Monday, May 6, 2024

සංරක්ෂිත කලාපයක් වන ආනවිලුන්දාවේ භූමිය ඩෝසර් කිරීම ගැන වනජීවී නිලධාරීන් අධිකරණයට කරුණු කියයි

Must read

200

ආනවිළුන්දාව රම්සා කුරුළු අභය භූමියට අයත් භූමියේ කොටසක් යන්ත්‍ර යොදා ගෙන පිරිසිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට ආනවිළුන්දාව වන ජීවී කාර්යාලයේ නිලධාරීන් 27 වැනිදා කටයුතු කර ඇත.

අතීතයේදී මෙම භූමිය තුළ ඉස්සන් ගොවිපලක් පවත්වා ගෙන ගොස් ඇත.පසුව වන ජීවී දෙපාර්තමේන්තුව විසින් එම ප්‍රදේශය සංරක්ෂිත කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.එම ප්‍රදේශයට ඇතුළු වීම,හෙලි පෙහෙලි කිරීම හෝ සංවර්ධනය කිරීම වන ජීවී දෙපාර්තමේන්තුව විසින් තහනම් කර ඇත.

ඒ අතර පසුගිය දිනක එම භූමියට ඇතුළු වී ඇති අයෙකු යන්ත්‍ර – සූත්‍ර යොදා ගෙන අක්කර ¾ ක පමණ භූමියක් පිරිසිදු කර ඇති බව වන ජීවී නිලධාරීන් සදහන් කරයි.එම භූමිය තුළ ඉස්සන් ගොවිපලක් ඉදිකිරීමට සුදානම් වන බවට සැකයක් ඇතැයි වන ජීවී නිලධාරීන් සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව ක්‍රියාත්මක වී ඇති වන ජීවී නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට කටයුතු කර ඇත.


ජූඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article