Sunday, May 19, 2024

ආනවිළුන්දාව අභය භූමිය ඩෝසර් කළ සැකකරුවන් දෙදෙනාට ලක්ෂ 100ක ශරීර ඇප නියම කෙරේ

Must read

119041358_4576789115694680_4800073566841492167_o(12.43pm) ආනවිළුන්දාව අභය භූමිය තුල ඉස්සන් කොටුවක් සකස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් දෙදෙනාව රුපියල් ලක්ෂ 100 බැගින් වන පුද්ගල ඇප මත මුදා හැරීමට හලාවත දිසා විනිසුරු මංජුල රත්නායක මහතා 18 වැනිදා නියම කරන ලදි. පසුගිය 27 වැනිදා ආරච්චිකට්ටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ලදි. වන ජීවී දෙපාර්තමේන්තුවේ පුත්තලම සහකාර අධ්‍යක්ෂකවරයා විසින් ආරච්චිකට්ටුව පොලීසියට කර තිබූ පැමිණිල්කට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.‍

දිසා විනිසුරු වරයා විසින් ඇප මත මුදා හරින ලද්දේ මුන්දලම – කීරියන්කල්ලිය ප්‍රදේශයේ පදිංචි ඩෝසර් යන්ත්‍ර ක්‍රියාකරුවෙකු සහ උඩප්පුව – පිංකට්ටිය පදිංචි ව්‍යාපාරිකයෙකුවය.

මෙම  සිද්ධියට සම්බන්ධයෙන් සියළු සාක්ෂි අධිකරණය හමුවේ ගොණු කරන ලෙසත්,අනතුරුව සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් වන්නේ නම් ඔවුන්වද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දිසා විනිසුරුවරයා ආරච්චිකට්ටුව පොලීසියට නියම කරන ලදි.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස වන ජීවී අමාත්‍ය සී.බී.රත්නායක මහතා විසින් 05 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කරන ලදි.වන ජීවී අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති එම කමිටුව විසින් සකස් කරන ලද වාර්තාව සී.බී.රත්නායක අමාත්‍යවරයා විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි.ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත යන අය මෙම සිද්ධියට සෘජුව සම්බන්ධ බව එම වාර්තාවේ සදහන් වේ.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article