Friday, May 3, 2024

ගම්මානයට ඇතුල් වන සියලූම පුද්ගලයින්ගේ වස්-දොස් අරින මුතුපන්තියේ ගම්වාසීන්

Must read

21 (1)

තම ගම්මානයට ඇතුළු වන සියළුම පුද්ගලයින් සහ වාහන විෂබීජහරණය කිරීමට ආරච්චිකට්ටුව – මුතුපන්තිය ගම්මානයේ  පදිංචිකරුවන් කටයුතු කරති.

හැමිල්ටන් ඇලට සහ මහ මුහුදට වටවී ඇති මුතුපන්තිය ගම්මානය තුළ පදිංචිව සිටින සියළුම දෙනා ධීවරයෝ වෙති.සුළු පිරිසක් ඉස්සන් කර්මාන්තයද සිදු කරති.

පුංචි දූපතක් වන මුතුපන්තිය ගම්මනයේ පවුල් 250 ක් පමණ වාසය කරති.මෙම ගම්මානයට ඇතුළු විය හැක්කේ හැමිල්ටන් අල හරහා ඇති මාර්ගයක් තුළින් පමණි.

තම ගම්මානයට පිවිසෙන ස්ථනයේම මාර්ග බාධයක් යෙදීමට ගම්වාසීන් කටයුතු කර ඇත.මුතුපන්තිය ගමට ඇතුළු වන ඕනෑම කෙනෙකු එම ස්ථානයේ සවි කර ඇති ජල සැපයුමෙන් පිරිසිදු විය යුතුය.ඒ සමගම ක්‍රියාත්මක වන ගමේ තරුණයෝ ඔවුන් පැමිණි වාහනය හෝ යතුරු පැදිය ඩෙටෝල් දියරයෙන් පිරිසිදු කිරීම කරති.

01 (12)15 (1) 04 (3)20

 

12 (1)


ජුඩ් සමන්ත.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article