක් මෙම වෙඩි තැබිම් වලට සම්බන්ධ බව පැහැදිලිය.  මේ වන විට වෙඩි තැබිම දියත් කර ඇති කල්ලිය හදුනා ගෙන ඇකි බවත් නිවැරදි සාක්කි ලද සැනින් ඔවුන් අත් අඩංගුවට ගන්නා බව පොලීසිය පවසයි.
ආනමඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රසන්න කුමාර හා පල්ලම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක හේරත් යන මහත්වරුන්ගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.


ඔගස්ටින් ප්‍රනාන්දු

 

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article