Thursday, May 2, 2024

ආරච්චිකට්ටුව – රතඹලාඔයේ වැලි කැපූ පුද්ගලයින් අත්අඩංගුවට

Must read

01 (7)

 

ජුඩ් සමන්ත.

ඇදිරි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේ ආරච්චිකට්ටුව – රතඹලාඔයේ වැලි කැනීම් වල නිරත වූ බව කියන පුද්ගලයින් දෙදෙනෙකු,ඔවුන් සදහා ඔත්තු සේවා සැපයූ අයෙකුව අත්අඩංගුවට ගෙන ඇති ආරච්චිකට්ටුව පොලීසියේ නිලධාරීන් වැලි ප්‍රවාහනය කිරීම සදහා පැමිණ තිබූ ට්‍රෑක්ටර් රථ දෙකක්ද අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය 01 වැනිදා මෙම වැටලීම සිදු කර ඇත.

ආරච්චිකට්ටුව – බෝගමුව ප්‍රදේශයේදී රතඹලාඔයෙන් නීති විරෝධී ලෙස කැලි කැපීම සිදු කරන ලද බවට ලැබුණු තොරතුරක් මත වැටලීම සිදු කර ඇත. වැටලීම සිදු කරන විට රතඹලාඔයේ වැලි කැනීම් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු සහ ඔත්තු බලමින් සිටි එක් අයෙකුව පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. වැලි ප්‍රවාහනය කිරීම සදහා පැමිණ තිබූ ට්‍රෑක්ටර් රථ දෙකක්ද පොලිස් බාරයට ගෙන ඇත.

ආරච්චිකට්ටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුරාධ හේරත්,රථ  වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බණ්ඩාර යන නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර ඇත.


 

ජුඩ් සමන්ත.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article