Sunday, May 19, 2024

ආනවිලුන්දාව කුරුළු අභය භූමිය ඩෝසර් කෙරේ ??

Must read

118217375_10158361452016327_924776245560203246_n(10.42am)  ආනවිලුන්දාව රැමිසා තෙත්බිම මෙි වන විට ඉස්සන් වගාවක් සදහා ඩෝසර් කරමින් තිබෙන බව වාර්තා වේ. මෙම භූමිය මෙසේ ඩෝසර කර ඇත්තේ වර්තමාන රජය යටතේ වන අතර ඉස්සන් ව්‍යාපෘති කිරීම වෙනුවෙන් මේ ආකාරයට මෙම භූමිය විනාශ කර ඇති බවයි වාර්තා වන්නේ. රැම්සාර් තෙත්බිමක් ලෙස නම්කර ඇති ආනවිලුන්දාව පක්ෂි පාරාදීසය මෙලෙස විනාශ කර තිබීම දේශිය වශයෙන් ක්‍රියාත්මක  වු ප්‍රතිපත්ති කිහිපයක්ම අමු අමුවේ උල්ලංඝනය වීමක් මෙන්ම ජාත්‍යන්්තර  එකඟතා කිහිපයක්ද දැඩි ලෙස උල්ලංඝනය වීමක්ද වේ. මේ සම්බන්ධයෙන් සටහනක් තබා ඇති පරිසරවේදි රවින්ද්‍ර කාරියවසම් මහතා පවසා ඇත්තේ ආනවිලුන්දාව තෙත් භූමිය රැකගැනිම පාරසරික වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන්ද රටේ අනාගතයට අත්‍යඅවශ්‍ය වන බවයි. ආනවිලුන්දාව කුරුළු සහ සමනළුන්ගේ අභය භූමියක් ලෙස විශේෂිත තෙත්භූමියකි.  ආනවිලුන්දාව තෙත් භූමිය මීට වසර ගණනකට පෙර විනාශයකට ගොදුරුවූ අතර එම ප්‍රෙද්ශයේ පරිසරහිතකාමී ජනතාව ඉදිරිපත්වී ඒ වෙනුවෙන් ක්‍රියාකරන ලදී.  නිල නොවන තොරතුරු අනුව අගෝස්තු 25 වනදා   ආනවිලුන්දාව අභය භූමිය ඉස්සන් වගාව සඳහා ඩෝසර් කර විනාශ කර ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ.

සටහන උපුටා ගැනීම – පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතාගේ මුහුණු පොතෙනි.

” 1971 පෙබරවාරි 02 දින ඉරාණයේ රැමිසා නුවරදි අරමිභ කරනලද රැමිසා සමිමුතිය යටතේ තෙත් බිමක් ලෙස ඇතුලත් කර ඇති මෙම භුමිිිය ලංකාවේ ඇති රැම්සා බිමි අතරින් 2001 වර්ෂයේ අගොස්තු තුන්වන දින රැමිසා තෙත් බිමක් ලෙස නමි කරන ලදි. මෙම තෙත් භුමිය 1997. ජුනි මස 11 වන දින වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අභය භෑම්යක් ලෙස නම්කර ඇත. ඩොසර් කරනු ප්‍රෙද්ශය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කඩොලාන නැවත් ස්ථාපිත කර අධක්ෂණ මටිටමින් පවත්වාගන යාමට සැළසුමක කරන ලද ප්රදේශයකිිහෙක්ටයාර් 1 400 ලෙස තීබු මෙම රැමිසා ප්රධාන පරිසර පද්ධති ත්රිත්වයක් එක භූමියක දැක ගත හැකි ප්රදේශයකි, කලපු පරිසර පද්ධතිය එක් පසකිනුත් , ගොඩබිමි පරිසර පද්ධතය සුවිශේෂි වු ජෛව විවිධත්වයකිනුුුුත් බිම පුරාණ වාරි පරිසර පද්ධතියෙනුත් මෙය සමන්විතය. ‘පං කටිටය වැව’  ‘ මරදන්සොල වැව ආනවිලුන්දාව වැව,’ ‘ මයියාව වැව’ , ‘සුරැවිල වැව’  හා ‘වෙිල්ලවාලි වැව’  යන පුරාණ එල්ලංගා පද්ධතියේ ජල පෝෂක ප්‍රදේශයක් ලෙසත් මෙය මෙකි තේත් බිමෙන් පොෂණය ලබන අතර එම වාරි පද්ධතිය සමග මුලු වැවිි 11 ප්රමාණයක් තෙත් භුමය ඇතුලත හා ඒඅවට දැකගැ ණිමට හැකිය. ජලජ පක්ෂින් ඇතුලු පක්ෂි විශේශෂ 150 අ්ධික පිරිසක් මෙම තෙත් භූමයේ නිරික්ෂණය කල හැකි අතර බොහො සංචාරක පක්ෂින්ගේ පළමු නවාතැන බවට ⁣⁣මෙය පත්වෙි.බොහො පක්ෂින් රට අභ්යන්තරයට හා රටෙි දකුණු දෙසට ගමන් කරන්නේ ආනවිලුන්දාව තෙත් භූමියලතුල විඩා නිවීමෙින් අනතුරැවයි. Opens bill, Great comrent, white ibis, Stalk, Pheasant tailes jacana, ඇතුලු පක්ෂි විශේෂ වල විශාල ජනාවාස මෙහිදි දැක ගත හැකිය.. කෂිරපාය් විශේශෂ 24 පමණ මෙම ප්රදේශයෙන් වාර්ථා වී ඇති අතර සමනල් විශේෂ 75 වැඩ විශේෂ සංඛ්යාවක් මෙහි වාර්ථා වේ. ජෛව විවිධත්වය අතින් ඉතාමත් ඉහළ ප්රදේශයක් වන ආනව්ලුන්දාව රැමිසා තෙත් බිම 2008 වර්ෂයේ සිට විටින් විට විනාශ වු අතර එම ප්රදේශයේ ජනතාව තෙත් බිමට අයිති ඉඩමි අල්ලා ගැනීම, දේශපාලන බලහත් කාරකම් මත ඉඩම් ඉස්සන් වගාවට හා පුද්ගලික අයිතියට පැවරම හා කර්මාන්ත ශාල වලට අවශ්‍ය ඉඩම් මෙම භුමියෙන් නිදහස් කිරීම කිරීම නිසා පසුගිය වසර 15 පමණ සිට මෙහි විනාශය ඇරඹුනි. 

එය එතනින්ද නොනවති වර්ථමාන රජය විසින්ද මෙහි ඉඩම් තම හිතවතුන්ගේ ඉස්සන් වගා ව්‍යාපෘති සදහා අද වනවිට විනාශ කිරීමට ලබාදී ඇත. මෙය වන සත්ව හා වෘක්ෂලතා ආඥාපනත හා ජාතික පාරිසරික පනත අහු අමුවෙි උල්ලංඝනය කිරීමකි වන අතර මෙවැනි පරිසර ප්දධතියක විනාශ කිරීමට ඉඩ දිම පරිසර පද්ධතියක් විනාශ කරීමක් මෙන්ම රටෙි අනාගත ආර්ථිකයටද සැලකිය යුතු බලපෑමක් වන කාරණයිකි.” 

රවීන්ද්‍ර කාරියවසම්

117816606_10158361452081327_5166784405435401918_n

 

 

ආනවිලුන්දාව විනාශය
පෙරේදා දිනය (25.08.2020) තුලදි ආනවිලුන්දාව අභය භූමිය ඉස්සන් වගාව සඳහා ඩෝසර් කර විනාශ කර ඇති බව තහවුරු වු තොරතුරු ලැබේ. රැම්සාර් තෙත්බිමක් ලෙස නම්කර ඇති ආනවිලුන්දාව පක්ෂි පාරාදීසය මෙලෙස විනාශ කර තිබීම දේශිය වශයෙන් ක්රියාත්මක වු ප්රතිපත්ති කිහිපයක්ම අමු අමුවේ උල්ලංඝනය වීමක් මෙන්ම ජාත්යන්තර එකඟතා කිහිපයක්ද දැඩි ලෙස උල්ලංඝනය වීමක්ද වේ.
ආනවිලුන්දාව අභය භූමීය සුවිශේෂී වන්නෙ එකිනෙකට යාබදව පිහිටි එකිනෙකට වෙනස් පරිසර පද්ධති ත්රිත්වයක ඇති අන්තර් සබැඳියාව හේතුවෙනි. වෙරළ, ඊට යාබද කඩෝලාන පද්ධතිය සහ ඊට නුදුරින් ඇති මිරිදිය පොකුණු පද්ධතිය එකිනෙකට වෙනස් පාරිසරික පද්ධති ත්රිත්වයක් නිර්මාණය කරයි. මේ හේතුවෙන් ආනවිලුන්දාව ජලජ පක්ශීන්ගෙ පරාදීසයක් බවට පත්ව තිබේ. කඩොලාන පිළිබඳව ජාතික ප්රතිපත්තිය (National policy on mangroves) අනුව නැවත ප්රතිශ්ඨාපනය වෙමින් තිබු කඩෝලාන කලාපයක් මෙලෙස විනාශ කිරීමෙන් මෙතක් කල් ඒ සඳහා යොදවා තිබු දැඩි කැපකිරීම අවතක්සේරු කර ඇතිවාක් මෙන්ම තෙත් බිම් පිළිබඳව RAMSAR සම්මුතියත් , සංක්රමණික සත්ව විශේෂ පිළිබඳව BONN (CMS) එකඟතාවත් උල්ලංඝනය කිරීම සිදුකර ඇත.
අභය භූමියක පැවැත්ම වනාහී අනාගත පරම්පරාවන් සඳහා පාරිසරික සම්පත දායද කිරීමට පවතින එක් සුවිශේෂී සංරක්ෂණ විධි ක්රමයකි. පවතින නීති, සම්මුතීන් කිසිත් වගකට නොගෙන හිතුමනාපේ සිදුකරන මුග්ධ ව්යාපෘති හේතුවෙන් මේ විනාශ වන්නෙ සංරක්ෂණය සඳහා වෙහෙසක් ගෙන , ඒ සඳහා ශ්රමය ,කාලය, ජාතික ධනය ආයෝජනය කල බිම් කඩවල්ය. ඒවැනි ස්ථානවග ඉරණමත් මෙසේ නම් ඉතිරි වන භූමි ගැන කුමන කතාද.
ආනවිලුන්දාව විනාශය යනු වත්මන් රජය පත්වු මොහොතේ පටන් සිදුකරගෙන යන මහා පාරිසරික විනාශ ගොන්නට එක්වන තවත් එක් උදාහරණයක් පමණී. කණගාටුවට කරුණ විල්පත්තුව වෙනුවෙන් ඇරුණු කටවල් බොහෝමයක් මේ වෙද්දි වැසී පැවතීමයි.
සටහන උපුටා ගැනීම don supzගෙනි
- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article