Thursday, May 2, 2024

” තමන්ගේ ගවයන් වෙනත් අයවළුන්ට හිමිකිරිමේ හලාවත පොලිසියේ නිහීන ක්‍රියා පිලිවෙල මර්ධනයට පියවර ගැනිමට ඉල්ලීම”

Must read

වෘත්තියෙන් ජනමාධ්‍යෙව්දියෙකු වන හලාවත පදිංචි ඔගස්ටින් ප්‍රනාන්දු මහතා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත තමන්ට සිදුවී ඇති අසාධාරණයක්  පිළිබදව කරුණු දක්වා තිබේ. වසර 35ක පමණ කාලයක් රාජ්‍ය සේවයේ නියුතු ඔගස්ටින් මහතා වසර 50 ක පමණ කාලයක සිට මාධ්‍ය වෘත්තියේ නියැලෙයි. ඔහු තමන්ට හලාවත පොලීසිය විසින් අසාධාරණයක් සිදුකර ඇති බවට චෝදනා කර සිටී. ඒ ඔහුගේ නිවසේ ඇතිකරන ගවයින් සම්බන්ධව දිගින් දිගටම මතුවී ඇති ගැටලු හේතුවෙනි. ඔගස්ටින් මහතා සිය ගෙවත්තේ ගව පාලනය සිදුකරන අතර ගවයින් ගේ අයිතිවාසිකම් උල්ලංඝනය නොවනු පිණිස උන්ගේ .නිවරණ පිච්චිම හෙවත් ගවයින්ගේ ඇගේ නම් කෙටීම සිදුනොකරනු ලබයි. මේ හේතුවෙන් විවිධ  ඡාවාරම්කරුවන්  විසින් සිය ගවයින් අවස්ථා ගණනාවකම සොරාගත් බවත් ඒ සම්බන්ධයෙන්  හලාවත පොලීසියට අවස්ථා කීපයකම පැමිනිලි කර ඇති බවත් ඔහු විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමුකරන ලද ලිපියේ සදහන් කර තිබේ. දිර්ඝකාලීනව මාධ්‍යවෘත්තියේ නියැලෙන ඔගස්ටින් ප්‍රනාන්දු මහතා පවසන්නේ තමන්ගේ  යුක්තිගරුක, ස්වාධිනබව හේතුවෙන් ඔහුගෙන් පුද්ගලිකව පළිගැනීමට ඇතැම් අය උත්සාහා කරන අතර පොලීසිය විසින් ගවයින්ගේ අයිතිය සම්බන්ධව  අධිකරණයට වැරදි තොරතුරු වාර්තා කර ඇති බවයි.     ඔහු විසින්පොලිස්පතිවරයා වෙත යොමුකර ඇති දීර්ඝ ලියවිල්ල පහත දක්වා තිබේ.   තමන් විසින් මසට ගවයින් නොවිකුණන බවත් ඔවුන් නිදැල්ලේ සිටියදී ඡාවාරම්කරුවන් විසින් ගවයින් අල්ලාගෙන ගොස්  කිසියම් ආකාරයකට වංචාකර ඇති අතර මේම ගවයින් නිදහස්කරගැනිම වෙනුවෙන් තමන් දරන උත්සාහයට නීතියෙන් තවමත් පිලිසරණක් නොලැබී ඇති බවත් ඔගස්ටින් ප්‍රනාන්දු මහතා චෝදනා කර සිටියි. තමන්ට මේ සම්බන්ධයෙන් යුක්තිය ඉටකර දෙන ලෙස ඔහු ඉල්ලා සිටී.

DSC_1121 - Copy(1)

 

සී.ඩී.වික්‍රමරත්න මහතා.
වැඩ බලන පොලිස්පති
පොලිස් මුලස්ථානය කොළඹ.1
මහත්මයාණනි,
මට අයත් ගවයන් වෙනත් අයවළුන්ට හිමිකිරිමේ හලාවත පොලිසියේ නිහින ක්‍රියා පිලිවෙල මර්ධනයට පියවර ගැනිමට ඉල්ලීම
——————————————-
මගේ වයස අවුරුදු 73 කි. පුරා වසර 35ක කාලයක් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය යටතේ සේවය කළ මා එම සේවයේ පළමු පංතියේ නිලධාරියෙකුව රාජකාරි කරමින් සිටිය දි 2007 වසරේ දි විශ්‍රාම ලැබුවෙමි. මම වසර 53ක පමණ කාලයක පටන් ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකුව ද ක්‍රියා කරන්නෙමි.මගේ පදිංචිය හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මයික්කුලම අංක 566 ග්‍රාම නිලධාරි වසමේ කොරයා මාවතේය.
මා ලාබාල වියේ පටන් අප නිවසේ ගව පාලනය කරයි. ඒ කාලයේ ගවයන්ට නිදැල්ලේ ඇවිද තණ කෑමට ඉඩම් අප ගමේ තිබු අතර ඒ අනුව එදා සිටි අද වන තුරු එලෙස එම ගවයින් නිදැල්ලේ ඇවිද තණ කති. දිනපතා පස්වරුවේ හෝ පෙරවරුවේ එම ගවයින් නිවස කරා පැමිණ ජලය පානය කරති.අනතුරුව එම ගවයින් මගේ වත්තේ ලැගුම් ගැනීමට පුරුදුව ඇත.
ගවයින්ට නිවරණ පිච්චිම දඩුවම් ලැබිය හැකි වරදක් ලෙස ප්‍රසිද්ධවු නිසා පසු කාලයක දි මගේ ගවයින්ට හදුනා ගැනීම පිණිස නිවරණ නොයෙදුවෙමි. අප ගමේ හා අවට ගම්වල බටු හරක් ඇති කරන්නන් එලෙස නිවරණ නොපුළුස්සන බවත් මම දන්මි. මා පදිංචි හලාවත මයික්කුලම ගම්වාසින් මා ගවයින් ඇති කරණු ලබන බව හොද හැටි දන්නා කරුණකි. ගවයින් කිසියම් අලාභයක් සිදු කර ඇත්තනම් එම අයට මා විසින් වන්දි ද ගෙවා ඇත. අයාලයේ යන ගව අයිතිකරුවන් කැදවා උපදෙස් දීමට හලාවත ප්‍රාදේශීය සභාව විටින් විට පියවර ගත් අතර ඒ අනුව පැවැති සාකච්චාවලට අප ගමේ ග්‍රාම නිලධාරි කිළින මධුසංඛ මහතා මගින් මාවද කැදවා තිබුණි.
ගව ඝාතනය මා විසින් හෙළා දකින නිසා මගේ ගවයින් මසට විකිනිම මම ප්‍රතික්ෂේප කළෙමි.
මේ අතර අප ගමේ වාසය කරණ පිරිසක් විටින් විට මෙම ගවයින් හොර රහසේ අල්ලා විකිනිමේ ජාවාරමක් සිදු කළ අතර අවශ්‍යය සාක්කි නොමැති නිසා මේ සම්බන්ධයෙන් මා විසින් නිත්‍යාණුකුලව කටයුතු කිරිමට ඉදිරිපත් නොවිමි.මෙම හොරකම දිගින් දිගටම සිදුවු බැවින් මේ සම්බන්ධයෙන් මා විසින් හලාවත පොලිසියට පැමිණිළි කළ අතර මට සාධාරණය ඉටු කරණ ලෙස ඉල්ලා සිටියෙමි.
වරක් මගේ එළදෙනක හා පැටවකු අයාලේ යමින් සිටිය දි හලාවත නගර සභාව විසින් අල්ලා ගත් බව වෙනත් අය විසින් මා වෙත දැනුම් දිම නිසා මා නගර සභාවට වන්දි ගෙවා එම ගවයන් මුදා ගැනීමට පියවර ගනු ලැබුවද මා හා පෞද්ගලිකව අමනාප ගමේ වෙසෙන පිරිසක් පැමිණ එහිදි මා හා ආරාවුලක් ඇති කරමින් මා බේරා ගැනීමට ගිය ගවයින්ගේ අයිතිය ඔවුන්ට හිමි බවට පැවැසීම නිසා නගර සභාව දඩ මුදල් ගෙවා තිබිය මට ගවයින් මුදා හැරීමට නොහැකි බව දැන්වීය.එම අවස්ථාවේ දි මා හලාවත පොලිසියට මේ බව දැන්වු පසු ගවයින් අධිකරණය හමුවට ඉදිරිපත් කර අයිතිය තහවුරු කිරිමෙන් පසු ලබා ගන්නා ලෙස පොලිසිය දැන්වීය.
ඒ අනුව මා නිතිඥයකුවද සුදානම් කර අධිකරණය හමුවට ගියත් අද දින දක්වා එම එළදෙන හා පැටවා අධිකරණය හමුවට ඉදිරිපත් නොකළ බව දන්වමි.එම සතුන් කිසිවකු විසින් රහසේ විකුණා ඇති බව පසුව මා දැන ගතිමි.
තවත් වරක් වගේ ගැබ්බර වැස්සියක නගරයේ කුණු කාණුවකට වැටි සිටිය දි එම සතාව බේරා ගෙන ඒමට ගිය අවස්ථාවේ දි ද මගේ විරුද්ධවාදින් පැමිණ මගේ උත්සහයට විරෝධය පල කරමින් ආරාවුලක් ඇති කළ අතර මේ බව මා හලාවත එවකට සහකාර පොලිස් අධිකාරිවරයාට දුරකතන මගින් දැන්වුවත් මට සා‍ධාරණය ඉටු නොවිය. මා ගණනාවකට පසුව හලාවත පොලිසිය මට දැන්වුයේ අධිකරණ නියෝගය මත එම ගැබ්බර එළදෙන අනුරාධපුර පළාතේ රජයේ සත්ව ගොවිපලකට බාර දුන් බවත් හිමිකම් පා එම සතා හිමි කර ගන්නා ලෙස මට දැන්විය.ගොවිපලට ගෙන යාමට කලින් මාසයකට වැඩි කාලයක් හලාවත පොලිසිය භාරයේ රදවා සිටි එම එළදෙන සම්බන්ධයෙන් මා ද සම්බන්ධ කර ගෙන පරික්ෂණයක් කළේ නම් මට හිමිකම් කිම පහසු විය හැකිව තිබුණි. එම සතා අනුරාධපුර ප්‍රදේශයට යවා හිමි කම් පා ලබා ගන්නා ලෙස දැන්වීම මත මේ සදහා අධික වියදමක් දැරිය හැකි වන නිසා මා සතා ලබා ගැනීමේ උත්සහය අත්හැර දැමිමි.
මගේ විරුද්ධවාදින් මට අයත් ගවයින් හිමි කර ගැනීම පිණිස තව දුරටත් කටයුතු කරණ නිසා මා පෞද්ගලිකව ඉදිරිපත්වි එවකට හලාවත පොලිස් අධිකාරි සුරම්ජිත් කුමාර පේළි මහතා හමුවි මෙම ගව ප්‍රශ්ණය ට නිසි විසදුමක් අවංක නිලධාරියෙකු යොදවා පරීක්ෂණයක් කරන මෙන් ඉල්ලා සිටි අතර ඒ අනුව මෙම පරික්ෂණය හලාවත කොට්ඨාස අපරාධ විමර්ශණ වෙත බාරදුන් අතර එහි එවක ස්ථානාධිපති ධර්මසිරි මහතා ඇත්ත වශයෙන්ම මගේ දුක් ගැනවිල්ල සම්බන්ධයෙන් ප්‍රශස්ථ මට්ටමින් පරික්ෂණයක් සිදු කළේය.
ඒ අතර ඒ මහතා ස්ථාන මාරුවක් ලබා ගිය බැවින් මගේ ගව අවනඩුවේ පරික්ෂණ යටපත් වු බව දන්වනුයේ වේදනාවෙනි.
දැන් මා විරුද්ධවාදින් සිව් දෙනෙකු මෙම මට අයත් ගවයන් හිමි කර ගැනීමට පොලිසියේ සහය ඉල්ලා ඇත. ඔවුන් කියනුයේ අපට හරක් 42 ක් ඉන්නවා. උන් අයාලේ ඇවිදිමින් තණ උලා කා වතුවලම ජිවත් වනවා.එම ගවයන් අල්ලා ගැනීමට ගියාම මම ( ඔගස්ටින් ) බාධා පමුණුවනවා.යයි මට එරෙහිව පැමිනිළ්ලක් දමා ඇත.
මගේ ගවයින් නිවරණ ගසා නැති නිසා මට හිමි නැති බව කලින් රාජකාරි කළ හලාවත මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක වසන්ත හේරත් මහතා දැන්වු පසු මෙම විරුද්ධවාදින් හොර රහසේ මට අයත් ගවයින් අල්ලා විකුනු බවට තොරතුරු මා වෙත ඇත.හලාවත පොලිසිය මගේ ගවයින් මට අහිමි කිරිමට සෑම අවස්ථාවක දිම පියවර ගත් බව මට විශ්වාසය.
මෙම ගව ප්‍රශ්ණය ට විසදුම් දෙනු වෙනුවට දැන් පොලිසිය මෙම කරුණ හලාවත අධිකරණය හමුවට යවා ඇත.පොලිසිය අධිකරණයට දන්වා ඇත්තේ හිමිකරුවන් නොමැති ගව රංචුවක් හලාවත මයික්කුලම ගම්වාසින්ට හිරි හැරයක් වි ඇති බවත් මෙම ගව රංචුවට දෙපාර්ශවයක් හිමිකම් කිම නිසා ලේ වැගිරිමක් ඇති විය හැකි බවට කරුණු දක්වා ඇත.එම වාර්තාව අප ග්‍රාම නිලධාරි විසින් ඉදිරිපත් කළ බවත් කියයි. අවුරු 73ක මා කාගේ හෝ ලේ වැගිරිමක් කරණුයේ කෙලෙස ද කියා පොලිසිය නොසිතයි.
හලාවත මයික්කුලම ගමේ කිහිපදෙනෙකුම අයාලයේ යවමින් ගවයින් ඇති කරණු ලබති.හලාවත ප්‍රාදේශීය සභාව ට ලැබි ඇති පැමිණිළි කිහිපයක් මත මෙම ගවහිමියන් හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හා මයික්කුලම ග්‍රාම නිලධාරි කාර්යාලයට ගෙන්වා අපට අවවාද කර ඇත. ගවහිමියන් පිලිබදව තොරතුරු ප්‍රාදේශීය සභාවේ හා අප ග්‍රාම නිලධාරි තිළිණ මධුසංක මහතා වෙත ඇත. අනෙක් අතට මෙම හමුව සම්බන්ධයෙන් ගමේ ගවහිමියන් දැනුවත් කර ඇත්තේ ද අප ග්‍රාම නිලධාරි විසිනි. මේ වන තුර විටින් විට දන්වා සිටියේ මාගේ ගවයින්ට නිවරණ පුච්චා නොමැති නිසා ඔවුන්ගේ අයිතිය මට හිමි නොවන බවය.
මෙම ප්‍රකාශයන් වලට පසු මගේ විරුද්ධවාදින් විටින් විට මගේ ගවයන් සොරා ගෙන මේ වන විට මට රුපියල් ලක්ෂ පහකට වඩා අලාභයක් කර ඇත.පොලිසියට දැන්වුවත් නිතිමය කිසිවක් නොකරයි.නිවරණ නොපුළුස්සා ඇත්තේ නම් එම ගවයන් වෙනත් අයෙක්ට දිය හැක්කේ කුමන නිතියක් මත දැයි මට නොතේරේ.
මෙවන් අවාසනාවන්ත තත්ත්වයක් ඇති විමට හේතුවපොලිසිය මා හා ඇති අමනාපය බව දන්වමි.හලාවත පොලිසියේ දුෂිත නිලධාරින් සම්බන්ධයෙන් පුවත් මා විසින් පුවත් පත් හා සමාජ මාධ්‍ය මගින් හෙළි කර ඇති නිසා පොලිසිය දැන් මගෙන් පෞද්ගලිකව පලි ගන්නා බව මා විස්වාස කරමි.
මගේ ගවයින්ට හිමිකම් පාන අය අතර ජීවක නමැත්තා හොරෙන් බෝට්ටුවකින් ඔස්ට්‍රේලියා ගොස් පිටු වහල් කළ අයෙකි.ඔහු බිමතින් අසල්වාසි නිවෙස් වලට පැන කළ දාමරික ක්‍රියාවන් මා විසින් මාධ්‍ය මගින් හෙළි කළ නිසා ඔහු මා වෛරය.ඇගේ අක්කා කෙනෙකු ද මගේ ගවයින්ට අනිතිකව හිමිකම් පායි. ඇගේ සැමියා කලක් හලාවත පොලිසියේ කොස්තාපල් කෙනෙකුව සේවය කළ අතර ඔහුද ජාවාරම්කරුවන් සමග එකතුව බෝට්ටුවකින් ඕස්ට්‍රේලියාට මේ වන විටත් ගොස් එහි රැදි සිටින අයෙකි. මේ සම්බන්ධ පුවත් ද මා විසින් පුවත් පත් වල පල කරවා ඇත .මෙම දෙදෙනාගේ අක්කාගේ සැමියා ද මගේ ගවයන්ට හිමිකම් පාන්නේය.
මගේ ගවයින්ට හිමිකම් කියන අය අතර සිටින ජීවන් නමැත්තා අපේ ගමේ කසිප්පු මුදලාලි කෙනෙකි.මේ වන විට හාලාවත පොලිසිය ඔහුගේ ජාවාරම වටලා තුන් වරක් ඔහුටත් තුන් වරක් ඔහු වෙනුවට වෙනත් අයටත් එරෙහිව නඩු පවරා ඇත. විටින් විට ජීවන්ගේ නිවසට එන සමහර නිලධාරින් ජීවන් හමුවි යන්නේ ඇයිදැයි ඔවුන්ම දන්නා කරුණකි. මා මේ සම්බන්ධයෙන් විවිධ අවස්තාවල දි සමාජ මාධ්‍ය හරහා හෙළි කර ඇති නිසා පොලිසිය දැන් මගෙන් පලි ගනිමින් සිටි.
මුලදී නිවරණ කතාවක් ඉදිරිපත් කළ පොලිසිය දැන් මෙම සිද්ධිය වෙනත් කරුණක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත.
මෙම ගවයින් මට හිමි බවට අවශ්‍ය තොරතුරු මාසතුව ඇත. ඒවා පරික්ෂා කර බැලිමට පොලිසිය කිසි විටක ක්‍රියා කර නැත.
මෙම ගවයින් සම්බන්ධයෙන් කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සිදු කළ පරික්ෂණ වල දිද ම‍ගේ ගවයින් මට හිමි බවට විස්තර ඉදිරිපත් කළ බව දක්වා ඇතත් පොලිසිය එය ඉවත් දමා ඇත.
ග්‍රාම නිලදාරි වාර්තාව පදනම් කර ගෙන පවරා ඇති නඩුව හලාවත අධිකරණයේ දි මේ වන විට විභාගයට ගෙන ඇත. එහිදි විනිසුරුවරයා විසින් දන්වා ඇත්තේ තමන්ට හිමි ගවයන් අයාලේ නොයවා ගාල් කර ගන්නා ලෙසට දන්වා ඇත. මෙම කාර්යය තමන් හිතු අයුරින් කිරිමට මගේ විරුද්ධ පාර්ශවයන්ට අවස්ථාවක් මේ මගින් හිමි වි ඇත. කිසිදු රාජ්‍ය නිලදාරියෙකුගේ නිසි අධික්ෂණයකින් තොරව තමන්ට අවශ්‍යය ලෙසින් මෙම ගවයන් අල්ලා ගාල් කර ගැනීමට අවස්ථාව ලද නිසා මගේ විරුධ වාදි පාර්ශවයන් 2020.08.27. වන දින මගේ ගවයන් මගේ නිවසට එන අතර මග රැක සිටි ඔවුන්ට මගේ නිවසට එන්නට ඉඩ නොතබා පලවා හැර ඔවුන් මගේ ගවයන් හිතුමතේ අල්ලා දැන් ගාල් කර ගෙන ඇත.මෙවන් සිද්ධින් මෙයට කලින් ද සිදුවු අතර ඒ බව හලාවත පොලිසියට දැන්වුවත් පොලිසිය යුක්තිය ඉටු කර නැත.මේ අනුව මට අයත් ගවයින් 42 දෙදෙනෙකු දැන් මට අහිමි ඇත. මෙය මගේ මුළික මිනිස් හිමිකම් උල්ලංෂණයකිරිමක් ද වන බව මම විශ්වාස කරමි.එහෙත් මට පිහිට විමට පිලිවෙලක් නැත.
මේ සම්බන්ධයෙන් මා විසින් ජනාධිපති කාර්යාලයේ ඔම්බුස්මන්ට් වරයාට හා වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අවධානය යොමු කරවමින් මට පිහිට වන ලෙස 2020.06.22. දිනලිඛිතව ඉල්ලා ඇතත් අඩු තරමින් එම ලිපි ලද බව හෝ එම අංශ මේ දක්වා මා වෙත දන්වා නැති බව පවසනුයේ වේදනාවෙනි.
වසර පනහකට වැඩි කාලයක් ගැති නැති මාධ්‍යවේදියෙකුව කටයුතු කරණ මට මෙවන් දුක් ගැහැටකට මුහුණ දීම සම්බන්ධයෙන් ඔබතුමන්ගේ අවධානය යොමු කරණු ලබමි. යුක්ති ගරුක පුරවැසියෙකුයෙකුට මෙවන් අවනිතික අත්දැකිමකට මුහුණ දීමට සිදු වේ නම් එය සංවේග ජනක ක්‍රියාවක් සේ මම දකිමි.සත්‍ය පසෙක දමා අවිනිතකව කරුණු දැක්වීමකින් ගරු අධිකරණය ද නොමග යවා ඇත.අයාලවේ ගව හිමිකරුවන් රැසක් අප ගම්පළාතේ වාසය කරති. ඔවුන්ගෙන් ප්‍රශ්ණයක් නැතිද? මෙහිදි අප වසමේ ග්‍රාම නිලධාරිවරයාව ද නොමග යවා ඇති බව සනාථවේ .
මේ නිසා හලාවත පොලිසිය මට කර ඇති අකටයුත්ත සම්බන්ධයෙන් නිසි පරික්ෂණයක් සිදු කර සාධාරණයක් ඉටු කර ගෙන ලෙස ඉල්ලමි.එම පරික්ෂණ වලදී හලාවත පොලිසි‍යට එහි වගකිම නොදෙන ලෙසත් ඉල්ලමි.
ස්තුතියි.

මෙයට විශ්වාසි,
( මාධ්‍යවේදි ඔගස්ටින් ප්‍රනාන්දු.)
ජාතික හැදුනුම් පත් අංකය.470392657V

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article