Friday, May 3, 2024

පාදයෙන් ක්‍රියාත්මක කරන ජල බේසමක් ආරච්චිකට්ටුවේ කාර්මිකයෙක් නිර්මාණය කරයි

Must read

 

01 (8)
පොදු ස්ථාන වල භාවිතා කළ හැකි පාදයෙන් ක්‍රියාත්මක කරන ජල බේසමක් හදුන්වා දීමට හලාවත – ආරච්චිකට්ටුව  ප්‍රදේශයේ කාර්මිකයෙකු සමත්වී ඇත.

වෘත්තීය පුහුණු අධිකාරියේ රත්නපුර දිස්ත්‍රික්කයේ උපදේශකවරයෙකු ලෙස සේවය කරන එච්.එම්.එස්.පී.හේරත් මහතා විසින් මෙම නව ජල බේසම නිෂ්පාදනය කර ඇත. නිවෙස් වල සවි කරන ජල බේසමක් සහ තවත් උපකරණ කීපයක් පමණක් නව නිෂ්පාදනය සදහා භාවිතා කර ඇත.මෙම ජල බේසමේ ජල කරාමය විවෘත කිරීම,අත් සේදීම සදහා අවශ්‍ය සබන් දියර ලබා ගැනීම සහ අත් පිස්නා ඉවත් කිරීම සදහා කසල බදුන විවෘත කිරීම පාදය භාවිතා කිරීමෙන් සිදු කළ හැක.එම උපකරණ ක්‍රියාත්මක කිරීම සදහා කිසිදු විටක තම දෑත් පාවිච්චි නොකිරීම නිසා පොදු ස්ථාන වල මෙන්ම නිවසේද මෙම ජල බේසම භාවිතා කළ හැකි බව හේරත් මහතා කියා සිටී.

නව නිෂ්පාදනය සදහා තමන්ට රුපියල් 5000 ක පමණ මුදලක් පමණක් වැය වූ බවත්,ඒ සදහා අවශ්‍ය අමතර කොටස් සොයා ගැනීම පවතින තත්ත්වය නිසා අසීරු කරුණක් වූ බවද හෙතෙම කියා සිටී. අවශ්‍යය වන්නේ නම් මෙම උපකරණ මීටත් වඩා නවීන ආකාරයට නිෂ්පාදනය කළ හැකි බවත්,තමා තුළ පහල වූ අදහස දියුණු කිරීමට අවශ්‍ය කෙනෙකුට හැකියාව ඇති බවද හේරත් මහතා සදහන්කරයි.

02 (1) 04 (2)

නව ජල බේසම ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් සමන්ත විජේසිංහ මහතා වෙත බාර දීම එම කාර්යාලයේදී 02 වැනිදා දහවල් සිදු කරන ලදි.

එහිදී ප්‍රාදේශීය ලේකම්වරයා කියා සිටියේ මෙම ජල බේසම අපූරු නිෂ්පාදනයක් බවත්,එය දිස්ත්‍රික්කයේ සෙසු රාජ්‍ය ආයතන වෙත ව්‍යාප්ත කිරීමටද අදහස් කර ඇති බවත්ය.


ජුඩ් සමන්ත.

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article