Monday, May 6, 2024

ආන්ඩුවේ, විපක්ෂ කාර්යභාරය

Must read

resistආන්ඩුව හෝ එහි පාර්ශවකරුවන් නොමනා හෝ අමන ක්‍රියාවන් කර ඔවුන් විසින්ම කමිටු පත්කර අදාල වගකිවයුත්තන්ද හඳුනාගෙන ඔවුන්ට දැඩි දඬුවම් දෙන බව ලොවට ප්‍රචාරයකර අන්තිමේදී ඔවුන්ගේ මයිලකටවත් හානියක් සිදුනොවන පරිදි සියල්ල වසන් කරනා සංස්කෘතියක් මේවනවිට නිර්මාණයවී ඇත.
මේ අතර විපක්ෂයේ පක්ෂ, සිවිල් සමාජ සංවිධාන හා වෙනත් සමාජ ක්‍රියාධරයන් මුළුමනින්ම පාහේ අකර්මණ්‍යව ගොස් ඇති බවක් දිස්වේ.
සමාජ මාධ්‍ය ජාලාවන්හි බලපෑම් හා⁣ තොරතුරු බෙදාහැරීම් නොවන්⁣නට රටෙි සිදු කෙරෙන අහිතකර දෑ කාටත් හොරා ඒ අයුරින්ම සිදුවනු නොඅනුමානය. අධිපති මාධ්‍යයන් සියල්ලම පාහේ ආන්ඩුවේ නොමනා ක්‍රියාකාරකම් පිළිබඳව ප්‍රමාණවත් තොරතුරු සැපයීමක් නොකරන අතර ඒවාට එරෙහිව ඇතිවන යම් මට්ටමක හෝ විරෝධතාවන් හිතාමතාම වාරණ ය කරනු දැකිය හැක. පසුගිය පාලනයට එරෙහිව එවකට පැවති විපක්ෂය නිරන්තරයෙන් දැක්වූ විරොධතාවන් හා සංවිධාන ගතවීම් ගත්කල වත්මනෙහි පවතින තත්ත්වය  අතිශයින්ම කණගාටුදායකවේ.
2015 ට පෙර ආන්ඩු සමයන්හිදී විපක්ෂයට සිය විරොධතාවන් දැක්වීමට තිබූ මැර තර්ජන ඇතුළු  නොයෙකුත් බාධාවන් යහපාලන රජය තුලින් ඉවත්ව තිබීම පසුගිය රජයට එරෙහි විරෝධතාවන්නහි නියැලෙන්නට වාසිදායක වූ බව සත්‍යයකි. නව ආන්ඩුව තවම පවතින්නේ එම නීතිරීති යටතේ වුවත් මෙම ආන්ඩුව කෙරෙහි ජනතාව ස්වයංව භීතියක්  මවාගෙන ඇති බව පෙනේ.පසුගිය ආන්ඩුව පැවති සමයෙහි නිරන්තරව නොයෙකුත් කරුණුමත  වර්ජනයන් පැවතියද අදවනවිට වර්ජනය කරන බවට කරන බවට කෙරෙන මූලික  තර්ජනයන්ට පමණක් ඒවා සීමාවී ඇත. එදා සතිපතා පැවත්වූ අන්තරේ සිසු පෙළපාලි අද මතකයන් පමණක්වේ.ගුරු, දුම්රිය, රෝහල්,ආබාධිත සෙබල ආදී ක්ෂෙත්‍රයන්හි පැවති ගැටළු සියල්ල විසඳී ඇති සෙයකි. පසුගිය කාලය තුල වයඹ පලාත කේන්ද්‍ර කරගනිමින් පැවති  ගැටළුවලදී දැවැන්ත විරෝධතාවන් පැණ නැගුණු අතර විශේෂයෙන්  වෛද්‍ය ශාෆිට එරෙහි විරෝධතාව ජාතික මට්ටමට ඔසවා තැබුණි.
බුවනෙක රාජසභා ගොඩනැගිල්ල විනාශ කිරීම, පුත්තලම දිස්ත්‍රික්කය පුරා කෙරෙන පරිසර විනාශයන් හා ඉඩම් මංකොල්ල කෑම් හා ළමා දූෂණ වැනි දෑ පිළිබඳව නිබඳව වාර්තා වුවද  දැන් වයඹ නිහඬය. මේ සිදුවීම් පිළිබඳව  රජය කරන විමසුම් හෝ ඔවුන්  ගන්නවා යයි කියන පියවරයන්ගෙන් එහාට යමක් සිදු නොවේ.
මෙසේ සිදු වන්නේ ඇයි ?

Gnanaweera Dissanayake.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article