Sunday, May 19, 2024

ඇතුන්ගහකොටුවේ මිනිස්සු , ඡන්දෙ නම් ආයෙත් දෙන්නේ නැතිලු !

Must read

දුම්මලසූරිය සිට බරාගෙදර දක්වා මාර්ගයේ ඇතුන්ගහකොටුව සිට යගම්වෙල දක්වා වූ කොටස දිගුකලක් තිස්සේ අබලන්ව තිබීමෙන් පීඩාවට පත් ප‍්‍රදේශවාසීහු එම මාර්ගය හරස්කර, ටයර් පුලුස්සමින් විරෝධතාවක යෙදුණහ.

ඇතුන්ගහකොටුව,යගම්වෙල ඇතුලු ගම්මාන කිහිපයක වෙසෙන ජනතාව මෙම විරෝධතාවයට එක් වී සිටියහ.තාවකාලික පැලැස්තර යොදා සකස් කරන මෙම මාර්ගය දින කිහිපයකට පසුව පෙර පරිදිම අබලන් තත්වයට පත්වන බවත්,මේ හේතුවෙන් ගම්වාසී ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත් වී සිටින බවත් විරෝධතාකරුවෝ කීහ.

මැතිවරණ ආසන්නයේදී ගම්වලට එන දේශපාලනඥයින් විසින් පාර හදන බවට පොරොන්දු මල්ලක් දී පිටවූවාට පසුව යළිත් ගමට එන්නේ තවත් මැතිවරණයක් කැදවූවාට පසුව බවත්,මෙවර නිසි පරිදි මෙම මාර්ගය පිළිසකර කර නොදුනහොත් ඉදිරි මැතිවරණවලදී කිසිදු අපේක්‍ෂකයෙකුට ගමට පැමිණීමට ඉඩ නොතබන බවද ගම්වාසීහු මෙහිදී අවධාරණය කළහ.

මෙම විරෝධතාව හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා මගී ප්‍රවාහන බස් රථ කිහියක ගමන්වාරයන් ප්‍රමාදවීම නිසා පාසැල් සිසුන් ඇතුලු මගීහු පා ගමනින් ගමන්කරනු දැකගත හැකි විය.

පැය 4කට ආසන්න කාලයක් විරෝධතාවයේ යෙදුණු පාර නොහැදෙන්නේ නම් නියත වශයෙන්ම ඉදිරි ඡන්ද වර්ජනය කරන බවට ශපථ කිරීමෙන් පසුව සාමකාමීව විසිරී ගියහ.

කුලියාපිටිය උපේන්ද්‍ර සේරසිංහ Athungahakotuwa_02 Athungahakotuwa_03 Athungahakotuwa_01

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article