Friday, May 3, 2024

ආරේ ගුණ නෑරේ – යොවුන් ඡන්දෙටත් කටවුට් බො‍්වේ !

Must read

ජාතික තරුණ සේවා සභාව මගින් මෙහෙයවන 2015 යොවුන් පාර්ලිමේන්තු මැතිවරණය අනිද්දා (07දා) දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී සිදු කිරීමට නියමිතව තිබේ.

උගත්, බුද්ධිමත් සහ පරමාදර්ශී අනාගත නායකයින් මෙරටට බිහිකිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන යොවුන් පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශකිරීමට සුදුසුකම් ලබන්නේ යෞවන සමාජ සාමාජික සාමාජිකාවන් වූ මෙරට ජනගහණයෙන් අතළොස්සකි. කිසිදු ආර්ථික ප්‍රතිලාභයක් හෝ කිසිදු සංවර්ධන ක්‍රියාවලියකට සෘජුව දායකත්වය දිය නොහැකි මෙම යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රී තනතුර මෙරට අනාගත නායකත්වය භාරගැනීම සදහ තරුණ ප්‍රජාව වෙත අත්දැකීම් සහ පුහුණුව ලබාදීම වෙනුවෙන් පමණක් නිර්මාණය කළ තනතුරකි.

නමුත් පහත ජායාරූපවලින් දැක්වෙන්නේ සෙනසුරාදා පැවැත්වෙන යොවුන් පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ වැදිමට නාමයෝජනා ලබා දී සිටින සිටින අපේක්ෂකයෙකුගේ විසින් මේ වන විට වෙන්නප්පුව ප්‍රදේශයේ ආසන්නයේ සවි කර ඇති විශාල ප්‍රමාණයේ කටවුට් දෙකකි.

අතොලොස්සක් වූ යෞවන සමාජ සාමාජිකයන්ගේ ඡන්දය දිනාගැනීම වෙනුවෙන් මෙවැනි සුවිසල් වියදමක් දරා කටවුට් ගැසීමට යොමුවීමෙන් යොවුන් පාර්ලිමේන්තු අපේක්ෂකයන් විසින් මෙලෙස පෙන්නුම්කරමින් සිටින්නේ ඔවුනුත් වත්මන් දේශපාලනඥයින්ගේම අඩි පාරේම ගමන් කරන්නට සූදානම් වන බවද ?

නැතිනම් උණ පුරුකේ දමලාවත් බලු වලි‍ගේ ඇදය නොඇරෙන බවද ?.

එසේත් නැතිනම් ආරේ ගුණ නෑරෙන බවද ?

නයිනමඩම චන්දන ප්‍රනාන්දු

banners-2 banners

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article