Friday, May 3, 2024

ආරච්චිකට්ටුවේදී සනත් නිශාන්ත දොස් තැබුවේ කාටද ?

Must read

පසුගිය මැයි මස 09 වැනිදා ගිනි තබා විනාශ කරන ලද රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතාට නව නිවසක් ඉදිකිරීම සදහා මුල් ගල් තැබීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය ඔක්තෝම්බර් 27 වනදා ආරච්චිකට්ටුවට පැමිණෙන ලදි. ඒදිනම පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයේ ආණමඩුව ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ ඉදිරිපත් වන ඕනෑම ප්‍රශ්ණයකට නොබියව මුහුණ දී ජයග්‍රහණය කළ හැකි එකම කණ්ඩායම තවමත් සිටින්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂය තුළ පමණක් බවයි.

.ආසන බල මණ්ඩලය ඇමතූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.

සමහරු අපට අපහාස කරනවා.ඔවුන් අවදාල නගන්නේ හරියට දිග පළලක් වත් දන්නේ නැතිව.කොවිඩ් වලින් පසුව ඇති වූ ආර්ථික විපර්යාසය සම්බන්ධයෙන් ඔබට වැටහීමක් තියනවා.එම අවස්ථාවේදී අප ප්‍රමුඛතාවය ලබා දුන්නේ ප්‍රතිශක්තීකරණ එන්නත ගෙනවිත් ජනතාවගේ ජීවිත බේරා ගන්නයි. හැබැයි ඊට පස්සේ ආපු අර්ථික අභියෝගය අපි හැම කෙනෙකුටම ගැටළුවක් වෙලා තියනවා.මෙන්න මේ ජනතා පීඩනය තමයි ඇතමෙක් වැරදි ආකාරයට ප්‍රයෝජනයට ගන්න උත්සාහ කරන්නේ.

අද ඇතමුන් ජනතාව උසිගන්වන්න හදනවා.හැබැයි රට වෙනුවෙන් වගකීම් ගන්න කිව්වහම ඒ අය බෑ කියනවා.අර කථාවක් තියනවානේ පිස්සෝ කළබල වුනාට දොස්තරලා කලබල වෙන්නේ නෑ කියලා.අපේ ක්‍රමයත් රට වැටුණු තැනින් නැවත ගොඩ නැගීම මිස නැවත ආපස්සට ඇදලා දාන එක නෙමෙයි.

ගිනි තියන්න ලේසියි.හැබැයි ඒක නිවන්න,හදන්න අමාරුයි.අපි හිට ගන්න ඕනේ හදන පැත්තේ මිසක් ගිනි තියන පැත්තේ නෙමෙයි.මේ වයඹ පළාතේ ජනතාව භීෂණය ගැන හොදට දන්නවා.ඒ ගැන අපි අමුතුවෙන් මතක් කළ යුතු නෑ.සනත් නිශාන්ත ඇමතිවරයාගේ නිවස මේ වන විට තුන් පාරක් ගිනි තියලා තියනවා.

මේ ප්‍රදේශයේ තිබුණු තත්ත්වය ඔබට හොදට මතකයි.අපේ ආණ්ඩුව කාලේ මේ ප්‍රදේශය ගොඩ නගන්න ලොකු මැදිහත් වීමක් කලා.ඒක ඔබ දන්නා කාරණයක්.ඇතැම් මංමාවත් පිළිසකර කරන්න බලන්න අපි ගියේ ඔරුවෙන්. අපි දාන්න පුළුවන් හැම තැනකම පාලම් දැම්මා.දූපත් එකට යා කලා.යටිතල පහසුකම් සංවර්ධනය කලා.ඒ වගේම තමයි නොකෙරුණු වැඩ විශාල ප්‍රමාණයකුත් ඉතුරු වෙලා තියනවා.ඒවා ඉටු කරමින් යන විට තමයි අපිට මේ ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න සිද්ධ වුනේ.නමුත් ඒ අභියෝග වලට  මුහුණ දෙමින් අපි ඉදිරියට යනවා.ඒක නවත්වන්න පුළුවන් කමක් නැහැ.

මේ ප්‍රදේශයේ වැඩි පිරිසක් ධීවරයින් සහ කෘෂිකර්මාන්තයේ නිරත වන්නන්. ධීවරයින් ඉන්ධන නැතිව ප්‍රශ්ණ වලට මුහුණ දෙන කොට ගොවීන් පොහොර නැති ගැටළුවට මුහුණ දෙන්න වුනා කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නෑ.මේ වෙන කොට ඉස්සන් කර්මාන්තය තුළත් ගැටළු ඇති වෙලා තියනවා.ඒ අයට අපි උදව් කළොත් විශාල ආර්ථික ප්‍රතිලාභයක් ලබන්න පුළුවන් කියලා අපි දන්නවා.අනිකුත් කර්මාන්තත් එහෙමයි.වැඩ පිළිවෙලක් ඇතිව ක්‍රමාණුකූල ගමනක් ගියොත් මේ ව්‍යාපාර දියුණූ කරන එක අපහසුවක් නෙමෙයි.සියයට සියයකින් නැතත් මේ වන විට ඔබට තිබෙන ප්‍රශ්ණ අපි එකින් එක විසදමින් යනවා.අපි පිළිගන්නවා මේ ප්‍රශ්ණ විසදිය යුතුයි කියලා.ඒක කළ යුතු කාර්යක්.හැබැයි ජනතාව කුලප්පු කරමින් මේ ප්‍රශ්ණ විසදන්න පුළුවන් වෙන්නේ නෑ.උත්තර ලැබෙන්නෙත් නෑ.ඇතැම් අය ඉන්නවා උත්තරය කියලා නැතත් ඒ ප්‍රශ්ණයම අපෙන් අහනවා.තවත් සමහරු ප්‍රශ්ණ වෙන විධියකට කියනවා.හැබැයි ඕනම ප්‍රශ්ණයක් බාර ගන්න පුළුවන් වෙන්නේ අභියෝග වලට මුහුණ දෙන්න කැමති අයට පමණයි.අදත් ඒකට සුදුසු එකම කණ්ඩායම ඉන්නේ පොදු ජන පෙරමුණ පක්ෂය තුළ පමණයි කියලා අපි ඔබට මතක් කරන්න කැමතියි.

ඕනම මැතිවරණයකට අපි ලෑස්තියි.මැතිවරණ වලට මුහුණ දෙන්න පොදු ජන පෙරමුණ පක්ෂය බය නෑ.ඇතැම් දේවල් තියනවා අපිට වළක්වන්න බැරි විධියට සිද්ධ වෙන.ඒවා වැරදියි.ප්‍රජාතන්ත්‍රවාදය නිසා වළක්වන්න බැරි නිසා අපිට වැරදුණු දෙවල්ද තියනවා.හැබැයි ඒ කිසිවක් අපේ පරාජයන් නොවන බව මතක තබා ගත යුතුයි.අපි පක්ෂ පාට,ආගම්,ජාති කුල බේද අනුව ඉදිරියට යන්න ගියොත් මේ ප්‍රශ්ණ එකකටවත් පිළිතුරු හොයන්න අපිට බැරිව යනවා. ඒ නිසා තමයි අද අපි ඔබට යෝජනා කරන්නේ එක්ව නැගිටිමු කියලා.අපි එක්ව නැගිටින්නේ මේ රට මුහුණ දීලා තියන ආර්ථික අභියෝගයත් ජය ගෙන බව කියන්න කැමතියි.

මෙහිදී කථා කළ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතා මෙසේ පැවසීය.”ඇතැම් අය හිතාගෙන ඉන්නවා ගෙවල් ගිනි බත් කරලා අපේ දේශපාලනයට පාංශුකූලය දෙන්න පුළුවන් වෙයි කියලා.මගේ ගේ කිසියම් පිරිසක් ගිනි තියන කොට මම හිටියේ මහින්ද මහත්තයාගේ ගෙදර.ගේ ගිනි තියනවා මම සමාජ මධ්‍ය ජාලා වලින් බලා ගෙනයි හිටියේ.මම පවිත්‍රා වන්නි ආරච්චි මහත්මියට කිව්වා අර ගිනි ගන්නේ මගේ ගේ කියලා.මම හිනා වෙවි ඒ දිහා බලා ගෙන හිටියා.මට ඒ පන්නරය ලැබුනේ වයස අවුරුදු දෙකෙදි.1977 ජයග්‍රහණය කරපු කණ්ඩායම ඇවිත් අපේ ගෙවල් ගිනි තියලා විනාශ කෙරුවා. නැවත වතාවක් 2020 දී අපේ ගේ මේ වගේම ගිනි තියලා විනාශ කරලා දැම්මා. එදාට වඩා පියවර ගනනාවත් අද අපි ඉස්සරහට ඇවිත් තියනවා.නිවසක් අහිමි වෙනවා කියන එක සාමන්‍ය දෙයක් විධියටයි මම නම් දකින්නේ.”

නාමල් රාජපක්ෂ,චින්ත අමල් මායාදුන්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද මෙහිදී කථා කළ අතර,තවත් මැති අමතිවරුන් කීප දෙනෙකුම සහභාගි වී සිටියේය.

ජුඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article