Tuesday, May 7, 2024

පොලිසිය වෙනුවෙන් නීතියේ හඩ නැගූ උප පොලිස් පරීක්‍ෂක විජයලත් අවසන් ගමන් යයි.

Must read

කුලියාපිටිය පොලිස් නඩු මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී හදිසි හෘදයාබාධයකින් මියගිය උප පොලිස් පරීක්‍ෂක බන්ධුල විජයලත් මහතාගේ අවසන් කටයුතු පූර්ණ පොලිස් ගෞරව සහිතව කුලියාපිටිය නාගරික ආදාහනාගාරයේදී ඊයේ (07 දා ) පස්වරුවේ සිදුකෙරිණි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව යටතේ වසර ගණනාවක් සේවය කිරීමෙන් අනතුරුව කුලියාපිටිය පොලිස් නඩු මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපතිවරයා ලෙස පත් වී ආ උප පොලිස්පරීක්ෂක බන්ධුල විජයලත් මහතා තම රාජකාරිය නොපිරිහෙලා ඉටු කරන නිලධාරියෙකු ලෙස ප්‍රකටව සිටියේය.පසුගිය සමයේදී කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගැණුනු ආන්දෝලනාත්මක නඩු විභාග සියල්ලේදීම පොලිසිය වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවනු ලැබුවේ බන්ධුල විජයලත් මහතා විසිනි.

සෑම උදෑසනකම නීතිය පිළිබද ලියැවුණු පොත් පරිශීලනය කරමින් සිය දැනුම වර්ධනය කරගැනීමට හුරු වී සිටි බව කියන බන්ධුල විජයලත් මහතාගේ පසුගිය සෙනසුරාදා (05 දා) අලුයම් කාලයේදීත් සුපුරුදු පරිදි නීතිය පිළිබද කෘතියක් කියවමින් සිටි අවස්ථාවේදී ඇති වූ හදිසි හෘදයාබාධයකින් සිය නිවසේදීම ජීවිතක්‍ෂයට පත් වී තිබේ.

කුලියාපිටිය උපේන්ද්‍ර සේරසිංහ

Si_Bandhula_2 Si_Bandula_01 Si_Bandhula_4 Si_Bandhula_4jpg Si_Bandhula_5

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article